LNN SPY

උඩ බලන් හිටියට මැතිවරණ නෑ… ඒකාබද්ධය විනාශ වෙනවා ඊට පස්සේ ඡන්දය තියෙනවා… පළාත් සභා වෙනුවට ජනාධිපතිවරයක් හෝ ජනමත විචාරණයක්

Published on: Aug 20, 2018 – නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපනය කරනතුරු පළාත් සභා සියල්ලෙහි මැතිවරණය කල් දැමිම අවශ්‍ය කටයුතු කරන ලෙස සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අවධාරණය කර තිබේ.

පවතින ක්‍රමවේදයට අනුව මැතිවරණ පැවැත්විම හරහා රටේ ජනතාවගෙ මතය පිළිබිඹු නොවන බවත් සියල්ලටම වඩා පවතින තත්ත්වය යටතේ මැතිවරණයකට ගියහොත් එය ශ්‍රිලනිප පැත්තෙන් බරපතල කඩා වැටිමකට ලක්විය හැකි බවයි ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් හමුවේ මෛත්‍රී ජනපති අවධාරණය කර ඇත්තේ.

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සහ මහින්ද කණ්ඩායම ගෝඨා,බැසිල්,නාමල් ලෙස කෑලි වලට කැඩි ඇති බවත් මැතිවරණයක් නොපැවැත්විම හරහා එම කණ්ඩායම් අතර ගැටුම උග්‍ර අතට හැරෙන බවත් ඒ හරහා ඒකාබද්ධය නියෝජනය කරන කණ්ඩායම් ඉක්මනින්ම යලිත් ශ්‍රිලනිප නායකත්වය යටතට ගැනිම අපහසු නොවන බවයි ජනපති එහිදි පෙන්වා දි ඇත්තේ.

යහපාලන රජය ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගනිමින් ජනමත විචාරණයක් පැවැත්විමට කටයුතු කලයුතු බවට රජයට සම්බන්ධ පක්ෂ නායකයන් රැසක් මේ වනවිට යෝජනා කර තිබේන අතර පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු ජනමත විචාරණයක් කැදවිමට කටයුතු කලයුතු බවත් ඒ හරහාම යලිත් ආණ්ඩුව පවත්වාගෙන යැම සදහා ක්‍රමවේදයක් සකස් කලයුතු බවටද මේ වනවිට යෝජනා වි තිබේ.

මේ අතර 2019 දෙසැම්බර් 31 දා ට පෙර පැවැත්වීමට නියමිත සියලු පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බව පක්ෂ නායකයන් බොහෝමයක ගේ අදහස වි ඇති අතර ලබන වර්ෂය අවසන් වෙද්දී පැවැත්වීමට නියමිත පළාත් සභා සියල්ලෙහි මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පවත්වන ලෙස ලබන 24 දා පැවැත්වෙන සීමානිර්ණ වාර්තාව පිළිබඳ විවාදයේදී පක්ෂ ගණනාවක් ඉල්ලා සිටීමට තීරණය කර තිබේන බව වාර්තා වේ.

මේ වනවිටත් මහින්ද පිළ සමග කටයුතු කරන 16 කණ්ඩායම පැරණි පනතට සංශෝධනයක් ගෙනවිත් මෙම මැතිවරණ පමණක් පැරණි මනාප ක්‍රමයට පවත්වා ඉන් පසු පැවැත්වෙන මැතිවරණ නව ක්‍රමයකට පැවැත්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට යෝජනා කර තිබේ.

ඊට සමගාමිව පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස රජයට බල කරමින් සියලුම පළාත් පාලන ආයතනවල යෝජනාවක් සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ තීරණය කර තිබේන බව එම පක්ෂයේ ප්‍රබලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේන අතර ඒ අනුව මෙම යෝජනාව ලබන සතියේ සිට සියලුම පළාත් පාලන ආයතනවල සම්මත කර ගැනීමට නියමිතව තිබේ.

නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභාවන්හි නිල කාලය ඉකුත් වසරේ අවසන් වූ අතර වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභාවන් හි නිල කාලය ලබන මාසයේ දී අවසන් වේ. දකුණු පළාත් සභාවේ නිල කාලයද ලබන වසරේ මුල අවසන් වීමට නියමිතය.

Top