LNN SPY

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේකම ගිලගන්න රෙනෝ මෙහෙයුමක! ඡන්දදායකයන් අල්ලන්න කුජිත මෙහෙයුමක්!

Jun 23, 2019 – කතරගම මහා දේවාලයේ  බස්නායක නිලමේ  තනතුරට පුද්ගලයෙක් තෝරා ගැනීම සඳහා ඡන්දය මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඒ සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝද සිල්වා තරග කිරීමට අවශ්‍ය මෙහෙයුම් දියත් කර තිබේන බව වාර්තා වේ.

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ තනතුර මේ දක්වා හිමිවූයේ බලය හා මුදල් යහමින් ඇති පුද්ගලයන්ටය. කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා පුද්ගලයෙකු තෝරා ගැනීම අවුරුදු 5 කට වතාවක් ඡන්දයක් පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත් වන අපේක්ෂයෝ සිය ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කරන අතරම තනතුර ලබා ගත් අවුරුදු 5 තුළ බැතිමතුන්ගේ පුද පඬුරු වලින් වියදම් කළ මුදලට වඩා දස දහස් ගුණයක් හරි හම්බු කරති.

2011 වසරේ දි බස්නායක නිලමේ තෝරා ගැනීමට පැවති ඡන්දයෙන් මහනුවර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල් හිමියෙකු වූ ඩී.පී. කුමාරගේ මහතා නිතරගයෙන් තේරි පත් වූ අතර 2018 වසරේදි ඔහුගේ තනතුර එවකට බුද්ධ සාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම විසින් අත්හිටුවනු ලබන්නේ ඔහුට එල්ල වන දැඩි චෝදනා හේතුවෙනි. පසුව වැඩබලන බස්නායක නිලමේ ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කිරීමට ද බුද්ධ සාසන අමාත්‍යාංශය කටයුතු කළා.

මේ වසරේ අභිනව බස්නායක නිලමේ ධූරයට පත් වීමට සිහින දකිමින් සිටින රෙනෝද සිල්වා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් දියත් කරමින් සිටි.මෙවර පොසොන් උත්සවය නිමිති කරගෙන හිරු ශ්‍රාද්ධභිවන්දනා තිස්සමහාරාම වෙහෙරේ පවත්වන්නේ ඒම මෙහෙයුමේ කොටසක් ලෙස වන අතර  ඒ හරහා කතරගම බලය සියතට ගැනිමට අවශ්‍ය මෙහෙයුම් දියත් ව තිබේ.

එපමණක් නොව කතරගම බස්නායක නිලමේ තනතුරට ඡන්දය ලබා දීමට බලය ඇති මොනරාගල දිස්ත්‍රික්කයේ සියළුම පන්සල් අරමුණු කරගෙන ආසියානු මාධ්‍ය ජාලය හරහා රෙනෝද සිල්වා මේ වනවිට මෙහෙයුම් දියත් කර ඇති අතර මේ හරහා  කෝටි ගණනින් මුදල් මේ සියළුම පන්සල් වලට පොම්ප කිරීමටත් එම සියළුම විහාරාධිපති ස්වාමින් වහන්සේලා මෙන්ම දායක සභාවේ ලොක්කන්ටද  විවිධාකාර තුටු පඩුරු ලබා දීමටත් රෙනෝද සිල්වා ක්‍රියාකරමින් සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

Top