Breaking
23 Feb 2025, Sun

ආණ්ඩුව අසමත්! පෙට්‍රල් රුපියල් 40කින්,ඩීසල් රුපියල් 50කින්, භූමිතෙල් රුපියල් 80කින් ඉහල යන හැටි…

Published on: Jan 3, 2020- ජනතාවට දැරිය නොහැකි මට්ටමකින් ඉහළ යමින් පවතින එළවලු මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුවට කිසිදු හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.මාධ්‍ය හමුවකට් එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ වත්මන් ආණ්ඩුවේ දුෂණ-වංචා ඉහල යමින් තිබේන බවත් ඒ හේතුවෙන් වෙසක් උත්සව සමය වනවිට පෙට්‍රල් රුපියල් 40කින්,ඩීසල් රුපියල් 50කින්, භූමිතෙල් රුපියල් 80කින් පමණ ඉහල යනු ඇති බවයි.

මහමැතිවරණය ඉලක්කර කරගනිමින් මේ ආණ්ඩුව ගෙන යන රැවටිලිකාරී ප්‍රතිපත්තිය හේතුවෙන් මැයි මාසය පමණ වනවිට ඉන්ධන මිල ද විශාල වශයෙන් ඉහළ යා හැකි බවටයි ඒ මහතා අනතුරු හඟවා සිටියේ.

“අද දවසේ නාරාහේන්පිට පොළේ බොංචි රුපියල් 480යි, කැරට් 480යි, ලීක්ස් 480යි, බීට් 480යි, අමුමිරිස් රුපියල් 500යි, වැටකොළු රුපියල් 300යි, බණ්ඩක්කා 300යි, පිපිඤ්ඤා රුපියල් 180යි, පතෝල රුපියල් 300යි. මං හිතන්නෙ පතෝල 300ට ගිය යුගයක් මේක ! දඹල රුපියල් 240යි. මොකද දැන් සමහර ඒවා ගණන් නම් පතෝල කන්න කියනවානෙ. දැන් පතෝල කන්න පුළුවන්.

එතකොට මහජනතාව විශාල අසීරුවකට මුහුණදිය යුතුව තියෙනවා ඉදිරි මාස කිහිපය තුළ. දැන් ඉතිරි වංචාව සම්පූර්ණ කිරීම සඳහා රජය සැරසෙනවා අපට පේනවා. ඒක තමයි පාර්ලිමේන්තු නිසි බලයක් නොමැති නිසා මේ ටික කරගත නොහැකි බැවින් නිසි බලයක් ලබාදෙන්න කියන ඉල්ලීම ඉල්ලමින් මාස දෙකක් ජනතාව රවට්ටලා ඉවර වෙලා නියත වශයෙන්ම වෙසක් කාලේ වෙනකොට පෙට්‍රල් රුපියල් 40කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඩීසල් රුපියල් 50කින් විතර වැඩි කරන්න තිබෙනවා. භූමිතෙල් රුපියල් 80කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඊටත් වැඩිවෙයි.මේක තමයි මහජනතාවට උරුම කරන්න යන භයානක ආර්ථික ව්‍යාපාරය”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.