All

ශවේන්ද්‍ර,ගෝඨා අතර සීතල යුද්ධය ඇරඹෙයි! ඊළඟ ජනපති සටනට ඥානක්කාගේ තුරුම්පුව!

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගනිමින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායම දැඩි ලෙස කැළබිමට ලක්ව සිටින බව LNN දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාධිපතිධුරයෙන් නික්ම යෑම අද (මැයි 26) නිවේදනය කළ අතර ඊයේ (31) කළ සමුගැනීමේ කතාව සිදු කරන ලදි.සේවා දිගුවක සිටින ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුදහමුදාපති ධුරෙන් නික්මයන්නේ ඔහුට ලබන දෙසැම්බර් මාසය දක්වා ධුරයේ රැඳී සිටීමට තිබියදීය.

දිගු කලක් යුද හමුදාපතිධුරය දැරූ ඔහු එම ධුරයෙන් නික්මයෑමෙන් අනතුරුව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ ය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින ධුරයෙන් නික්ම යනු ඇත. අනතුරුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

ඔහු විශ්‍රාම ගැනීමේ කතාවේදී කර තිබෙන පහත ප්‍රකාශය ජනපති ඇතුලු කණ්ඩායම දැඩි ලෙස අවධානය යොමුකර තිබේන බවයි වාර්තා වන්නේ.එම ප්‍රකාශය හරහා හමුදාපති සහ ජනපති ඇතුලු ආණ්ඩුව අතර පැවැති මෙන්ම සමාජ ජාලා තුල කතාබහට ලක්වු අර්බුදය මතුපිටට පැමිනී බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.

“මගේ සේවා කාලය තුළ කිසි විටෙකත් සැක සහිත හැසිරීම්, නැමෙන සුලු පෞර්ශයන් හෝ අවිනිශ්චිත භාවයන් කිසිදා තිබුනේ නැහැ. යුධ හමුදාපතිවරයා වශයෙන් අභියෝගාත්මක අවස්තාවලදී රටේ ජනතාව අපෙන් බලාපොරොත්තුවන සේවය ලබාදීටම හෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ අභිමානය සහ ප්‍රතිරූපය කිසිවිටෙකත් පලුදු කිරීමට මා ඉඩ තැබුවේ නැහැ.” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

ශවේන්ද්‍ර ගෙදර යැවු ප්‍රබල හේතු ….

ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධය උත්සන්න විමත් සමග එය මර්දණය කිරිම සදහා ජනාධිපතිවරයා හමුදාපතිවරයාගෙන් සහය පැතු නමුත් එය ප්‍රමාණවත් අකාරයට නොලැබුන බව ට පසුගිය දිනවල ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ගෙන් මතුවු කරුණක් වන අතර කෙසේවෙතත් ජනපති සහ ශ්‍රවේන්ද්‍ර අතර ගැටුමට ආසන්නතම හේතුව වුයේ වෙන එකක් බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ රටේ අර්බුද මධ්‍යයේ හමුදාපතිවරයා ලෙස ඇමරිකානු තානාපතිනිය හමුවිමයි. අදාළ හමුව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ දක්වා අනාවරණය වි නොමැත. අනෙක් ප්‍රබල චෝදනාව වී ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට ආරක්ෂාව සැපයීමට ක්‍රියා නොකිරීමය.

මේ අතර ජනපතිගේ හිත දිනාගෙන සිටි පොලොන්නරුවේ මිත්‍යාදුෂ්ටික කාන්තාවක වන ඥානක්කා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සමග කල ප්‍රකාශයක් හේතුවෙන්ද ජනපති කිපිමට ප්‍රධාන හේතුව බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් හරහා මෑණියන් දුන් උපදේස් පිළිනොගත් බවත් ඒ හේතුවෙන් මෙම තත්ත්වය අත් වු බවත් ඥානක්කා, ශවේන්ද්‍රට පවසා තිබේ. පසුගිය 9 වැනිදා ඇතිවු අර්බුදකාරී තත්ත්වය හමුවේ ඥානක්කාට අයත් දෙපළ වලට ජනතාව ගිනී තැබිමෙන් පසුව ශවේන්ද්‍ර හමුවු අවස්ථාවේ ඈය මේ බව පවසා තිබේ.

“මයේ පුතා වගේ නෙවේ ජනාධිපතිතුමා කියන දේ ඇහුවේ නෑ … එකයි මේ හැමදේකටම මුල..”

2009 වසරේ 4 වන ඊළාම් යුද්ධය යුධමය වශයෙන් පරාජය කිරිමට නායකත්වය දුන් වත්මන් ෆිල්ඩ් මාෂල්, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාද එම වසරේ අගභාගයේදී කල ප්‍රකාශයක් හේතුවෙන් එවකට ජනපති මහින්ද රාජපක්ෂ මෙන්ම වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ෆොන්සේකාට එලවා එලවා පහර දුන්නා.

“ජනතාව ඉල්ලා සිටින්නේ නම් තමන් දුෂිත පවුල් පාලනයට එරෙහිව සටන් කරනවා ” යනුවෙන් ෆොන්සේකා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කල අතර 2010 වසරේ ජනාධිපතිවරණයටද ඔහු තරග කරන ලදි. අවසානයේ ඔහු එම මැතිවරණයෙන් පරාජය විමත් සමග සිරගත විමට පවා සිදුවිය.

ඊළඟ ජනාධිපතිවරණයකදි බොහෝදුරට ජනපති අපේක්ෂකයන් අතර ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සිටිය හැකි බවයි LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. එය ඥානක්කාගේද බලාපොරොත්තුව වනවාට කිසිම සැකයක් නැත. අතරමග හමුවු ගෝඨාභයට වඩා කුඩාකල සිටි හදාගත් ශවේන්ද්‍ර ඈයටද හොද මඟක් වනු නියතය.

කතාව ඉවර නැත.


Top