Breaking
24 Feb 2025, Mon

එල්ටීටීඊ නායකත්වයේ ඉල්ලීමකට අනුව එක්සත් ශ්‍රී ලංකාවක් තුල පෙඩරල් ව්‍යුහයක් …අද නරිවාදම් දොඩවන ජී එල් ලා එදා ඔස්ලෝ ප්‍රකාශනට එකඟ වු හැටි

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග සාම ක්‍රියාදාමයකට එළඹීමේ පදනම ලෙස ගැනුනු ඔස්ලෝ ප්‍රකාශයට අත්සන් කරමින් 2002 දෙසැම්බරයේදී එවක විදේශ අමාත්‍ය වත්මන් බැසිල්ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් පෙඩරල් පන්නයේ බලය බෙදීමකට ශ්‍රී ලංකා රජයේ එකඟතාව පල කළ බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා.

බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනාධිපතිවරයා රට පාලනය කරද්දී එකඟවූ මහින්ද රාජපක්ෂ ඇතුළු බලයේ සිටි දේශපාලන නායකයන් වර්තමානයේ ඊට විරෝධය පල කිරීම විපක්ෂ නායකයාගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය.

ඔස්ලෝ ප්‍රකාශනට අනුව ….

“එල්ටීටීඊ නායකත්වයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ශ්‍රී ලංකාවක් තුල පෙඩරල් ව්‍යුහයක් මත පදනම් වී දෙමළ කතාකරන ජනතාවගේ ඓතිහාසික වාසභූමි වල අභ්‍යන්තර ස්වයං නිර්නයේ මූලධර්මය මත පිහිටා විසඳුමක් සෙවීමට සියලු පාර්ශව එකඟ විය,” යනුවෙන්ද සටහන් කර තිබේන බව ආර් සම්බන්ධන් විසින් පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර සිටියා.

තමන් මේ කරුණු නැවත සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂත්, ඔහුගේ ප්‍රකාශක හිටපු විදේශ අමාත්‍යවරයාත් බලයේ සිටිද්දී කළ කී දෑ රටේ ජනතාව දැන සිටීමේ අවශ්‍යතාව නිසා බව විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදි සදහන් කළා.

අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන යෝජනා රැගත් අතුරු කමිටු වාර්තාව පිලිබඳ තුන්දින විවාදයට අවසන් දිනයේ සහභාගී වෙමින් විපක්ෂ නායක ආර් සම්බන්ධන් හිටපු ජනාධිපති සහ ඔහුගේ දේශපාලන සගයන් අතීතයේ ගත් ස්ථාවරයන්ට සපුරාම ප්‍රතිවිරුද්ධ අදහසක් රට හමුවේ තැබීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර සිටි අතර එහිදි ඔහු පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුල්වරට බලයට පත්වීමෙන් අනතුරුව සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ කැඳවා කරන ලද කතාවකදී බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටි අයුරුයි.

“කවර විසඳුමක් හෝ වේවා, එය රටේ ස්වෛරීභාවය කැප නොකර උපරිම ලෙස බලය විමධ්‍යගත කරන එකක් බව පෙනී යා යුතුය,” යි සමුළුව මුල්වරට රැස්වූ 2006 ජූලි 11 දා හිටපු ජනාධිපතිවරයා කළ කතාව විපක්ෂ නායකයා විසින් පාර්ලිමේන්තුව හමුවේ උපුටා දක්වන ලදී.

“ඉතින් අපි මේ කරන්නේ වෙනස් දෙයක්දැ?” යි ආර් සම්බන්ධන් ප්‍රශ්න කළේය.

“තමන් පිළිගන්නා අදහස වෙනුවෙන් පෙනී සිටිමින් තම පොරොන්දු ඉටු කිරීමට කටයුතු කිරීමට බලයෙන් පහවුනු පසු නායකයන් තුල ඇති නොහැකියාව අපේ රටේ බරපතල පසුබෑමකට හේතුව වෙලා…”

ඔහු විසින් ප්‍රකාශ කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ජාතන්තරීකරණය වී ඇත්තේ එය රට තුල විසඳා නොගැනීමේ “අනුවණකම” හේතුවෙනි.

එය සමගියෙන් විසඳීම කඩිනමින් සිදු නොවන්නේ නම් නැවතත් ප්‍රචණ්ඩතාව මුදාහැරීම මගින් දෙමළ ජනතාවගේ හඬ නිහඬ කොට තවත් දෙමළ පිරිස් රට හැර පලා යාමේ අවදානමක් ඇති බවට විපක්ෂ නායකයා අනතුරු ඇඟවීය.

“ඔබ දේශපාලන විසඳුමකට විරුද්ධ වන්නේ මේ හේතුව නිසා පමණක්ද යන ප්‍රශ්නය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යදාමයට විරුද්ධ මගේ මිතුරන් හමුවේ තැබීමට කැමැත්තෙමි,” යි විපක්ෂ නායක ආර් සම්බන්ධන් කියා සිටියේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.