LNN SPY

ඔක්තෝබර් 28 දා හිස්බුල්ලා අන්තවාදීන්ට දුන් පොරොන්දුව ගෝඨා ඉටුකරයි…. පොරොන්දුව අමතකනම් මෙන්න විඩියෝව බලන්න .. ක්‍රිතුණු බැතිමතුන්ගේ මලකදන් විකුණමින් බලයට ආ විරුවා…. මැල්කම් කාදිනල් රංජිත් උතුමාණෙනි එන්න රෙද්ද කඩාගෙන අපි පාරේ යමු…

Published on: Feb 15, 2020- සියළු මැතිවරණ නීති හා ජනාධිපතිවරණ උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නැගෙනහිර පළතේ ජනාධිපති සටන මෙහෙයුව වු නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා හා ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම ජිවිත 300 ගණනක් අහිමි කල පාස්කු ප්‍රහාරයේ අංක එකේ චොදනා ලද පුද්ගලයා වන එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා 2019 ඔක්තෝබර් 28 දා තමන්ගේ අන්තවාදීන්ට දුන් පොරොන්දුව අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉටුකරනු ලැබුවා.ඒ කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට කටයුතු කරමින්.

252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියේ ආ, ඇ, ඈ යන උප වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව අදාළ පියවර ගෙන ඇති බවයි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

එය මොනතරම් දේශපාලන අවශ්‍යතාවක්ද යන්න තෙරුම් ගත යුත්තේ සයින්දමරුදු නගර සභාවට ඇති ග්‍රාම සේවා කොට්ඨාශ ගණනෙනි.සයින්දමරුදු නගර සභාවට ඇත්තේ ග්‍රාම සේවා කොට්ඨාශ ඇත්තේ 17ක් පමණී.

ඒ අනුව දැනට පවතින කල්මුණේ නගර සභාව 2022 වසරේ මාර්තු 19 වැනිදා විසුරුවා හැරෙන අතර 2022 වසරේ මාර්තු මස 20 වැනිදා සයින්දමර්දු නගර සභාවේ නිල කාලය ආරම්භ වේ.

2019 ඔක්තෝබර් 28 දා අපේ සිහිනය නමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වු වහාම සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් බවට පත්කරන බව සිය අන්තවාදීන් ඉදිරියේ ප්‍රකාශ කළේ මේ ආකාරයෙනි. (විඩ්යෝව බලන්න..)

ගෝඨාභය ජනපති වි මාස තුනකට ඇත්තේ තවත් දවස් 3කට පමණ අඩු කාලයකි. පාස්කු ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු මිනිසුන් වෙනුවෙන් කිසිවක් මේ දක්වා කරන්නට ගෝඨාභය හෝ මහින්ද හෝ සමත් වි නැත.නමුත් පාස්කු ප්‍රහාරය මෙහෙයවු මහ මොලකරුවන් සිටි සයින්දමරුදු අද නගර සභාවකි.සහරාන්ලා නිර්මාණය කල මහා අන්තවාදින්ට පෙලින් පෙලට ඔහුන් ඉල්ලු වරප්‍රසාද,වරදාන ලැබෙමින් පවති.

පොරොන්දු ඉටුකරන මහින්ද!!!

උදේ,හවස නොකා නොබි ක්‍රිතුණු බැතිමතුන්ගේ මලකදන් විකුණමින් රාජපක්ෂලාට කඩේ ගිය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් උතුමාණෝට අද රෙද්දක් ඇදගෙන පාරට බහින්නට රාජපක්ෂලා බැරි කර තිබේ.හෙට ඔහු සිය මියගිය කිතුණු බැතිමතුන් වෙනුවෙන් කියන්නේ කුමක්ද? ඔහුන් ස්වර්ගයේ සිට තමන්ට කතා කර “අපි මලාට කමක් නෑ ගෝඨාභය ජනාධිපති වුනා නේ ” යැයි කියනු ඇතිද?

පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස නමයක කාලයක් රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 3 වැනිදා 27 හැවිරිදි තරුණියක් මිය ගිය බව කවුරුත් දන්නා කරුනකි.ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලංකාවේ ප්‍රමාණවත් නොවිම ඊට හේතුවයි.ඇයව විදේශ රෝහලකට රැගෙන යාමට ඥාතින්ට පුලුවන් කමක් තිබුනේ නැත.නමුත් හෙම්බිරිස්සාවටත් බෙහෙත් ගන්න මවුන්ට් එළිසේබෙත් යන පාස්කු ප්‍රහාරයේ කිතුණු බැතිමතුන්ගේ මළකදන් උඩින් බලයට ආ  උන්දලාට ඒ ගැන වගේ වගක් තිබුනේ නැත.

රාජපක්ෂ යුගයේ රාජ්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය M.A.L.M හිස්බුල්ලා තම අධ්‍යාපන සුදුසුකම වශයෙන් පෙන්වන ආචාර්ය උපාධිය මහා පරිමාණයේ ගජබින්නයක් බවද අප පසුගිය ඔක්තෝබර් 24 වැනිදා (සැම්බියාවෙන් නැති පශ්චාත් උපාධි ගත් ගෝඨාවාදි හිස්බුල්ලා……. බොරු උපාධි පෙන්නා ශරියා කැම්පස් හදන්න සල්ලි ගත් හැටි…….. පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තෝ එක්ක පූට්ටු රතන, ඥාණසාර) යනුවෙන් අනාවරණය කළා. එම අනාවරණය පහතින් කියවන්න…

http://lankanewsnetwork.org/archives/21068

ගෝඨාභය රාජපක්ෂ සහරාන්ව පෝෂණය කළේ හිස්බුල්ලා හරහා බවත්, පොහොට්ටු කල්ලිය කෙතරම් සුදු හුණු ගෑමට උත්සහ කළද පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බව මේ වන විට තව තවත් තහවුරු වෙමින් තිබේන අතර මේ වනවිට ජාත්‍යන්තර ඔත්තු සේවා අනාවරනය කරන කරුණු සහ රාජපක්ෂලාගේ මෙම ක්‍රියාකාරකම් අතර පවතින් සමීප සබඳතාවයන් එය තවත් තහවුරු කිරිමට සමත් ව තිබේ.

හිස්බුල්ලා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ජාතිවාදියෙකි. කාන්තන්කුඩි ප්‍රදේශයේ වෙනම අන්තවාදි මුස්ලිම් ප්‍රජාවක් නිර්මාණය කරන්නේ හිස්බුල්ලා ය. සහරාන් ආ නිර්මාණය කොට රටේ ජාතිවාදී ගිනි අවුලන්නට උඩ ගෙඩි දුන්නේ හිස්බුල්ලා ය. මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලයට එරෙහිව රටේ ම විරෝධතා ගොඩ නැගෙද්දි විශ්ව විද්‍යාලය කිසි දින වසා නොදමන බවත් පුළුවන් දෙයක් කරන්න යනුවෙනුත් වහසි බස් දොඩන්නේද මේ හිස්බුල්ලාය.

අවසාන වශයෙන් සිංහල බෞද්ධ අම්බරුවන්ට එක් දෙයක් කිවයුතුය. ඔටුවා (හිස්බුල්ලා) කුඩාරමට ඔලුව දාගෙන ඇති බවයි.

ගෝඨා වෙනුවෙන් ඡන්දය ඉල්ලන ඔටුවා…… අන්තවාදින් සමඟ එක යහනේ සැතපෙන ගෝඨාගේ වැඩ….. බඩුත් එක්ක හොරු මෙන්න විඩියෝව…

http://lankanewsnetwork.org/archives/21499

 

Top