LNN SPY

ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් 10ක් මැතිවරණ අවසානයත් සමග පක්ෂයෙන් දොට්ට… මන්ත්‍රීකමට මෛත්‍රීවාදින්… විනය පියවර ගන්න කමිටුව බරටම වැඩ

පළාත් පාලන මැතිවරණය අවසන් වු වහාම මහින්ද පිළේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ මන්ත්‍රීධුර අත්හිටුවා ඔහුන් පක්ෂයෙන් නෙරැපීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර තිබේන අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව මේ වනවිටත් ඊට අදාළ කටයුතු කිරිම සදහා ශ්‍රි ලංකා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මැතිවරණය අවසන් විමත් සමග තෝරාගත් මන්ත්‍රීන් පිරිසක් ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීට ඉතාමත් සමීප කණ්ඩායමක් පත්කර ගැනිම අරමුණ වි තිබේ.

වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනයට දායකවීම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා හැකි වරදක් බැවින් පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් එසේ කරන්නේ ද යන්න ගැන සොයා බැලිම සදහා වෙනම කණ්ඩායමක් යොදවා තිබේ.

එම කණ්ඩායමේ නිර්දේශ අනුව පළාත් පාලන මැතිවරණය අවසන් විමත් සමග මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගේ අදහස වි තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් පක්‍ෂයක ජයග‍්‍රහණය සඳහා උපකාර කළහොත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක‍්‍රියා මාර්ග ගන්නා බව පසුගියද ශ්‍රිලනිප මහා ලේකම්වරය විසින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනා.

ඒ අනුව පලමු වටයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා ඇතුලු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයද අහෝසි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු සුදානම් කරමින් සිටින බවයි  වාර්තා වන්නේ.

Top