LNN SPY

රනිල්,චන්ද්‍රිකා නවයි….ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග කරන්න ජනපතිට නිර්පාක්ෂික වෙන්න,ශ්‍රිලනිප සභාපති කමත් අහිමිවෙන ලකුණු!

Published on: Nov 29, 2017 – පළාත් පාලන මැතිවරණය සදහා මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සදහා කටයුතු කරන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එදා දුන් මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් නිර්පාක්ෂික ජනාධිපතිවරයා ලෙස කටයුතු කලයුතු බවට යෝජනාවක් ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් ගෙන් ඉදිරිපත් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් අදාල ඒකාබද්ධ පෙරමුණ් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේන අතර කවර ආකරයේ පෙරමුණක් ගොඩනැගුවද ඒ හරහ ජාතික ආණ්ඩුවට හානි විය නොහැකි බව ඔහුන්ගේ මතය වි තිබේ.

නව පෙරමුණ සම්බන්ධයෙන් චන්ද්‍රිකා මුලදි දැඩි විරෝධයක් පෙන්නුවද චන්ද්‍රිකා-රනිල් හමුවකින් පසුව ඒ සම්බන්ධයෙන් දැරු දැඩි ප්‍රතිපත්තිය වෙනස් කරගෙන ඇති අතර ඊට අසන්නමතම හේතුව වි ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය වෙනම පක්ෂයකින් පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් විම හරහා නව පක්ෂය පහසුවෙන් සමාජ ගත විමට මගක් ඇති වන බවත් ඒ හරහ ජාතික තලයේ මැතිවරණයකදි එය ප්‍රධාන පක්ෂ වලට දැඩි බලපැමක් එල්ල කල හැකි බවට රනිල් පෙන්වා දිම හරහා බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ.

ඒ හේතුවෙන් මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතු කර ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ලෙස තරග වැදිම සම්බන්ධයෙන් චන්ද්‍රිකා මුලදි දැරු ස්ථාවරය වෙනස් කර පෙරමුණක් ලෙස තරග වදින්නේ නම් ජනාධිපතිවරයා නිර්පාක්ෂික අයෙකු විය යුතු බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට වෙනත් අයෙකු පත්කිරිමට සිදුවන බවද පෙන්වා දී තිබේ.

Top