LNN SPY

එක දවසින් ණය ගෙවන්න ආ පල්ලේවත්ත අධිකරණයටත් කොකා පෙන්නලා…. රුපියල් ලක්ෂ 2ක් කප්පමක් අරන් සේවාදායකයා වංචාවකට හසුකරලා

Published on: Jun 4, 2018- රටේ ණය බර එක දිනකින් ගෙවා දැමිය හැකි බව කියමින් 2020 දී ජනාධිපතිවරණයේදි තමන් ජනාධිපති කරන ලෙස ඉල්ලමින් රටේ කුලී වෙබ් කරුවන් සහ මුද්‍රිත මාධ්‍ය සහ ඇතැම් නාලිකා ඔස්සේද පාරම් බෑ ලොව ජයගත් කෝටිපතියෙකු ලෙස හදුන්වන පල්ලේවත්ත ගමරාලලාගේ රොහාන් හෙවත්  රොහාන් පල්ලේවත්ත නැමත්තා විසින් කල වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.

ඒ ගිරිඋල්ල පාර,මිරිගම ලිපිනයේ පදිංචි හේනපිට උඩගේදර වසන්ත රෝහන ජයසිංහ යන අයගෙන් එවකට නීතිඥවරයෙකු ලෙස කටයුතු කල රෝහන් පල්ලේවත්ත තම සේවාදායකයා සම්බන්ධයෙන් වු නඩුවකට අදාළව තහනම් නියෝගය ඉවත් කර නඩුව දිනවන බව පවසමින් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගෙන තිබේ.

පසුව රොහාන් පල්ලේවත්ත නීතිඥයා විසින් තමන්ගෙ සේවාදායකයා රවටා පසුව ඔහුව බරපතල වංචාවකට හසුකර ඇති බවද අගතියට පත් වසන්ත රෝහන ජයසිංහ යන අය දිවුරුම් ප්‍රකාශයක් හරහා අගවිනිසුරුවරයාට දැනුම් දි තිබේ.

පහත දැක්වෙන්නේ 2018ක් වු මාර්තු මස් 29 වැනිදා ලබාදුන් දිවුරුම් පෙත්සමයි..

Top