යුද්ධ හමුදාවේ සේවය කළ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ආනන්දියන් දෙදෙනෙකු අතර යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් ගැටුමක් නිර්මාණය කිරීම සබැඳිව නවතම තොරතුරු රැසක් අනාවරණයව ඇත. කනකිස්කන මෙම අනාවරණය මහනායක ,නායක ස්වාමීන් වහන්සේලාගේ, බලධාරීන්ගේ සහ ආදී ආනන්දියන්ගේ අවධානය සඳහාය.
මැල්කම් රංජිත්ගේ අතීතය සහ ආනන්දයේ යුධ දායකත්වය…
මැල්කම් රංජිත් හිමිපාණන් අද කාදිනල්ය. කොටි ත්‍රස්තවාදීන් වරෙක වැළඳ ගත්තෝය. ඔවුන්ගේ පරාජය අභිමුවේ යාඥා කොට කඳුළු සැළුවෝය.
අවසන් සටනට නායකත්වය ලබා දුන් මහමුදුනෝ ගෝඨාභය, සරත් ෆොන්සේකා, කමල් ගුණරත්න,ජගත් ඩයස්, චාගි ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා ජගත් අල්විස් ආදි ආනන්දියෝය. මහේෂ් සේනානායක ද ආනන්දයෙන් බිහිව යුද්ධ හමුදාපති ධුරය දැරුවෝය.
යුද ජයග්‍රහණය යුද හමුදාවේ ආනන්දීයත් සහ ආනන්දය මැල්කම් රංජිත් කාදිනල්ට අරහන්ය.
කාදිනල්ගේ කැමැත්ත….
සුදුසුකම් සැපිරූවන් සිටියදී ලසන්ත රොද්‍රිගු යුද්ධ හමුදාපති ධුරයට පත් කරනු ලබන්නේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඒකායන ඉල්ලීම පරිදිය. තවද කතෝලික සුදුස්සෙකු සිටියදී කාදිනල් විසින් රොද්‍රිගු නිර්දේශ කිරීම, නුසුදුස්සා පත් කිරීම ප්‍රශ්න සහගත සැක උපදවන්නකි. ඔවුන් දෙදෙනා අතර ගිවිසගත් පරිදි මෙතුල, සැඟවුණු න්‍යාය පත්‍රයන් බොහෝය. මෙම තත්කාලීන සිදුවීම ඒ බව මොනවට කියාපාන්නේද
යුද්ධ හමුදාවට කළු පැල්ලමක් එක් කළ රොද්‍රිගූ……
ශ්‍රී ලංකා යුද හමුදාවෙහි බෞද්ධ යුද්ධ හමුදා නිලධාරීන් සහ සාමාජිකයින් බොහොමයක් අද සිටිනුයේ දැඩි කලකිරීමකිනි.රොද්‍රිගූ හමුදාපති ධුරයෙහි වැඩ ඇරඹුවේම බෞද්ධ නිලධාරින් රැසකගේ හමුදා අනාගතය අඳුරු කරමින් බව සාක්ෂි ඇතුව පෙන්වා දිය හැක.
76 වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙතෙක් බිහි වූ කෲර, දූෂිත, අදම සහ අධූරදර්ශී යුද්ධ හමුදාපතිවරයා රොද්‍රිගූය. ඔහු විකුම් ලියනගේද පරයා ගොස් අවසන්ය.
හිටපු යුද්ධ හමුදාපති විකුම්ට එරෙහිව දූෂණ චෝදනා පමණි.රොද්‍රිගු මිනීමැරුම් චෝදනා එල්ල වූ තැනැත්තකි.රොද්‍රිගුගේ ගැබ් දියණියගේ පෙම්වත් සෙබලා මරා දැමුවේ රොද්‍රිගු විසිනි. සෙබලා නිර්වස්ත්‍රව වලදැමීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දැලෙන් රිංගවා දියණිය රට ඇරිය රොද්‍රිගු ශානිටත් ඇරියේය.
එක ගලයි කුරුල්ලෝ දෙන්නයි…
හමුදාපති රොද්‍රිගූගේ දූෂණ චෝදනා සබැඳිව මෑතකාලීනව ජනාධිපතිවරයා සහ බලධාරීන්ට දැනුවත් කළෝ බොහෝය. එකෙකු ආනන්දයේ ආදි සිසුවෙකි. එම චෝදනා සබැඳිව සමාජ කතිකාවත වෙනත් දිශානතියකට යොමු කිරීමට රොද්‍රිගු සැලසුම් කළෝය.එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කිරීමට පිඹුරු පත් සකස් කළ රොද්‍රිගු හිරිකිතයකින් පිළිකුලකින් තොරව ජනතා බදු මුදලින් වැටුප් ලබන යුද හමුදා සාමාජිකයින් සහ රාජ්‍ය දේපළ අවභාවිතාවට ලක් කර යුද්ධ හමුදා බුද්ධි අංශ ලවා කොළඹ ආනන්ද විද්‍යාලය පසුබිම් කර මඩ ප්‍රහාර දියත් කරන්නට කළෝය.
එරෙහි වූ ආනන්දියන්ට තිත්ත කුණුහරප ප්‍රතිචාර…
ගෙදර ගිනි පිටට නොදී හමුදාපති රොද්‍රිගූට එල්ල වන චෝදනා සහ හමුදාව තුළ ගැටලු හමුදාව තුළම විසඳගත යුතු පසුබිමක පාසල අවභාවිතාවට ලක් කිරීම සබැඳිව අදහස් දැක්වූ බොහෝ ආනන්දයන්ට ජනතා තිත්ත කුණුහරුපයෙන් ප්‍රතිචාර දැක්වූ ජනතා බදු මුදලින් වැටුප් ලබන හමුදාපතිගේ බුද්ධි බලකා සාමාජිකයන් දිගින් දිගටම විරුද්ධ මතධාරීන්ට ප්‍රහාර එල්ල කළෝය.
මෙවැන්නක් සැඟවුණු න්‍යාය පත්‍රයන්හි අනිවාර්ය එකඟතාවයන් ලෙස පෙන්වා දිය හැක. කතෝලික යුද්ධ හමුදාපතිවරයා මෙලෙස තම දූෂණ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන්නට එරෙහිව මට අවලාද නැගීමට බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලය පසුබිම් කර ගැනීම අතිශය පිළිකුල් සහගතය. භයානකය. අනාගතය පිළිබඳ අඳුරු පෙරවදනකි.
රාජ්‍ය දේපල මානව සම්පත් අවභාවිතාව හා රොද්‍රිගූගේ ඉරණම….
මෙම ප්‍රචාරණ ප්‍රවර්ධනයන් සියල්ල විගණනය කළ නොහැකි බුද්ධි අරමුදල් අවභාවිතාවට ලක්කර සිදුවන්නකි.නිර්නාමික ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි යොදා ගනිමින් රාජ්‍ය දේපළ සහ මානව සම්පත් අවභාවිතාවට ලක්කර මෙවැනි නිර්ලජ්ජිත ප්‍රයත්නයක රටේ උත්තරීතර යුද්ධ හමුදාව යෙදවීම සබැඳිව යුද්ධ හමුදාපතිට විරුද්ධ යුධ අධිකරණයක හෝ වෙනත් සිවිල් අධිකරණයක චෝදනා ගොනු කළ යුතුය.
ජනාධිපතිගේ අවධානයට…..
ත්‍රිවිධ හමුදාව ඔබ යටතේය.නොදැක්කා නෑසුණාසේ සිටීම නුසුදුසුය.එසේ කිරීම වගකීම් පැහැර හැරීමකි. අවභාවිතා වනුයේ ඔබ යටතේ ඇති රාජ්‍ය දේපළ හා මානව සම්පත්ය. වගකිවයුත්තා ඔබේ හමුදාපතිය. පරීක්ෂණ සිදු කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ.
