Breaking
23 Feb 2025, Sun

අරියාලෙයි තරුණයාගේ ඝාතනය හමුදාව පිට පැටවිමේ කුමන්ත්‍රණයක්!…ඝාතනයට සම්බන්ධ වාහනයක් සොයා රහස් පොලිසිය නාවික හමුදා කඳවුරකට පනී!

පසුගියිදා 22 වැනිද යාපනය අරියාලෙයි ප්‍රදේශයේ උදයපුරම් හි දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි 24 හැවිරිදි දොන් බොස්කෝ රිච්මන්ඩ් නැමති දමිළ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරිමට අදාළ වාහනයක් සොයා යාපනයේ මන්ඩතීවු නාවික හමුදා කඳවුරකට හදිසියේම රහස් පොලිසියේ නිළධාරින් ඇතුලු එක්සත් ජාතින්ගේ සංවිධානයේ යේ යැයි කියාගත් අයෙකු අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත හදිසි සෝදිසියක් සිදුකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

තරුණයා ඝාතනය වු අවස්ථාවේදි ගමන් ගත් වාහනයක් මන්ඩතීවු නාවික හමුදා කඳවුර වෙත ගිය බවට ලද තොරතුරු මත කඳවුර පරික්ෂා කිරීමට රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට අනුව යාපනය මහේස්ත්‍රාත් අවසරයෙන් කොළඹ සිට යාපනයට ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් 26 බ්‍රහස්පතින්දා රාත්‍රියේ නාවික හමුදා කඳවුර ලක් කර තිබේ.එම අවස්ථාවට යාපනයේ ස්වේච්ඡා සේවයේ යෙදි සිටින එක්සත් ජාතින්ගේ නියෝජිතයෙකුද සහභාගි වි තිබේ.

අදාළ වෙඩි තැබිම ධිවරයෙකු විසින් දැක ඇති බවත් ඒ අනුව වෙඩි තැබිමට පැමිණි වාහනය මන්ඩතීවු නාවික හමුදා කඳවුර වෙත ගිය බවද සදහන් කරමින් යුධ හමුදාවට පදනම් විරහිත චොදනාවක් පොලිස් මුලස්ථානයටද යොමුකර තිබේ.

සිංහල හමුදා බුද්ධි අංශ (Mullaiththeevu)මුලතිව් හි අන්තවාදි ලෙස ක්‍රියාත්මක වන බවත් පසුගිය මාස 2ක කාලය තුල සොරකම, ලිංගික හිරිහැර සහ දිස්ත්‍රික්කය තුල මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරිම සදහාද සියුම් මෙහෙයුමක් දියත් කර තිබේන බව පසුගියිදා යාපනයේ සංචාරය කළ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ. ඩී ගරිෆ් (Pablo de Greiff)ට විශේෂ වාර්තාවක් උතුරේ ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විසින් ලබාදි ඇති අතර එහිදි ගරිෆ් සදහන් කර ඇත්තේ සාක්ෂී නොමැති වාර්තා සම්බන්ධයෙන් බලපෑම් කිරිමට තම සංවිධානයට නොහැකි බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින සිංහල හමුදා මගින් තමන්ට දැඩි බලපෑම් එල්ල වන බවත් දිස්ත්‍රික්කය තුල සිවිල් වැසියන් දෙදෙනෙකු සඳහා එක් සොල්දාදුවෙකු සිටින බවද අනාවරණය කර තිබේ.වෙඩි තබා ඝාතනය කරන ලද  24 හැවිරිදි දොන් බොස්කෝ නැමත්තාද ධීවරයෙකු වන අතර එවැනි අයෙකු මහමග වෙඩි තබා ඝාතනය කිරිමට හමුදාවට අවශ්‍යතාවක් නොමැති බව ඉතා පැහැදිලිය.

ඒ අනුව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ. ඩී ගරිෆ් යාපනයේ සංචාරය කර සතියක් යන්නට මත්තෙන් මේ අකාරයේ අහිංසක නිරායුධ ද්‍රවිධ වැසියෙකු ඝාතනය කිරිම හරහා උතුරේ හමුදා ඉවත් කර ගැනිමට සහ යුධ හමුදාවට එරෙහිව යුධ අපරාධ සාක්ෂි රැස් කිරිමේ කොටි ඩයස්පොරාවේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බවයි.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.