LNN SPY

ආරක්ෂක ලේකම් නීතිය පාස් කලේ අත උස්සලාද? අතිරේක ලේකම්වරු දවසින් භාගයක් දොරලග හිටගෙන…. ආරක්ෂක ලේකම් සමඟ අතිරේක ලේකම්වරු ගැටෙති..

Published on: Jun 20, 2018 – ආරක්ෂක අමාතයාංශය අයත් වන්නේ ජනාධිපතිවරයාට වන අතර, මෙම අමාතයංශයේ අතිරේක ලේකම්වරු 5 දෙනෙකි, ආරක්ෂක/පාලන/පාර්ලිමේන්තු කටයුතු/සිවිල් ආරක්ෂක/ඉංජිනේරු වශයෙනි. මෙම අතිරේක ලේකම්වරු තමන්ගේ විෂය පතයට අනුව ලේකම්වරයාට වග කියති. ඒ අනුව කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම් ලෙස සේවය කළ අවධියේදි මෙම අතිරේක ලේකම්වරුන් කෙරෙහි විශ්වාසය තැබූ අතර, ඔවුන්ව ආරක්ෂා කරමින් එකම අමාතයංශයක් ලෙස සේවය කරන ලදි.

සාමානය පරිපාලන තන්ත්‍රය තුල ඉහළ නිලධාරියා, පහළ නිලධාරියා විශ්වාස කිරීමත්, ආරක්ෂා කිරීමත් සිදුවන අතර, පහළ නිලධාරියා එම විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කරයි. ඒ නිසාම තමන්ගේ විෂය පථයට අදාළ ලිපි/ඉල්ලීම් ආදිය ජනාධිපතිවරයාට, අමාතයංශවලට, ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වැනි ආයතන ප්‍රධානීන්ට රාජය සේවා කොමිෂන් සභාවලට හා දෙපාර්තමේන්තුවලට ආරක්ෂක ලේකම්ගේ අත්සනින් යවනු ලබයි. තමන් යටතේ සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 4 දෙනෙක් හා ඉංජිනේරුවරයෙකුගෙන් සමන්විත වුවද ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න තනතුරේ රාජකාරි භාරගෙන දැනට මාස 11ක් ( රාජකාරි භාරගනු ලැබූවේ 2017.07.04 දිනය) වන නමුත්, තම අමාතයංශයේ කිසිම නිලධාරියෙකු කෙරෙහි අද දිනය දක්වා මෙම ලේකම්වරයා විශ්වාසය තබා නැත. එබැවින් ආරක්ෂක අමාතයංශයේ සියලුම අතිරේක ලේකම්වරු, ජෙයෂ්ඨ සහකාර ලේකම්වරු, සහකාර ලේකම්වරු හා අධයක්ෂවරුන් සියලු දෙනා දැඩි කළකිරීමකට පත්ව ඇත.

මෙයට අමතරව මෙම ආරක්ෂක ලේකම්වරයා ලවා තම ලිපි ගොනුවකට අත්සනක් හෝ අනුමැතියක් ලබා ගැනීමට ලේකම් කාර්යාලයේ දොරකඩ ළඟ අතිරේක ලේකම්වරයෙකුට රාජකාරි පැය 8න් පැය 3ක් හෝ 4ක් (දවසෙන් භාගයක්) නිකන් බලා සිටිය යුතු වීම දැන් අමාතයංශයේ සුලබ දසුනක් වී ඇත. එසේ සිටියද ලේකම්වරයාගෙන් කැඳවීමක් ලැබෙන්නේ නැත. එවිට ආපසු හැරී යා යුතුය. මේ ආකාරයෙන් පසුගිය වසර පුරාවටම ආරක්ෂක අමාතයංශයේ රාජකාරි සියල්ල අඩපණ වී ඇත.

ආරක්ෂක ලේකම්වරයා දිනපතා රාජකාරි සඳහා පැමිණෙන්නේ පෙරවරු 10 පසු වීය. එය උසාවියේ පුරුද්දය. පෙරවරු 10 පසු වී ඇවිත් මල් පූජා කර බුදුන් වැඳ සියල්ල සිදුකර හමාර වනවිට පෙරවරු 11:00 පමණ වේ. 11න් පසුව රාජකාරි ආරම්භ කළත් ඔහු කරන්නේ මේසය උඩ ඇති ලිපිගොනු ඉතා පරිස්සෙමින් පැය 2ක් හෝ 3ක් අධීක්ෂණය කිරීමය. අතිරේක ලේකම්වරයෙකු පැමිණියද ඔහුට කාර්යාලයට පැමිණ කරුණු පැහැදිලි කිරීමට ඉඩ ලබා නොදෙන්නේ අවිශ්වාසය නිසාය.

ආරක්ෂක ලේකම්වරයා පැමිණ මාස 11ක් පමණ වන නමුත් ඔහුගේ නිලධාරීන් නුරුස්සන ගතිය හා විශ්වාසයක් නොමැති වීම වැනි අදක්ෂ පරිපාලන ස්වභාවයන් නිසා දිගින් දිගටම අමාතයාංශයේ ලිපි ලේඛන, ජනාධිපති ලේකම් කාර්යාලයට අග්‍රාමාතය කාර්යාලයට, අමාතයාංශවලට යැවීම ඉතා තදබල ලෙස ප්‍රමාද වී ඇත. මෙය ඉතා තදබල ලෙස බළපා ඇත්තේ ජනාධිපතිටය. ජනාධිපති කාර්යාලයට යා යුතු ලිපි විශේෂයෙන් කැබිනට් පත්‍රිකා, පර්යේෂණ හා රාජය ආරක්ෂක කටයුතු වලට අදාළ ලිපි ඉතාමත් ප්‍රමාදය. මේ හේතූන් නිසා ආරක්ෂක අමාතයාංශය තුල දැඩි කළකිරීමක් ඇති අතර, පසුගිය සතියේ (12 වනදා) මෙම තත්වය පහදා දීමට අතිරේක ලේකම්වරුන් 4 දෙනෙකු (ආරක්ෂක/පාලන/පාර්ලිමේන්තු/සිවිල්) ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසීමට ගොස් ඇති අතර, එහිදී අතිරේක ලේකම්වරු හා ලේකම්වරයා සමඟ රාජකාරි කිරීමට ඇති නොහැකියාව, විශ්වාසය නොමැතිකම, ආරක්ෂා නොකිරීම හා නිර්නාමික ලිපි ඍජුවම අල්ලස් කොමිසමට යැවීම පිළිබඳව කරුණු දැක්වූ නමුත් ආරක්ෂක ලේකම්ගේ දඩබ්බරකම, නොහැකියාව හා නොහික්මුණු බව හේතුවෙන් අතිරේක ලේකම්වරුන් 4 දෙනාවම තම කාර්යාලයෙන් පන්නා දමා ඔවුනට දැඩි ලෙස නොසරුප් අයුරෙන් දෝෂාරෝපණය කරමින් ජනාධිපතිට දන්වා වහාම මෙම අතිරේක ලේකම්වරුන් ඉවත් කරන බවට වහසි බස් දොඩා ඇත.

කිසිම අමාතයාංශයක ලේකම්වරයෙකු මෙසේ මෝඩයෙකු ලෙස හැසිරෙන්නේ නැත. වෙනත් අමාතයාංශ ලේකම්වරු තම යටත් නිලධාරීන්ට විශේෂයෙන්ම අතිරේක ලේකම්වරුන් කෙරෙහි විශ්වාසය තබන නමුත් වැඩ බැරි මෙම ලේකම්වරයා ඔහුට වඩා දක්ෂ අතිරේක ලේකම්වරුන් සමඟ දැඩි කෝපයෙන්, ක්‍රෝධයෙන් හා වෛරයෙන් කටයුතු කිරීම තුල ආරක්ෂක අමාතයාංශය ඉදිරියට ගමන් කරයිද යන්න ගැටලුවකි.

මේ ආරක්ෂක ලේකම් ගැන දිගින් දිගටම කොතෙක් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද, විදේශ ගත වීමට ඉතා කැමති, නිතරම විදේශ සංචාරයන් බලා ඉන්නා මෙම ලේකම්වරයාට ජනාධිපතිගේද ආශිර්වාදය ඇත්තේ ජනාධිපතිවරයාටද වැඩ බැරි නිසාය. දෙසතියකට පෙර ජනාධිපතිවරයා ඔහුගේ කාර්ය මණ්ඩළය අමතමින් සිටින විට ඔවුන්ගෙන්ද මෙම ලේකම්වරයා සම්බන්ධව හා ඔහුගේ අකාර්යක්ෂමතාව පිළිබඳව විශාල පැමිණිලි ප්‍රමාණයක් ජනාධිපතිට යොමු කළද ජනාධිපතිවරයා ඒ සියල්ල අහක දමන්නේ තම වැඩ බැරි බව ආරක්ෂක ලේකම් පිටින් හෝ දමාගෙන ජාමේ බේරා ගැනීමට බව තතු දත්තෝ පවසති. අපරාධ නඩු සම්බන්ධ නීතිඥයෙකු ලෙස කටයුතු කළ මෙම වැඩ බැරි ලේකම්ට පරිපාලන නීතිය පිළිබඳව මෙලෝ හසරක දැනුමක් නොමැත. කිසිදු පරිපාලන දැනුමක් නැත්තෙකු මෙසේ රටේ ආරක්ෂක මර්මස්ථානයක් වන ආරක්ෂක ලේකම් ලෙස පත්කර ඇත්තේ රටේ තත්වයද මෙම තත්වයටම පත් කරමිනි. ආරක්ෂක අමාතයාංශයේ අතිරේක ලේකම්වරුන් 4 දෙනාම (ඉංජිනේරු හැර) විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ය. ඒ අතරින් දක්ෂ නිලධාරීන් සිටියද ඔවුන්ව පැත්තකට විසිකර අධිකරණයක මෙන් අමාතයාංශයක කටයුතු කරන මෙම ලේකම්වරයා ඉවත් කරන්නේ කවදාද යන්න පිළිබඳව ගිනි ගනිමින් පවත්නා මුළු මහත් ආරක්ෂක අමාතයාංශයේම නිලධාරීන් බලා සිටියි.

~~ආරක්ෂක පොඩ්ඩා~~

Top