Featured

කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන්,ෂිවාජිලිංගම්ගේ සම්බන්ධීකාරක ලෙස කුරුණෑගලට!

අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්‍ෂ…. අප ඔහුට අභියෝගයක්‌ විය යුතුය…යැයි කියමින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට තරග වදින වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් සහ දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස යහපාලනය පත්වු වහාම මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහ රාජිත,මෛත්‍රී,හා දුමින්ද දිසානායක සමග කුමන්ත්‍රණය කල පසුව අනාවරණය විමෙන් පසුව අතහැර දැමු කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) පත්කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කළා. ඊයේ සවස වනවිට කුරුණෑගල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගත්  ෂිවාජිලිංගම් සිය නිළ නොලත් මැතිවරණ කාර්‍යාලය ලෙස එම ස්ථානය පවත්වාගෙන යැමට තිරණය කර තිබේන බවද ඔහු සදහන් කළා.

උපුටා ගැන්ම 

කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ.

ප්‍රබල ත්‍රස්තවාදීන් 278 ක් නිදහස් කර සියලු පහසුකම් සලසා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇති අතර රාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක විසින් ඒ සදහා උපදෙස් ලබා දෙන බව වාර්තා වේ…

සම්පුර්ණ කතාව කියවන්නකොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

මේ අතර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින රතු අලි පැටව් සහ කොළ අලියන් සතුව ඔහු මරා දැමීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(20) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.

muhammad-muzammil‘‘එක්සත් ජාතික පක්‍ෂයේ කොළ අලියාගේ උවමනාවට ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් පැමිණිල්ල දාලා තියෙනවා මානව හිමිකම් කොමිසමට. ඉතිරි වෙලා සිටින කොටි ත‍්‍රස්තවාදීන්ගේ සහ කොටි හිතවාදී දෙස් විදෙස් බලවේගවල මරණ තර්ජනයට ලක්ව සිටින ප‍්‍රධානතම පුද්ගලයා තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමාට විශාල ජීවිත අවදානමක් තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආරක්‍ෂාව සපයලා තියෙන්නේ දේශපාලන හේතු මත නොවෙයි, බුද්ධි අංශ මගින් එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව වාර්තා ඇති නිසයි. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු පනතකින් හිටපු ජනාධිපතිවරයකු ලෙස එතුමාට නීත්‍යනුකූලව ආරක්‍ෂාවක් සැපයිය යුතු බව සඳහන් කර ඇති නිසයි. මේ සියලු කාරණා සලකා බැලු විට එතුමාට මේ සපයා ඇත්තේ ඔහුට නීත්‍යනුකූලව හිමිව ඇති ආරක්‍ෂාවයි.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව සහ පහසුකම් ඉවත් කරන්න කියලා ජවිපෙ ඉල්ලා සිටින්නේ ඇයි? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මරා දැමීමේ සැලැස්මක් මේ රතු අලි පැටව් සහ කොළ අලි පැටව් සතුව තිබෙන නිසයි. එතුමා අද මහා නැඟී සිටීමක් කරලා අග‍්‍රාමාත්‍ය ලෙස ඉදිරියට එන විට ඊට දේශපාලන වශයෙන් මුහුණ දෙන්න බැරිව එතුමාගේ ජීවිතය නැති කිරීමේ ක‍්‍රියාමාර්ග තමයි අද මේ ගන්න හදන්නේ.

එතුමාගේ ආරක්‍ෂාව අඩු කිරීම කියන එක ‘එතුමා කොටියාට බිල්ල දීමට’ සමානයි. ජවිපෙ නායකයන් කියනවා, ‘අපි තමයි මහින්ද රාජපක්‍ෂට යුද්ධය කරන්න කිව්වේ’ කියලා. කියපු කට්ටියම යුද්ධය දිනපු නායකයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියා කීම, අපි දකිනවා තමන්ගේ හාම්පුතා නොහොත් වික‍්‍රමසිංහ මහත්තයා පරාජයෙන් බේරා ගැනීම සඳහා කරන සටනක් විදියට.

දැන් බලන්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂාව ලබා දී තිබෙනවා ඔහු කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඇතැම් අවස්ථාවල නිල ඇඳුම පවා ඇඳගෙන අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටිනවා. මේ අය කිසිම අවස්ථාවක ඔහුගේ ආරක්‍ෂාව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.

සරත් ෆොන්සේකා මහතාටත් ජීවිත තර්ජන තිබෙන්න පුළුවන්. ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ නිසා එවැනි තර්ජනයක් තිබෙන්න පුළුවන්. එවැනි අයට ආරක්‍ෂාව සැපයීම රජයේ වගකීමක්. අවසන් වශයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා, ‘මෙවැනි පහත්  නින්දිත දේශපාලනයක නිරත වෙන්න එපා!’ කියලා. ඔබලාට හෘදසාක්‍ෂියක් තිබෙනවා නම් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න සාමකාමී රටක් හදා දුන්නු මිනිස්සුන්ව කොටින්ගේ මර උගුල්වලට යවන්න පුළුවන්ද? මේකෙන් පෙනෙන්නේ ජවිපෙ පෝස්ටරයේ ‘හෘදසාක්‍ෂිය’ කියන වචනය තිබුණාට තමන්ට හෘදසාක්‍ෂියක් නැහැ කියලයි.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු පළාත් සභා මන්ත‍්‍රීවරයා ඇතුළු සියලු පළාත් සභා මන්ත‍්‍රීවරුන් රජයෙන් තමාට ලබා දී ඇති වාහන ඇතුළු සියලු වරප‍්‍රසාද භුක්ති විඳිමින් තමයි මහ මැතිවරණයට අපේක්‍ෂකයන් ලෙස පෙනී සිටින්නේ. ආදර්ශයක් දෙනවා නම් ජවිපෙ ආදර්ශය දිය යුත්තේ එතැනින්.

අපේ දූ දරුවන්ගේ ජීවිත කොටින්ගේ කුරිරු ත‍්‍රස්තවාදයෙන් බේරා දුන් ඒ පණ ඇති මිනිසා ජීවිතය අවදානමට ඇදලා දාන මේ ජවිපෙ – එජාප නින්දිත ක‍්‍රියාදාමයට එරෙහිවයි අද අපි මේ මානව හිමිකම් කොමිසමට ආවේ’’

මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද මේ සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.

Top