Published on: Sep 26, 2019 – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොර ගැනීම සඳහා පැවැත්වෙන තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (26) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන ස්ථානය මේ මොහොතවන තෙක් සජිත් ප්‍රේමදාසට හෝ කිසිඳු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු හට දැනුම් දී නැත.ඒ අනුව කලින් අනාවරණය කල පරිදිම කෘත්‍යාධිකාරි මණ්ඩලය අද සවස රැස්විමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.
පක්ෂනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්විමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ වනවිට මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.
ඊයේ මතුගමදි සජිත් ප්‍රේමදාස කල ප්‍රකාශයත් සමග අග්‍රාමාත්‍යවරයා ඇතුලු කණ්ඩායම අන්ද මන්ද වි ඇති අතර,පක්ෂය ආරක්ෂා කර ගැනිම සදහා මෙන්ම ජයග්‍රහණය කිරිම වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදිමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැමත්ත පලකර තිබේ.කෙසේවෙතත් අගමැතිවරයාගේ මෙම තින්දුව සම්බන්ධයෙන් අකිල සහ සාගල දැඩි ලෙස විරෝධය පලකර තිබේන අතර කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි විමද ප්‍රතිකේෂ්පකර තිබේ.
කෙසේවෙතත් එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා එජාපෙ පාර්ලිමේන්තු කණ්ඩායම එකවර කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ නායකත්වයට දැනුම් දි තිබුනා.