LNN SPY

අයියා – මල්ලි එකට ගැටේ…. ආරක්ෂක අමාත්‍යංශ බේරා ගන්න මල්ලි අධිකරණයට… රටේ හොදම ආයතන 31ක් ආරක්ෂක අමාත්‍යංශයට !

Published on: Dec 13, 2019 – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනිමත් එම අමාත්‍යාංශය යටතට රටේ ඉහලම ආයතන පවරා ගැනිමත් හේතුවෙන් රාජපක්ෂ කදවුරේ හටගත් අර්බුදය අධිකරණය දක්වා ගමන් කරමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

රාජපක්ෂ පාලනයේ පළමු දෙදරිම ආරම්භ කරමින් දිවුරුම් දි පැය කිහිපයක් ගතවිමට පෙර අයියාගෙන් අහන්න අයියාගෙන් අහන්න් යනුවෙන් තැන තැන කිසිවක් නොකියා හොරෙකු මෙන් සගවා ගෙන සිටි තමන්ගේ බල කෑදරකම ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ආවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන්ගේ බත් ගොට්ටෙකු වන කමල් ගුණරතන පත්කිරිම හරහාය.

අයියාට දැන් Sorry තමා… ගෝඨා ආරක්ෂක අමාත්‍යංශය අතට ගනී…. කිව්වා වගේම කමල් ආරක්ෂක ලේකම්!(Published on: Nov 18, 2019) අදාල පුවත් පහතින් කියවන්න…

ඒ අනුව පසුගියදා අමාත්‍ය මණ්ඩලය පත්කිරිමෙන් අනතුරුව නව රජයේ ඇමැතිවරුන්ට අයත් අමාත්‍යංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් (10) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කල අතර එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත් ආරක්ෂක අමාත්‍යංශයට ආයතන 31ක් ඇතුලත් කර තිබුනා. (එම ආයතන සියල්ලම පහතින් දක්වා ඇත.)

ඒ අනුව මහින්ද රාජපක්ෂ කදවුරෙන් දිගින් දිගටම ආරක්ෂක අමාත්‍යාංශය පවරා ගැනිමත් ඒ යටතට ආයතන පවර ගැනිමත් සම්බන්ධයෙන් ගෝඨාට එරෙහිව චොදනා එල්ල වු අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරිමට නොහැකිව තිබේන බවද එම කදවුර පෙන්වා දි තිබේ.මහින්දගේ කදවුරේ හොරු රැසකට සිය මෙහෙයුම් දියත් කිරිමට තිබු සියලුම ආයතන මේ වනවිට මහින්දට අහිමි ව් තිබේ.

19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නමුත් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නා වශයෙන් කටයුතු කරන අතර  මීට අමතරව යුද්ධය හා සාමය ප්‍රකාශයට පත් කිරීමේ බලතල පවතින්නේද විධායක ජනාධිපතිවරයාටය.

19 ය අහෝසි කිරිම සම්බන්ධයෙන් මහින්ද සහ ගෝඨා අතර පැවැති ශීතල යුද්ධය මේ වනවිට අමු අමුවේ එලියට පැමිණ ඇති අතර තත්ත්වය එසේ පවතිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමැතිවරයෙකුට පැවරීම ගැටළු සහගත හෙයින් හා 19 වැනි සංශෝධනයේ අපහැදිලි තත්වයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය නීතිපතිවරයාට දැනුම් දි තිබේ.

19 වෙනි සංශෝධනය අනුව මෙතෙක් කල් ජනාධිපතිවරයා සතුව පැවති ආරක්ෂක අමාත්‍යංශය නව ජනාධිපතිවරයා පත් වීම සමඟ පාර්ලිමේන්තුව යටතට පැමිණෙන බැවින් ඒ සදහා අමාත්‍යවරයෙකු පත්කල යුතු බවත් එම අමාත්‍යාංශය මහින්ද රාජපක්ෂ යටතට ලැබෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය තබ සිටියා.

http://lankanewsnetwork.org/archives/21595

ජනපති ගෝඨාට ආයතන 31ක්,

 

Top