Breaking
1 Feb 2025, Sat

උතුරේ මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර- දකුණේ මාධ්‍ය නිදීවදී …. හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ …. වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය

Published on: May 30, 2018- යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ මාධ්‍යවේදී සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පසුගියදා එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් නිහඩව සිටිම සහ මාධ්‍ය සංවිධාන ලෙස පෙනී සිටිමින් වත්මන් රජයේ නිළතල දරමින් ආණ්ඩුවේ කුණු බුදින ව්‍යාජය මාධ්‍ය කාරයන් නිහඩ ප්‍රතිපත්තියක් දරමින් සිටින්නේ ඒ පසුපස වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ඉහල නිළධාරි සිටින නිසා බව දැන් තහවුරු වි තිබේ.

මේ අතර සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම සම්බන්ධයෙන්  “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සදහන්ව ඇත්තේ මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය ආවරණ කටයුතුවල නියැලීමේදී උතුරේ දකුණේ කියා භේදයක් නොමැතිව එම වාර්තාකරණය සිදුකිරිමට හැකියාව තිබිය යුතු වන අතරම ඔහුන්ට ආරක්ෂාකාරි පරිසරයක් නිර්මාණය කිරිම ආණ්ඩුවක වගකිමද වන බවයි.

හදුනානොගත් මැර කල්ලි යලිත් මාධ්‍යවේදීන් දඩයමේ …. මාධ්‍යවේදී සෙල්වරාසාට පහරදිම පිළිකුලින් හෙලාදකිමු.

යාපනයේ Kalai kathir,මොනිං රයිස් (Morning rise) පුවත් පතේ සෙල්වරාසා රාජේන්ද්‍රන් නම් මාධ්‍යවේදියාට  හදුනා නොගත් කණ්ඩායමක් මහ මගදි පහරදි ඝාතනය කිරිමට ගත් උත්සහය වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි ලෙස හෙළාදකිමු.

55 වියැති තිදරු පියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පසුගිය 28 වැනිදා උදැසන යතුරු පැදි 5කින් පැමිණි නාදුනන කලු හැදගත් පිරිසක් යාපනයේ, කොළඹ ඩී.ටී. චන්දි හංදිය ලෙස හදුන්වන ප්‍රදේශයේදි මෙම මරණීය පහරදිම සිදුකර තිබෙන බවයි පොලිස් වාර්තා පෙන්වා දී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කරපු පළමුවැනි අවස්ථාව මෙය නොවන අතර ඇතැම් පහරදිම් හේතුවෙන් උතුරේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේම ජීවිත පවා අහිමි විය. එලෙස ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශන ඇණ හිට ඔවුනට සාධාරණය ඉටු නොවු අවස්ථාවක යලිත් එවන් තත්ත්වයක් උදාවිම කණගාටුවට කරුණකි.

මේ වන විට  සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහරදිම පසුපස ‘ආවා’ (Avaa) කල්ලිය සිටින බවට ප්‍රචාරය වෙමින් පවතින අතරම ආවා කල්ලිය වැනි සන්නද්ධ කල්ලි පසුගිය කාලසිමාවේ උතුරේ බිහිවු ආකාරය ආණ්ඩුවට තවමත් සොයා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණකි. එවන් වතාවරණයක් තුළ විවිධ කල්ලි පෙන්වා දෙමින් මර්දනය දියත් කරන කණ්ඩායම් කොටු කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නොවීම එමගින් ගම්‍යමාන වේ.

උතුරේ මාධ්‍යවේදීන්ට මෙලෙස දේශපාලන බලධාරීන්ගේ, මැරයන්ගේ හා පොලීසියේ මෙන්ම ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ අතවරයන්ට ලක්වීම නිරන්තරයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය ආවරණ කටයුතුවල නියැලීමේදී උතුරේ දකුණේ කියා භේදයක් නොමැතිව එම වාර්තාකරණය සිදුකිරිමට හැකියාව තිබිය යුතු වන අතරම ඔහුන්ට ආරක්ෂාකාරි පරිසරයක් නිර්මාණය කිරිම ආණ්ඩුවක වගකිමද වේ.

පසුගියදා කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම පිළිබඳව ද මෙලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවේ අවධානයට යොමුකල අතර මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට පත් වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම් වල ප්‍රමාණත්මකභාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානකම පණිවිඩය දෙස විවෘත මනසකින් යුතුව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියා.

නමුත් එම නිවේදනය පිළිබඳව මෙන්ම එම මැර ප්‍රහාරය පිළිබඳවද ගොළු බීරි ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආණ්ඩුව තවදුරටත් මාධ්‍ය නිදහස වචනයට පමණක් සීමා කොට කටයුතු කිරීම හා ආණ්ඩුවේ වගකිව යුතු නිලධාරින් එවැනි සිදුවීම් සුලුකොට තැකිම අවසන් වන්නේ සෙල්වරාසාට සිදු පහර දීම වැනි සිදුවීම් වලින් හා ඝාතනයන්ගෙන් බව අපි නැවතත් දැඩිව අවධාරණය කර සිටීමට කැමැත්තෙමු.

ජනමාධ්‍යවේදීන්ට නිදහසේ තොරතුරු වාර්තාකරණයට ඇති අයිතියට බාධා කරමින් ඇතැම් කල්ලි හා කණ්ඩායම් ඔවුනට පහර දීම, බියවැද්දීම හා ඝාතනය පිටුපස දේශපාලඥයින් මෙන්ම ඉහළ රාජ්‍ය නිලධාරින් ද සිටින බව ප්‍රසිද්ධ රහසකි.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය නිසිලෙස ආරක්ෂා වන පරිසරයක එවැනි කල්ලි හා කණ්ඩායම් පිටුපස සිටින්නේ කවරෙක් වුවද මාධ්‍යයට මෙන්ම මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි මැදිහත් විමක් සිදුවිම අනිවාර්ය කරුණක් බවට පත් වේ. එසේම පසුගිය කාලසීමාව තුලදි පහරකැමට,ඝාතනයට සහ අතුරුදන් විමට ලක්වු මාධ්‍යවේදීන්ට වහාම සාධාරණයක් ඉටු කිරිමට රජය මැදිහත් විමද නීතිගරුක හා යුක්ති ගරුක සමාජයක ආණ්ඩුවේ වගකීම බවද අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඒ අනුව  “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” මෙලෙස මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකරන අමානුෂික ක්‍රියාවන් වැළැක්වීමට පියවර ගන්නා ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින අතරම එවැනි නිතිවිරෝධි ක්‍රියා සිදුකරන පුද්ගලයන් වහාම නීතියේ රැහනට කොටු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඉල්ලා සිටිමු.

කැදවුම්කරු

දුමිදු දිසානායක

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Moment of WEB Journalist- Sri Lanka

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.