Breaking
23 Feb 2025, Sun

අප්‍රේල් මස 30 වනදායින් පසුව රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්! පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත වන හැටි!

Published on: May 19, 2020- මාර්තු මස 02 වැනි දා ජනාධිපතිවරයා විසින් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත ජුනි මස 02 වන දා ට පෙර රැස්විය යුතු බවත් එසේ රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත වන බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.

ජූනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද අවසන් කලයුතුව තිබුනද එය හෙට (20) පෙරවරු 10 .00 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරුණේ ඊයේ(18) දිනයේදියි.

සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනකට වැඩි කාලයක් එය යළි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බවත් එවැනී අවස්ථාවක විසුරුවා හරින ලද පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක තත්ත්වයට පත්වන බව ද නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමි වන්නේ අප්‍රේල් මස 30 වනදා දක්වා පමණක් බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතා කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිඥ ප්‍රනාන්දු මහතා පෙන්වා දුන් අතර ඒ අනුව අප්‍රේල් මස 30 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් වන බවද පෙන්වා දුන්නා.

පෙත්සම් කැදවූ අවස්ථාවේ පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥ විරාන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක නොඉක්මවන කාලසීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි.

ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවන දා ට පෙර රැස්කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව ද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නේය.

පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) පෙරවරුවේ 10.00ට දෙවන දිනයේත් ආරම්භ වූයේ 501 ⁣දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ මීටරය දුර පරතරය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විවෘත අධිකරණය හමුවේ අසුන් ගැනිමද සිදුවුනා.

අප කල අනාවරණයන්…..


http://lankanewsnetwork.org/archives/24289

http://lankanewsnetwork.org/archives/24277

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.