LNN SPY

ඇමති එම්මානුවෙල්ලාගේ හන්තාන ඉඩම් කොල්ලකරුවන්ගෙන් හාමුදුරුවන්ට මැර තර්ජන…මහනායක හිමියන් ජනපතිට යැවු ලිපියත් අතුරුදන්!

Published on: Oct 20, 2017- වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින බව අප මීට කලකට පෙර අනාවරණය කළා.

අදාළ ඉඩම 1987 වර්ෂයේදි එවකට ජනාධිපතිව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා නිවාස අධිකාරියට පවරා දුන් අතර වත්මන් යහපාලනය බලයට පත්විමත් සමග ඉතාමත් කූට ආකරයට එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයකට හොර ඔප්පුවක් සාදා නිවාස අධිකාරියට පවරා දුන් ඉඩමක් පවරා ගැනිමට නෛතීක බලයක් නොමැතිව තිබියදි විශේෂ ගැසට් පත්‍රක් හරහා එම කොටස හොටල් ව්‍යාපෘතියක් සදහා පවරාදිමට කටයුතු කරමින් සිටි.

සුද්දගේ කාලයේ සිට මෙය රක්ෂිතයක් වන අතර  ජේ ආර් ජයවර්දන ජනාධිපතිතුමාගේ කාලයේ මෙය නිවාස වැඩසටහනකට ජනවසමට පවරා ගෙන  එතැන් සිට මෙම ඉඩම හිස්ව තිබු නිසා 2000 වසරේ බුද්ධ ශාසනයට ලබාදි තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න….

එතැන් සිට මහා නාහිමිවරු ප්‍රමුඛ දායකයින් මෙම විහාරය හා භුමිය ඉතා සාර්ථක්කව කරගෙන ගිය අතර එහෙත් 2017 වසරේ අප්‍රේල් මස විශේෂ ගැසට් නිවේදනයකින් හිමි කරුවෙකුට පවරා හෝටල් ව්‍යාපෘතියකට කොටි ගණනකට විකිණීමට කටයුතු යොදවා ඇති අතර මේ වනවිටත් එම ඉඩම් කොල්ලය සදහා අදාළ එජාප ප්‍රභලයා කෝටි ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාදි තිබේ.

අදාළ කොල්ලකරු පසුපස එජාපයේ ප්‍රභල අමාත්‍යවරයෙකුව සිටින ඉඩම්,සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු (වර්තමානයේ ඉඩම් අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත්කර ඇත. ) අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග අදාළ නව ගැසට් පත්‍රය හරහා එම අක්කර 14ක ප්‍රමාණය හොටල් ව්‍යාපෘතිය සදහා වෙන්කර දි ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටියකට අධික කප්පම් මුදලක් ලබාගැනිමට අමතරව සිය පවුලේ සමාජිකයෙකු එම ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු ලෙසද සම්බන්ධ කර තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න….

අදාළ ඉඩම අත්පත් කර ගැනිම සදහා 2017 අප්‍රියෙල් මස 26 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රය හරහා එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයක් පවරා ගැනිමට කටයුතු ලිහිල් කර තිබේන අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රහසේ ගැසට් පත්‍රයට පටහැනිව යමින් අදාළ ඉඩමේ කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් පවරාගෙන වෙනත් අයෙකුට පැවරිමට කටයුතු කිරිම කෙතරම් සදාචාරාත්මක ද යන්න අප මිට පෙර ප්‍රශ්ණ කර සිටියා.

(අදාළ හෝටල් ව්‍යාපෘතිය සදහා හොර ඔප්පු සාදමින් ලබාදි තිබේන ඉඩම් කොටස හන්තාන රක්ෂිතයේ ලස්සනම කොටසට අමතරව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ(Temple of the Tooth) පත්තිරිප්පුව එක එල්ලෙම පෙනෙන ස්ථානයක්ද වනවා.)

2000 වසරේ සිට පවත්වාගෙන ආ විහාරස්ථානය 2017 වසරේ හෝටල් ව්‍යාපෘතියකට විකිණීමට කුට ලේකන සකසා අවසන් කර ඇති එජාප ප්‍රබලයන් මේ වනවිට පන්සලේ හිමිවරුන්ගේ කුටි මර බලයෙන් විනාශ කොට බිය ගන්වා පලවා හැරීමට කටයුතු කරමින් සිටි.

අදාළ ඉඩම කොල්ලය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් මහනායක හිමියන් 2017 07 13 වැනිදා ලිපියක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපකල සොයා බැලිමේදි අනාවරණය වුයේ අදාළ ලිපිය මේ වනතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමුකර නැති බවයි.අදාළ ලිපිය ජනාධිපති කාර්‍යාලයේ සිටින ඉඩම් කොල්ලකරුගෙන් කප්පම් ලබන් අයෙකු විසින් අතුරුදහන් කර ඇති බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න….

හන්තාන ඉඩම් කොල්ලකරුවන්ගේ මැරයන් හිමිවරුන්ගේ කුටි මර බලයෙන් විනාශ කොට බිය ගන්වා පලවා හරින බවට පොලිසියටද පැමිණිලි කර තිබේ.

හොර ඔප්පු සාදමින් ඉඩම් කොල්ලකරුවෝ අල්ලාගත් කොටස …

J.R ජයවර්ධන ජනාධිපතිවරයා නිකුත් කල විශේෂ ගැසට් නිවේදනය 

මහනායක හිමියන් ජනපතිට ලියු ඉඩම් කොල්ලය පිළිබඳව වු ලිපිය…එය ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි හොරා කා ඇත.

ඉඩම්,සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු (වර්තමානයේ ඉඩම් අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත්කර ඇත. ) අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග ඉඩම් කොල්ලයේ කොටස්කරු වු හැටි.

හෝටල් ව්‍යාපෘතිය සදහා අල්ලාගත් අක්කර 14 

Top