LNN SPY

සජිත් -සිරිසේන යළි ඩිල් එකක…….. රනිල්ට බෑ කියා සිරිසේන සමග භාරකාර ආණ්ඩු හැදිමේ සුදානමක්!

May 18, 2019  – එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරයට පත් කරමින් නව භාරකාර ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සැළසුම් කරමින් සිටිනවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බව සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස යටතේ මෙම භාරකාර ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සැළසුම් කරන බවයි වාර්තා වන්නේ.

මෙම භාරකාර ආණ්ඩුව යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර හිමිවීමට සියල්ල සුදානම් කර ඇති බවත් වාර්තා වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂ ප්‍රභලයෙක් පවසා සිටියේ ජනාධිපතිගේ මෙම යට්කූට්ටු වැඩය ගැන ආරංචි ලැබුණද නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් නිහඬ බවයි. එසේම ලබන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකධූරය සජිත් ප්‍රේමදාසට නොලැබෙන බැවින් නියෝජ්‍ය නායකවරයා සමහර විට ජනාධිපතිගේ යෝජනාවට කැමති වීමටද ඉඩ ඇති බවයි ඔහු පවසා සිටියේ.

එසේම බලයේ තවදුරටත් සිටීමට කැමති ජනාධිපති සිරිසේන ද මැතිවරණ කල් දමමින් හෝ බලයේ සිටීමට තීරණය කොට ඇති වාතාවරණයක ඉදිරි මැතිවරණයකදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව සැක පල කරන මන්ත්‍රිවරුන්ගේ සහය ද මෙම භාරකාර ආණ්ඩුවට ලබා ගැනීමට ජනාධිපතිවරයා සැළසුම් කොට ඇති බවත් එම එජාප ප්‍රභලයා සඳහන් කළා.

Top