LNN SPY

ස්විස් තානාපති සේවිකාවගේ කට උත්තරයෙන් ආණ්ඩුව අමාරුවේ… සුදුවැන් කල්ලිය කලබල වෙයි… වරද පටවන්න ගිහින් වැඩේ ඇනගනී… රාජපක්ෂලාගේ ස්විස් ෆැරෑන්ක් මිලියන් 640ක් ගැනත් අනාවරණයක්

Published on: Dec 10, 2019- පසුගිය 25 වැනිදා ගෝඨාභයගේ සුදුවෑන් කල්ලිය විසින් පැහැරගනු ලැබු ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාව වන ගානියා සිල්වෙස්ටර් ෆ්‍රැන්සිස් ලබාදුන් සාක්ෂි හේතුවෙන් ආණ්ඩුව බරපතල අවුලකට මුහුණ දි සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

අද ( 10) දිනයෙත්  ස්විස් තානාපති කාර්යාල සේවිකාව CIDයට කැදවා තිබු අතර ඇය පැය හතරක දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කළා.දිගින් දිගටම ඇයගෙන් ප්‍රශ්ණ කරමින් රහස් පොලිසිය උත්සහ දරා ඇත්තේ පලමු ප්‍රකාශයේ සහ අද ප්‍රකාශ වල පරස්පරතා සොයා ගැනිමට වුවත් එම උත්සහයන් සියල්ලම අසාර්ථක වි තිබේ.

පලමු දිනයේදි ඇය විසින් පැහැර ගැනිමට සම්බන්ධ සාක්ෂිමය සටහන් රැසක්ද ලබාදිමට සමත්වු අතර එහිදි ඇය පැහැර ගැනිමට ලක්කල අයගෙන් එක් අයෙකුගේ රූපය ඇදිම සදහා රජයේ චිත්‍ර ශිල්පීයා ලබාදෙන ලෙසට කල ඉල්ලිම මේ දක්වා ඉටුකිරිමට රහස් පොලිසිය අසමත් වි තිබේ.

මේ වනවිට අදාල සේවිකාව පැහැර ගැනිමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මැදිහත් වි ඇති බව තහවුරු වි ඇති අතර ඒ හේතුව නිසාම පරික්ෂණ වෙනතකට යොමුකිරිම සදහා විවිධ උපක්‍රම ගෝඨාභය කල්ලිය යොදවමින් සිටි.එ සදහා ගෝඨාභයගේ කක්කුස්සී මාධ්‍ය නාලික දෙක වන හිරූ සහ දෙරණ මෙන්ම මහා මංකොල්ලයන් රැසකට සම්බන්ධ ටිරාන් අලස්ගේ පාදධ “මවුබිම” පුවත් පත මෙන්ම ණයට කහින රාජ්‍ය නාලිකා සියල්ලමද යොදා ගනිමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන ස්විස් තානාපති කාර්යාලය ඒ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් රටවල් දැනුවත් කිරිමටද කටයුතු කර තිබේ.

මේ අතර රජය අදාල පැහැර ගැනිම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුනොකර සාක්ෂිකාරිය භීතියට පත්කිරිමට ගන්නා උත්සහය එරෙහිව මේ වනවිට ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා රජයට එරෙහිව පරික්ෂණ මෙහෙයවමින් සිටින අතර මේ වනවිට රාජපක්ෂලා සතුව ස්විස් ගිණුම් වල ඇති මුදල් සම්බන්ධයෙන් පරික්ෂණද ආරම්භ කර තිබේ.රාජපක්ෂ පවුලේ මහින්ද,නාමල් සහ ගෝඨාභය රාජපක්ෂට ස්විස් බැංකු ගිණුම් 4ක් ඇති අතර එහි තැන්පත් කර ඇති මුදල ස්විස් ෆැරෑන්ක්(swiss franc) මිලියන් 640ක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ස්විට්සර්ලන්ත ජාතික බැංකුවල මුදල් තැන්පත් කිරිම සදහා අවශ්‍ය මුලික අවශ්‍යතා සැපිරිමෙන් පසුව සිදුකල හැකි නමුත් එම රටේ නීතියට අනුව ඔනෑම් වෙලාවක ස්විට්සර්ලන්ත රජයට එම මුදල් සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට හැකියාවක් පවති.

http://lankanewsnetwork.org/archives/21889

http://lankanewsnetwork.org/archives/21736

 

Top