Featured

විභාග හොරා කෑ ආණ්ඩු කන ව්‍යවස්ථා ඔස්තාර් තීරු බදු රහිත වාහනය හොරෙන්ම විකුණන් කාලා…

යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔස්තාර්ලා හා කෙළිකාරයන් ලෙස පෙනී සිටින ව්‍යවස්ථා විශාරද ජයම්පති වික‍්‍රමරත්න විභාග හොරකමට දෙවැනි නොවන මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වු තීරු බදු රහිත තම වාහනය රහසේම විකුණා දමා ඇති බව අනාවරණ වි තිබේ.

දූෂණ විරෝධියෙකු ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්‍ෂය පත්කළ මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන අතර අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාර්ලිමේන්තු ලේකම් වරයා ලෙසද කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු සහනය යටතේ ඔහු 2017 පෙබරවාරි 13 දින ටොයෝටා ලෑන්ඩ් කෲෂර් රථයක් මෙරටට ගෙන්වා ඇත. ඒ බෙස්ට් එයාර් පුද්ගලික සමාගම (Best Air Service PVT LTD) හරහා රුපියල් 95,27, 562.50 ක වටිනාකමකටය.

ඒ වෙනුවෙන් රුපියල් 31, 774,450 ක බදු සහනයක් ඔහුට හිමිව තිබේන අතර පසුව 2017 ජූනි 14 වන දින ලියාපදිංචි කෙරුණු මෙම වාහනය 2017 අගෝස්තු මස 22 වන දින යාඩින් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමට(Yaden International PVT LTD) පවරා දි තිබේ.

ජනාධිපතිවරයාගේ ඇස්වලට වැලිගසා බෙදුම්වාදීන් සමග කරට අතදමාගෙන සිටින ජයම්පති රට දකඩ කිරිම සදහා දතකන බෙදුම්වාදී දෙමළ ජාතික සංධානයේ කාමරයට වී හැදු බියකරු ව්‍යවස්ථා ලියවිල්ල මේ දිනවල අවතාර මෙන් රඟන අතරතුර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු සහනයද විකුණා කමින් සිටින්නේ කිසිදු විලිලැජ්ජාවල්කින් තොරවය.

ජයම්පති වික්‍රමරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධි පාඨමාලාවේ අවසන් වසරේ (1972) විභාගයට පෙනී සිටීයදි විශ්ව විද්‍යාලයෙන් තහනම් කරනු පසුව නෙරපූ අයෙකු බව අප මිට පෙරද හෙළි කරන ලදී.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට වඩා වැඩ කරයකුයි සිතා සිටින, ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක සහ සිරිසේනගේ දූෂණ විමර්ශනය කරන විශේෂ කොමිසමේ සාමාජිකයෙක්ද වන ජයම්පති වික්‍රමරත්න මෙලෙස විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි ශ්‍රී ලංකික ජනතාවට පැහැදිලි කිරීම පෙරට වැඩ ඉතාමත් වැදගත්ව ඇත්තේ මෙම පුද්ගලායා අප රටේ අනාගතය තීරණය කරන ක්‍රියාදාමයකට දායකත්වය ලබා දෙන බැවින්ය.

‘අපේ රට’ විසින් සොයාගෙන ඇති කරුණු අනුව ජයම්පති වික්‍රමරත්න නිත්‍යානුකුල නොවන ක්‍රම මගින් අවසාන විභාගය පවත්වන්නට ප්‍රථම ප්‍රශ්න පත්‍ර වංචනික අකාරයෙන් පිටකිරීම බලධරයන්ට අසු වීම නිසා විශ්ව විද්‍යාලයෙන් නෙරපූ බවය. යහපාලන රෙජිමයට අවශ්‍යනම් මේ ගැන වැඩිදුර විස්තර මොහුගේ සමකාලීනයෙක් වන ඇමති රජිත සේනාරත්නගෙන් දැනගත හැකිය.

මොහුගේ ජීව දත්ත (CV) වාර්තාවේ පේරාදෙණියේ අවුරුදු 4ක කාලයක් අධ්‍යාපනය සදහා යොදවපු කාලය සම්පුර්ණ කාලයම මකා දමා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් එලියට ඇද දැමුණු පසු ඔහු නීති විද්‍යාලයට ඇතුළු වි ඇත . මොහු ගැන දන්නෝ දැන් අසන්නේ, නීති විද්‍යාලයේදීත් එම වංචනික ක්‍රියා දිගටම සිදු කළාද? විභාගයට පෙර මුදල් දී ප්‍රශ්න පත්‍ර මිලදී ගත්තාද යන්නයි.

වංචනික ක්‍රියා නිසා ජාතියේ ඉහලම අධ්‍යාපන ආයතනයෙන් තහනම් කරන ලද මෙවැනි පුද්ගලයෙකු රටක අනාගතය විසදන කොමිසමක සේවය කිරීමට දීම හෝ අඩු තරමින් රජයේ තනතුරක්වත් ලැබීමට සුදුස්සෙකුද? ඊටත් වඩා ඔහුට නීතිඥයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ හැරිය හැකිද? මේ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේද? එසේ නැතහොත් සියල්ලම යට ගසා නීතිඥයෙකු ලෙස ලෙස කටයුතු කර නීති ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට ඉඩ හරිනු ලැබුවේ කෙසේද?

Top