LNN SPY

එජාපයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 60% පනි…… රට පුරා දැවැන්ත උද්යෝගයක්…… එක්ව ඉදිරියට සජිත් සමඟ ජන රැල්ලක්……

Published on – Nov 16, 2019 @ 12:37  අද (16) උදෑසන 7 ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්දය විමසිමේ දි දහවල් 12 වන විට එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයින් 60%කින් ඉක්මවා ඡන්දය භාවිත කොට තිබෙන බව වාර්තා වෙනවා.

සිරිකොත මූලස්ථානය විසින් පිහිටුවා ඇති විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරිය මේ බව අනාවරණය කොට ගෙන ඇති අතර එය ඉතාම සුවිශේෂී තත්ත්වයක් බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වසර ගණනාවක් පුරා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිට සියළුම මට්ටම් විසින් බලාපොරොත්තු වූ ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට එජාප ඡන්ද දායකයින් අන් මැතිවරණ වල දි දක්නට නොලැබුණු තරමේ උද්යෝගයක් සහිතව ඡන්දය භාවිත කරන බවයි වාර්තා වන්නේ.

සිරිකොත මෙහෙයවන විශේෂ මැතිවරණ මෙහෙයුම් මැදිරිය දිවයින පුරා පිහිටා ඇති ඡන්දය මධ්‍යස්ථාන 12 845 ම ආවරණය වන පරිදි සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර පක්ෂය විසින් මැතිවරණය සඳහාම යෙදවූ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයින් 45,000ක් ද පමණ තම මැතිවරණ රාජකාරු වල නියැලෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන්කළා.

මෙම මැතිවරණයේ දි ඉදිරිපත් ඇති අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් 10 දෙනෙකු සaජුවම සජිත් ප්‍රේමදාස වෙත සහය දැක්වීමට ඉදිරිපත් වීතිබෙනවා.

ඒ අනුව එම අපේක්ෂකයන්ට සෑම මධ්‍යස්ථානයකටම තම නියෝජිතයක් යොදවා ඇති අතර සජිත් වෙනුවෙන් හැකි පමණ ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමට කටයුතු කරමින් සිටි.

දහවල් 12 සිට පස්වරු 5 දක්වා වන පැය කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකයින් ඉතිරි 40% ද ඡන්දය ප්‍රකාශ කරවා සජිත් ප්‍රේමදාස වෙනුවෙ 100% ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කරවා ගැනීම මැතිවරණ මෙහෙයුම් කමිටුවේ අරමුණ වන වන බවත් වාර්තා වේ.

මේ අතර දිවයින් පුරා විසිරි සිටින අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ ඉතිහාසය පුරා කෙදිනක හෝ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය නොකළ ප්‍රදේශ වල පවා එක්සත් ජාතික පාක්ෂිකයින් සිය ඡන්දය භාවිත කිරීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

බොහෝ තරුණ ඡන්ද ප්‍රමාණයක් ද සජිත් ප්‍රේමදාස වෙත පක්ෂව කටයුතු කරන අකාරය ද ඔවුන් නීරීක්ෂණ ය කොට තිබේ.

ඒ අනුව අද හවස 5 වීමට පෙර රටේ සිටින සියළුම එක්සත් ජාතික පාක්ෂිකයින් ද, එක්ව ඉදිරියට යමින් සමාජ විප්ලවයක් සඳහා දායක වීමට කැමති පිරිස් ද, මේ රටේ දූෂණයට වංචාවට, නාස්තියට තිත තැබීමට කැමති ප්‍රගතිශීලි පිරිසද සජිත් වෙනුවෙන්, රට වෙනුවෙන් 100% ක් සිය යුතුකම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

Top