LNN SPY

වැඩි ඡන්දයෙන් සජිත් නායකත්වයට! රනිල් ඇතුලු වික්‍රමසිංහ කල්ලිය පැනයයි… 65න් 52ක් සජිත්ට කැමත්ත දෙයි…

Published on: Jan 16, 2020- එක්සත් ජාතික පක්ෂ නායකත්වය සදහා සජිත් ප්‍රේමදාස මහතා තොරා ගැනිම සදහා බහුතරයකගේ කැමත්ත අද පලවුනා.සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද සවස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර එහිදි පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවට යෝජනාවක් ඉදිරිපත් වු අතර එහිදි ඡන්ද විමසිමක් අවශ්‍ය බව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තින්දු කල අතර ඒ සමගම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ඔහුගේ කණ්ඩායම එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සජිත් නව නායකයා ලෙස ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිදුකල ඡන්ද විමසීමේදී සජිත් ප්‍රේමදාසට ඡන්ද 52 ක් හිමිවුනා.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම 65 දෙනෙකුගෙන් සමන්විතයි.

පක්ෂ නායක්තවය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකිවීම නිසා අද යලි රැස්විමට තින්දු කල අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා නොකර වෙනත් වැල් වටාරම් කියවිමට රනිල් ගත් උත්සහය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නොසන්සුන්තාවයට පත්කිරිමට සමත් වු අතර පසුව නායකත්වය සදහා ඡන්දයක් තැබිමට ඡන්දයක් පැවැත්වු අතර එයට බහුතරය හිමිවිම අනුව මෙම ඡන්ද විමසිම සිදුකරන ලදී.

ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට හිතවත් වජිර අබේවර්ධන, සංදීප් සමරසිංහ, සාගල රත්නායක, විජේපාල හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, පාලිත රංගබණ්ඩාර, කේ. කේ. පියදාස, සිරිනාත ද මෙල් ඡන්දය නොදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු කණ්ඩායමේ මෙම තින්දුව පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් අනුමතකිරිම සහ සම්මේලනය කැදවිම ඇතුලු නීතිමය කරුණු රැසක් සම්පූර්ණ කරන තුරු නායකත්වය සජිත්ට හිමි නොවනු ඇත.

Loading…

Top