Featured

සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරවා දමා…මාස 16ක්….මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි…

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර වු කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල යහපාලනයෙ දැවැන්තම කුමන්ත්‍රණය දියත් කර මාස 16 කට අධික කාලයක් ගතවි ඇති මොහොතක සමාන්‍යකරණය කිරිමේ න්‍යායා යොදවමින් ජනතාවට එය අමතක කරමින් සිටින අතරතුර ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කණ්ඩායම මෙන්ම රට වෙනුවෙන් පස් කා මැරෙන්නට උනත් සුදානම් මහා දේශ්‍රප්‍රේමිහුද සලාව පුපුරුවා හැරිම ඉදිරියේ තවමත් නිරුත්තර වි සිටි.

මාස 16ක් තමන්ගේ අහිමිවු දේපල වෙනුවෙන් හඩ නගන අහිංසක ජනතාව  අවසානයේ නීතියේ සරණ පතන්නට වු අතර ඒ අනුව සාලාව ජනතාව ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් පීඩාවට පත් හා මෙතෙක් ගැටළු නොවිසදුනු ජනතාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව ඊයේ දින (30) කැඳවූ අතර එම නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. එම සලකා බැලීමේ තීරණය දෙනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා, ව්ජිත මලල්ගොඩ යන ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ශාන්ත ජයවර්ධන, සුනිල් වටගල, චාමර නානායක්කාරවසම් යන නීතීඥයින් පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥ රජිව් ගුණතිලක මහතා පෙනී සිටින ලදි.

අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවූයේ මාස 16 කට අුධික කාලයක් පුපුරායාම සිදු වී ගත වී ඇතත් 450 ක පමණ ජනතාවගේ ගැටළු නොවිසදීම නිසා මූලික අයිතිවාසිකම් කඩවීම හේතුවෙනි. මෙම සිදුවීම ස්වභාවික ආපදාවක් නොවන බවත් රජයේ පාර්ශවයෙන් සිදුවූ වැරුද්දක් බැවින් පීඩාවට පත් කිසිදු කෙනෙකුට අසාධාරණයක් නොවන අන්දමින් ගැටළු විසඳන ලෙස ජනාධිපතිවරයා 2016 ජූනි මසදී නියෝග කලත් පිරිසකගේ ගැටළු පිලිගත හැකි ආකාරයෙන් නොවිසඳී තිබීම ගැටළු සහගතය.

ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පිලිබඳ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ පිපිරීමෙන් හානි වූ නිවාස පිලිගත් තාක්ෂණික ක‍්‍රමවේදයක් මගින් අධ්‍යනය කිරීමකින් තොරව මතුපිට පෙනෙන හානියට පමනක් වන්දි තීරණය කිරීම, විනශ වූ ගෘහස්ථ හා ව්‍යාපාරික භාන්ඩ සඳහා වන්දි කප්පාදු කිරීමෙන් හානිවූ භාන්ඩ සඳහා නිසි වන්දියක් නොලැබීම, හානි වූ රථ වාහන සඳහා මෙ දක්වා කිසිදු මුදලක් නොගෙවීම, මාස 16 ක් තිස්සේ ජීවන වෘත්තිය අහිමිව ඇති ව්‍යාපාරකයින් සඳහා වන්දි නොගෙවීම ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව රජයේ වග උත්තරකරුවන් වෙත 2017 අපේ‍්‍රල් මස නිකුත් කල අතුරු වර්ථාවේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කරන ලෙස වගඋත්තර කරුවන්ට නියෝග කරන ලෙස මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, අපාදා කළමනාකරණ, මුදල් හා ආරකෂක යන අමාත්‍යංශ ලේකම්වරුන්, යුධහමුුදාපතිවරයා, ප‍්‍රධාන තක්සේරු නිළධාරි, කොළඔ දිස්ත‍්‍රීක් ලේකම් හා අතිරේක දිස්ත‍්‍රීක් ලේකම් වරයා ඇතුළු 13 දෙනෙකු නම් කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන අවස්ථාවේදී රජයේ නීතීඥවරයා ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර සලකා නොබැලිය යුතු පෙත්සමක් ලෙස නිෂ්ප‍්‍රභා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ගැටළු පොදු ජනතාවගේ ගැටළු වන බැවින් එය සලකා බැලිය යුතු පෙත්සමක් බව විනිසුරු මඩුල්ල පෙන්වා දෙන ලදි . පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කලේ ඒ සම්බන්දයෙන් විරෝධතා ඇත්නම් 2018 මැයි 11 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසය.මෙම නඩුව 2018 මැයි 11 වන දින යළි කැඳවීමට තීරණය කරන ලදි.

නමුත්ඒ හරහා ලැබෙනුයේ සාලාව පුපුරුවා දැමිමෙන් අවතැන් වු ජනතාවගේ බලාපොරොත්තු පමණී.නමුත් තිස් වසරක සාපරාධි යුද්ධයකින් රට ගලවාගත් රටේ රණවිරුවන් පැතු සාධාරණ ඉටු නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ……අපි මේ උත්සහ දරන්නේ මාස 16කට පසුව ඔබට අමතක වී ගිය සත්‍ය යලිත් මතක් කර දිමටය….

මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X”  අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට  නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X”  සමත්වූ බවයි.

 සම්පූර්ණ කතාව පහලින් කියවන්න….

http://198.211.112.164/archives/11950

Top