LNN SPY

කොඩිකාර මහරගම වලදයි….. මහරගම,වැලිගම නාමයෝජනා අහෝසිය ඒකාබද්ධ කලබයි…මහින්දට,බැසිල්ට මල පනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා කිහිපයක්ම ප්‍රතික්ෂේප විමත් සමග පසුගිය කාලය පුරාම අලුයට තිබු ගිනී මතුපිටට පැමිණෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

විශේෂයෙන්ම ඊයේ මහරගම නගර සභාවේ නාමයෝජනා ප්‍රතිකේෂ්ප විමත් එම වරදට ඊට අධිකරණයේ සහය පැතිමේ හැකියාවක් නොමැති තාක්ෂණීක නොවන අකාරයේ වරදක් නොවිමත් සමග උග්‍ර මහින්දවාදින් ලෙස පෙනී සිටින පොහොට්ටුවේ නගරාධිපති අපේක්ෂිකාව වු කාන්ති කොඩිකාර සහ ඇයගේ සැමියා උපාලි කොඩිකාර නාමයෝජනා ප්‍රතිකේෂ්ප විමට හේතුව වු මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාවට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට නරක ලෙස බැන වැදිම මෙම අර්බුදය උග්‍ර විමට මුලික හේතුව වි තිබේ.

මහරගම නඟරයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනේ අනිවාර්යයෙන් එකතු කලයුතු 25% කාන්තා නියෝජනය නොමැති විම අතර  මහජන එක්සත් පෙරමුණේ අපේෂිකාවකගේ තොරතුරු පිරවීමේදී ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය සටහන් නොකිරීම ද මේ සදහා බලපා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානී මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා,උදය  ගම්මන්පිල,බන්දුල ගුණවර්ධන එක්ව නාමයෝජනා සෑදිමේ ක්‍රියාවලිය නිසි පරිදි කිරිමට කටයුතු කලද මහරගම ආදිපත්‍ය බලය තමන් සතු බව පමණක් පවසන උපාලී කොඩිකාර සහ කාන්තී අවසාන මොහොතේද අදාල නාමයෝජනා පත්‍රය වෙනස් කිරිම්ට යෑම මෙම මෙම ප්‍රතිකේෂ්ප විමට ආසන්නම හේතුව වි තිබේ.

මේ අතර මාතර,වැලිගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව භාර දුන් නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වු අතර නිසි බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා පත්‍රය භාර නොදීම මත මේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට හේතුව වි තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනය භාරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මැතිවරණ සහ දේශපාලන මෙහෙයුම් සිදු වන්නේ මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා යටතේය.මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලබලයට සහ කෝපයට පත්ව සිටින බව ද ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සොහොයුරාද වෙනවා.

මේ අතර නාමයෝජනා සකස් කිරිමේ ගැටුම හේතුවෙන් ආණ්ඩුවට එක්විමට සුදානමක් පවතින බවට පලවු වාර්තා මෙන්ම ජනාධිපතිවරයා හමුවි සාකච්ඡා කල බවට තොරතුරු වාර්තා වු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හදිසියේම විදේශ ගතවිමේ සුදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බන්දුල ආණ්ඩුවට එක්විමට යන බවට පලවු වාර්තා සහ පසුව ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහත බන්දුල ගෙන්වා ප්‍රශ්ණ් කිරිමත් හේතුවෙන් බන්දුල ඒකාබද්ධය තුල හුදකල කිරිමට ඇතැම් කණ්ඩායම් කටයුතු කල අතර පසුව නාමයෝජනා සකස් කිරිමේ ක්‍රියාවලියෙන් ද නොදැනිම ඉවතට විසිවි තිබුනා.

පහලින් කියවන්න – මහින්ද හදිසීයේම බන්දුල කැදවයි…..ඒකාබද්ධයෙන් ශ්‍රිලනිපයට යන අය සොයා ඒකාබද්ධයේ මෙහෙයුමක්!

http://198.211.112.164/archives/16683

Top