LNN SPY

කූඨ ලේඛන ඉදිරිපත් කළ ගෝඨා අමෙරිකානු අධිකරණය ඉදිරියට? ගෝඨාභයට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිල්ලක්! අවුරුදු 10 කට අමෙරිකාවේ හිරේ යන ලකුණු…..

 Published on- Nov 12, 2019 දිගින්  දිගටම ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නීතිඥවරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය අත හැර ඇති බව සනාථ කිරීම සඳහා කූඨ ලේඛන හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම හරහා ලංකාවේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනතාව පමණක් නොව අමෙරිකාවේ ෆෙඩරල් නීතිය හා රාජ්‍ය ප්‍රතිපත්ති පවා රැවටීමට ලක් වෙමින් පවති.

පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයන්ගේ නම් ඇතුලත් ෆෙඩරල් රෙජිස්ට්‍රයේ අවසන් කාර්තුව වෙනුවෙන් නිකුත් කළ ලියවිල්ලේ පවා ගෝඨාභය රාජපක්ෂ ගේ නම ඇතුලත් නොවීම හා ඒ හරහා ඔහු අමෙරිකානු පුරවැසියෙක් බව ඔප්පු වීම හරහා වියරු වැටුණු ගෝඨා කල්ලිය මෙලෙස ඉවක් බවක් නොමැතිව ව්‍යාජ හා කූඨ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කිරීම සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ අපාය සහය පුද්ගලික නීති උපදේශක අලි සබ්‍රි විසින් 10 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ගෝඨාභය විසින් ලබා ගත් බවට සහතික කරමින් ඉදිරිපත් කළ පුරවැසි සහතිකය හා අවලංගු කළ බවට පෙන්වන ගෝඨාභය ගේ විදේශ ගමන් බලපත්‍රය ප්‍රධාන වශයෙන් ම ව්‍යාජ ලෙස නිර්මාණය කළ කූඨ ලේඛන බව දැන් දැන් තහවුරු වෙමින් පවති.

මේ තත්ත්වය තුළ අමෙරිකානු වැසියෙක් රටින් පිට සිය අමෙරිකානු ෆෙඩරල් නීතිය අවභාවිත කරමින් රටේ නීතියේ ස්වාධිපත්‍යය හෑල්ලුවට ලක් කරන බව සඳහන් කරමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ සාමාන්‍ය සිවිල් වැසියෙක් ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව අමෙරිකානු අධිකරණය ඉදිරියේ නඩු පැනවීමට සූදානම් බව වාර්තා වෙනවා.

ඉදිරිපත් පැය කිහිපය තුළ මෙම නඩුව ගොනු වන බවත් එහිදි අමෙරිකානු ෆෙඩරල් නීතිය විසින් අපරාධ වරදක් ලෙස සලකන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ වැරදිකරු කරන ලෙස ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

අමෙරිකාවේ පවතින සිවිල් නීති සම්ප්‍රදාය අනුව වංචාව, අසත්‍ය, ව්‍යාජ තොරතුරු අපරාධ වරදක් ලෙස සලකන අතර අසත්‍ය තොරතුරු ඇතුලත් ර්ර් මේල් පණිවිඩයක් පවා එරට නීතිය අනුව අපරාධයක් වේ.

ඒ අනුව ව්‍යාජ ලේඛන සැකසීම හා ඉදිරිපත් කිරීම අමෙරිකානු නීතිය යටතේ අනිවාර්යයෙන් ම අපරාධ වරදක් වන අතර ෆෙඩරල් බන්ධනාගාරයට අවුරුදු 10 ක හිර දඬුවමකට යටත් කිරීම එකී වරදට හිමිවන දඩුවම වේ.

ඒ අනුව සිය පුරවැසිභාවය අහෝසි වී ඇති බවට පෙන්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන මෙම ලියවිලි ව්‍යාජ ලියවිලි බව අමෙරිකානු ෆෙඩරල් අධිකරණය ඉදිරියේ ඔප්පු වුවහොත් ගෝඨාභය රාජපක්ෂ හට වසර 10 ක් අමෙරිකානු බන්ධනාගාරයක ගත කිරීමට සිදු වන බව පහැදිලිය.

Top