LNN SPY

රාජපක්ෂ මැර උස්ණය යලිත් කරලියේ… දෙකයි පනහේ ටියුෂන් කාරයන්ටත් ප්‍රභූ උණ වැලදේ…. කළගෙඩිහේනේදි රියදුරුට පහරදුන්නේ ගෝඨාගේ ගෝලයෙක්!

Jul 20, 2019 කළගෙඩිහේන ප්‍රදේශයේදි මාර්ගය ඉස්සර කිරීමට ඉඩ නොදුන්නා යැයි පවසමින් වෑන් රථ රියැදුරෙකුට පහර දුන් ප්‍රභු ආරක්ෂකයා ලෙස පෙනි සිටි පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂගේ ගෝලයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග බවට හඳුනා ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ පිල විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රට පුරා සංවිධානය කරන වෘත්තීයවේදි හමුවන් සංවිධානය කරන්නේ මේ දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තාය.

අදාළ සිදුවීම සිදුවන දිනද ඔහු ඇතුළු පිරිස නුවර වෘත්තීයවේදින් සංවිධානය කිරීමේ කටයුත්තක් සඳහා සහභාගි වෙමින් සිටි බවටද මේ වන විට තොරතුරු ලැබෙමින් පවති.

කෙසේ වෙතත් බලය ලැබීමටද පෙර බලයෙන් මොළය උදුම්වා ගන්නා ඔලමොට්ටලයන් රාජපක්ෂ වන්දි භට්ටයන් බව මේ වන විට උදාහරණ ගණනාවකින් රටට පෙන්වා හමාරය.

කළගෙඩිහේනේදි ද රාජපක්ෂ ඌෂ්ණය හේතුවෙන් තුවක්කුව ඇද තර්ජනය කරමින් හැසිරෙන අන්දම දුටු විට සිහිවන්නේ ගෝඨාභය රාජපක්ෂ නිකම්ම නිකන් සිවිල් වැසියෙකු වන කළ මෙසේ හැසිරේ නම් වැරදිලා හෝ ජනාධිපති වුවහොත් මේ පිරිස කෙසේ හැසිරෙනු ඇත්ද යන්නයි.

එදාට රජ කළ මෙන් මොවුන් පාරේ යන විට ජනතාවට කාණුවට බසින්නට අනිවාර්යයෙන්ම සිදු වනු ඇත. නීතියට මෙම පිරිස කාගේ කවුද යන්න අදාළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ඊයේ (19) පැවසුවා මෙන් මොවුනට නීතිය ක්‍රියාත්මක වනු ඇත්දැයි අපි බලා සිටිමු.

Top