LNN SPY

රූපවාහිනිය මස්තබාල්දු කල ඉනෝකාට රතු නිවේදන …. කොලේ ඉරාගෙන ඇඟේ හලා නොගෙන දැන්වත් ගෙදර යනු…

Jul 7, 2019 – සිය දුර්වල පාලනය හේතුවෙන් ජාතික රූපවාහිනිය විනාශ මුඛයට ක්‍රමයෙන් ඇද දමමින් සිටින ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී හට සිය ගෞරවය රැකගෙන ඉල්ලා අස් වෙන ලෙස ජනමාධ්‍ය  අමාත්‍ය රුවන් විජේවර්ධන ඉල්ලා තිබෙනවා.

සභාපතිනිය විසින් එම තීරණය ගනු නොලබන්නේ නම් ඇයව එම ධූරයෙන් ඉවත් කිරීමට තමාට සිදු වන බවද ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ජාතික රූපවාහිනිය වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ 2019 ජූනි මස 26 වෙනි දින ජාතික රූපවාහිනියේ සිදු කළ නිල සංචාරයේදි ඉනෝකාගේ පාලනය විසින් ජාතික රූපවාහිනිය වෙත කර ඇති ව්‍යසනය පිළිබඳව තමා කම්පා වූ බවත් සංචාරයෙන් පසුව ඇය විසින් නිදහසට කරුණු දක්වා ඉදිරිපත් කළ ලිපිය මගින් එම කළකිරීම උග්‍ර වූ බවත් ය.

මීට පෙර අප විසින් අනාවරණය කළ පරිදි 37 වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ට මැයි මාසය වෙනුවෙන් ලැබිය යුතු වැටුප අහිමි වුණා.පසුගිය 24 වැනි දින සේවක වැටුප් ගෙවිය යුතු වුවද රූපවාහිනී සංස්ථාව මුහුණ දී ඇති දරුණු මූල්‍ය අර්බුදය හමුවේ වැටුප ගෙවීමට පාලනාධිකාරියට හැකි වී නැත. අවසන් වරට රූපවාහිණි සේවකයින්ට වැටුප් ගෙවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ 11 වන දාය. සාමාන්‍යෙයන් මැයි මස වැටුප මැයි මාසයේ 20 දා වනවිට බොහෝ රාජ්‍ය ආයතනවල ගෙවනු ලබන නමුත් රූපවාහිනී සංස්ථාවේ වැටුප් ගෙවන දිනය ලෙස 24 යොදා ඇති අතර අදාල දින වැටුප් ගෙවීමට සභාපතිණිය හෝ අධ්‍යක්ෂ ජනරාල් සමත් වී නැත.

මීට අමතරව අමාත්‍යවරයා විසින් එවන්නට යෙදුණු ලිපියෙන් අනාවරණය වූයේ සිරිත් පරිදි රූපවාහිනිය මගින් අප්‍රේල් මාසයේදි ලබා දෙන රෙදි පිලි ණය වන රුපියල් 20000ද මේ වසරේ ලබා දීමට රූපවාහිනි පරිපාලනය අසමත්ව ඇති බවයි.

මේ හේතුවෙන් සේවකයින් 1000ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්ව අසරණව සිටිති. සේවකයින් තමන් පුද්ගලිකව ගෙවීමට ඇති ණය මුදල් අදාල බැංකු වෙත ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් තව තවත් අසරණව ඇති බව ඔවූහු පවසති.

ජාතික රූපවාහිනිය දරුණු බිද වැටීමකට ලක්ව වැටුප් ගෙවා ගැනීමට නොහැකි වන තැනට පත්වන බව මීට වසරකට පමණ පෙර සිට එම ආයතනයේ වෘත්තීය සමිති එකමුතුව විසින් පාලනාධිකාරිය වෙත දිගින් දිගටම කරුණු පෙන්වා දුන් බව මේ පිළිබඳව අදහස් දැක්වු එහි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

එම කාලයේ පැවති තත්වය සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය විසින්ද කරුණු අනාවරණය කරමින් ප්‍රවෘත්ති පල කරන ලදී.නමුත් තමුන් පෙන්වා දුන් කරුණු කිසිවක් කෙරෙහී වත්මන් සභාපතිණිය හෝ අධ්‍යකෂ ජනරාල් අවධානය යොමු නොකර අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව ද ප්‍රකාශකයා සදහන් කළේය. මේ වනවිට ලංකා බැංකුවේ ටොරිංග්ටන් ශාඛාව වෙත පමනක් රුපියල් මිලියන 260ට අධික ණයක් සංස්ථාව ගෙවීමට ඇති අතර මෙවර වැටුප් ගෙවීම සදහා රුපියල් මිලියන 62ක් අවශ්‍ය බව ද වාර්තා වේ.

ඊට අමතරව මාස කිහිපයකින් සංස්ථාව විසින් ගෙවිය යුතු වැට් බදු, සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම්, කුලී ගෙවීම්, රක්ෂණ වාරික, අනෙකුත් බදු මුදල් ඇතුළු සියළු සාමාන්‍ය ගෙවීම් පවා සිදු කර නැති බව අනාවරණය වේ. එමෙන්ම මේ වනවිට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබා දෙන උපදෙස් පවා නොතකා පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කරන බව අමාත්‍යාංශයේ ඉහළම නිළධාරියෙකු අප සමග පැවසීය.

කෙසේවෙතත් අමාත්‍යවරයා විසින් එවා ඇති ලිපිය ලැබීමෙන් පසුව සිය සමීපතමයන් කිහිපදෙනෙක් හා සාකච්ඡා කරමින් සිය නිර්දෝෂිභාවය පෙන්වා දෙන පිටු ගණනාවක ලිපියක් ජනාධිපති වෙත යොමු කිරීමට මේ වන වි ඉනෝකා සත්‍යාංගනී නිර්ලජ්ජිත අයුරින් ක්‍රියා කරමින් සිටින බවත් ඒ සඳහා වන ලිපිය අප මෙම පුවත පළ කරන අවස්ථාව වන විටද සකස් කර්මින් සිටින බවත් වාර්තා වෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ජාතික රූපවාහිනිය වෙත යොමු කළ ලිපිය පහත වේ,

Top