Breaking
24 Feb 2025, Mon

අස්ගිරි -මල්වතු ප්‍රකාශය පරමාණු බෝම්බයක්! ව්‍යවස්ථාව එපා!කිම ශ්‍රීලනිප මතයද? ජනපති නිහඬවෙයි…අගමැති පුපුරයි…

යහපාලන ආණ්ඩුවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව කල ප්‍රකාශය “ව්‍යවස්ථාවට මහනායක හිමියන් විරුද්ධයි” යනුවෙන් පුවත් පත් වල සහ ඇතැම් විද්යුත් මාධ්‍ය හරහා පලවිමත් සමග යක්ෂාරූධ වුවෙකු ලෙස අග්‍රාමාත්‍යවරයා හැසිරිමට හේතු වි ඇත්තේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන්ගෙන් දුරකතනයෙන් කල විමසිමකදි ලබාදුන් පිළිතුරක් හේතුවෙන් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව කල ප්‍රකාශ සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගිය 16 දින සිට විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව සිටින ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගෙන් දුරකතනයෙන් කල විමසීමේදී….”අගමැතිතුමා අලුත් ව්‍යවස්ථාවකට කැමති උනාට ජනාධිපතිතුමාගේ කැමත්තක් නෑනේ..”යනුවෙන් පවසා තිබේ.

අගමැතිවරයා එම ප්‍රකාශය හමුවේ කිසිවක් නොකියාම නිහඩ වි ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කිරිමට කටයුතු කරන බව පමණක් සදහන් කර තිබේ.

මිට අමතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන්  අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන්ගේ විමසිමට අගමැතිවරයා අකමැත්ත පලකර ඇති අතර “එයාගෙන් අහලා වැඩක් නෑ …” යනුවෙන් පවසා තිබේ.

පසුව පාර්ලිම්න්තු සංකීර්ණයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා ජාතික පුවත්පත් වලට දරුණු ලෙස පහර දුන්නා.

“යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව ඔබතුමන්ලා චෝදනා කළා. එහෙත් ජනතාව නොමග යවන්නේ කවුරුන්ද? මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සඳහන් කරමින්,
නාහිමියන්ගේ ඡායාරූපයද සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රවෘත්ති පළකර තිබෙන බව මම අද උදේ දුටුවා.ඒ පිළිබදව විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දී, එවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියා. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍ය තුළ පළවන්නේ කෙසේද?”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි උන්වහන්සේ සදහන් කර ඇත්තේ අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව රැස්විම සදහා මහානායක හිමියන්ගේ අවසරය අත්‍යන්තයෙන්ම තිබිය යුතු බවත් ඊට අමතරව අස්ගිරි මල්වතු සංඝ සභා නිකුත් කළ ප්‍රකාශය සිදුකළේ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් වහන්සේලාගේ අනුදැනුම මත බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි අස්ගිරි මල්වතු හිමිවරුන් විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවද උන්වහන්සේ අවධාරණය කර තිබේ.මිට අමතරව යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු හිමිවරුන්ගෙන් වාර්තා ගත් බවට ලාල් විජේනායකයන් කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බවද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කර තිබේ.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාවේ ප්‍රකාශය පිළිබඳව ජනපති නිහඩයි…

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාවේ ප්‍රකාශය හමුවේ අගමැතිවරය යක්ෂාරූධ වි කෑ ගැසුවද මේ දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර ඒ හේතුවෙන් අගමැතිවරයා සහ ජනධිපතිවරයා අතර සිතල යුද්ධයක් ඇතිවි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

එම මතය තහවුරු කරමින් අද (20) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමීන් වහන්සේලාගේ මතයට සමාන වන බවයි.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව කළ ප්‍රකාශය, එනම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අවශ්‍ය නැතැයි යන ප්‍රකාශය තමන්ගේ ද මතය පමණක් නොව එය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය බවද ඔහු සදහන් කර තිබේ.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාවේ ප්‍රකාශය මාධ්‍ය හරහා  අස්ගිරි -මල්වතු ප්‍රකාශයක් ලෙස පුවත් පත් වල සහ මාධ්‍යවල ප්‍රධාන පුවත් ලෙස පලකිරිමේ මෙහෙයුම පසුපස ජනාධිපතිවරයාට ලගදි සමිපවු අයෙකු දියත් කල සාර්ථක මෙහෙයුමක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ලගදිම.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.