Political

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට තොරතුරු දුන් අයෙකුට ජර්මනියේදි සිරදඬුවම්… වරදකරු හිටපු LTTE බුද්ධි අංශයේ සාමාජිකයෙක්!

Published on: Jan 21, 2020- ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා (Lakshman Kadirgamar) ඝාතනය කිරිමට අවශ්‍ය අතිශය වැදගත් තොරතුරු ලබාදුන් LTTE හා සම්බන්ධ ව සිටි ශ්‍රී ලාංකිකයෙකුට ජර්මානු අධිකරණය විසින් වරදකරු කරනු ලැබුවා.

ස්ටුට්ගාර්ට් (Stuttgart) හි ප්‍රාදේශීය අධිකරණය නිගමනය කළේ විත්තිකරු ලක්ෂ්මන් කදිරගාමර් සිටින ස්ථානය පිළිබඳව දෙමළ කොටි බෙදුම්වාදී කණ්ඩායමේ සාමාජිකයින්ට උපදෙස් දී ඇති බවයි.

වැරදිකරු 2012 දී වසරේදි ජර්මනියේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කළ විත්තිකරු දෙමළ කොටින්ගේ බුද්ධි අංශයේ සාමාජිකයෙකු බව අධිකරණය හමුවේ අනාවරණය වුනා. ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ අධිකරණය ඔහුට වසර 6 ක සහ මාස 10 ක සිර දඩුවමක් නියම කළ බවයි

ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1994 සිට 2001 දක්වා සහ 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ලදී.

Top