Breaking
24 Feb 2025, Mon

එජාප බල අරගලය උත්සන්න වෙයි….සජිත්,රවී,අකිල වෙන වෙනම කදවුරු බදී…..මෛත්‍රීට මඩ ගහපු අය සොයා රනිල් මෙහෙයුමක..

Published on: Nov 24, 2017 – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය සංචාරය සදහා පිටත්ව ගිය සැනින් ඒජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් යොදවා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරය දියත් කිරිම සම්බන්ධයෙන් වහාම සොයා බලා තමන්ට වාර්තාකරන ලෙස අගමැතිවරයා එජාප මහා ලේකම් කබීර් හෂිම් මහතාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය 23 වැනිදා පක්ෂයේ අවසරයකින් තොරව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපතිවරයා විවේචනය කරමින් විවිධ ප්‍රකාශයන් මාධ්‍යයට නිකුත් කල අතර ඊට සමගාමීව සමාජ ජාලා වෙබ් අඩවි යොදාගනිමින් විවිධ මඩ ප්‍රහාරයන් දියත් කල අතර එම කණ්ඩායම මෙහෙයවිම පසුපස එජාප කැරලි කණ්ඩායම සිටින බවද අනාවරණය වි තිබේ.

බැදුම්කර කොමිසමේ වාර්තාව පැමිණීමට ආසන්න විමත් හොරුන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක ජනාධිපතිවරයා පසුවිමත් හේතුවෙන් ජාතික ආණ්ඩුවේ අර්බුද උත්සන්න විමත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයද වර්ධණය වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව කාලයක් යට ගොස් තිබු ‘ වොටර්ස් එජ් ටීම්’ ලෙස හැඳින්වෙන රනිල් විරෝධී කණ්ඩායමද පසුගියදා හදිසියේම රැස්වි ඇති අතර පැය 2කට පමණක් සිමා වු එම හමුව මේ සතියේ තුලදි නව මුහුණුවරකින් සිය අරගලය දියත් කිරිමට තින්දු කරගෙන තිබේ.

මෙම අභ්‍යන්තර අරගලයේ ප්‍රධානම පාර්ශ්වයන් බවට පත්ව ඇත්තේ රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස වන අතර පසුපෙළ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අඩු වැඩි වශයෙන් මෙම කදවුරු 3නම නියෝජනය කරන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

රනිල් වික්‍රමසිංහ අකිල විරාජ් කාරියවසම් ඉදිරියට ගැනීම පිළිබඳව රවී කරුණානායක ප්‍රබල විරෝධයක් එල්ල කර ඇති බවත්, එම විරෝධය මැඩලීමට රවී කරුණානායකට අරලියගහ මන්දිරයේ වෙනම පහසුකම් සහිත කාර්යාලයක් සහ ඊට අදාළ උපරිම පහසුකම් ලබා දී අදාළ විරෝධය සමනය කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, අනාගත එජාප නායකත්වය පිළිබඳව සිහින දකින සජිත් ප්‍රේමදාසගේ සිහිනය අකිල, රවී නිසා බිඳවැටෙමින් පවතින බැවින්, එජාපයේ කණ්ඩායමක් නිර්මාණය කරමින් සුදුසු මොහොතක දී බල අරගලයකට සැලසුම් සකස් කරමින් සිටින බවත් වාර්තා වේ. මේ සඳහා පෞද්ගලික රූපවාහිනී නාළිකා දෙකක් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින බවද වැඩි දුරටත් වාර්තා වේ.රනිල්ට ෂොට් එක වැදුනොත් නිකම්ම් නායකත්වය තමන්ට ලැබේ යැයි සජිත් තරයේ විශ්වාසයක සිටින අතර රවී උත්සහ දරමින් සිටින්නේ රනිල්ගේ ආරක්ෂකයා වෙමින් නායකත්වය තමන්ට නතු කර ගැනිමටය.

රනිල්,රුවන් විජයවර්ධන පවා පස්සට ඇද දමමින් තමන්ට නායකත්වයට එන්නට කැපු පාර තවමත් විවෘතව ඇති බවට අකිල විස්වාසය කරමින් සිටි.කෙසේනමුත් රනිල්ගේ සමිපතම ගේම් කාරයා වන මලික් සමරවික්‍රම තමන්ට ඉතාමත් හිතෛෂී අයෙකු පක්ෂ නායකත්වයට අවශ්‍ය ඔනෑම මොහොතක පත්කර ගැනිම සදහා මේ වනවිටත් Deal කරමින් සිටින අතර මලික් සහ සජිත් අතර විරසකයක්ද පැවැතිම සජිත්ට අවාසිදායක වි තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් එලවා දමා මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සැදිම සදහා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප මිට පෙරද අනාවරණය කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.