Breaking
5 Feb 2025, Wed

කොරෝනා මහින්ද සුලගට හසුවෙයි…. විරෝධතා නොතකා මහමැතිවරණයක්! දකුණු කොරියාවෙත් එහෙමයි… අපිත් එහෙමයි…

Published on: Apr 12, 2020- ජනතාවගේ මළකදන් විකුණමින් මහා මැතිවරණයේ 2/3ක බහුතරය ලබා ගැනිම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුල මෙහෙයුම් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒ අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මර්දණය කිරිමට රජයට හැකි වු බවත් ඒ වෙනුවෙන් ජනතාව තුල තිබේන භීය පහ කිරිම සදහා අවශ්‍ය මාධ්‍ය මෙහෙයුමක්ද මේ වනවිට දියත් කිරිමට රාජපක්ෂලා කටයුතු කරමින් සිටි.(හිරූ සහ දෙරණ ප්‍රධානින් සමග කල සාකච්ඡා සහ මාධ්‍ය ආයතන සේවකයන්ට ලැබුන නියෝග සම්බන්ධයෙන් වාර්තාවක් බලාපොරොත්තු වන්න)

ඒ අනුව මෙම වසරේ දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 වන සඳුදා සිදු කිරීමට තීරණය කර තිබෙන බවටද රජය නිවේදන නිකුත් කරමින් සිටි.

විරෝධතා නොතකා මහමැතිවරණයක්!

වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමට ක්‍රියාත්මක කෙරෙන එක් ප්‍රධාන පියවරක්වන සමාජ දුරස්ථභාවය ලිහිල්කිරිමට රජය ගන්නා උත්සහයන්ට සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස සිය අප්‍රසාදය රජයට මෙන්ම ජනාධිපතිවරයාටද දක්වා තිබේන අතර මහමැතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා උත්සහය පිළිබඳව ඔහුන් දැඩි ලෙස කනස්සල්ල සහ විරෝධය ද දක්වා තිබේ.

වසංගත තත්වය හමුවේ දැනට දැඩි සමාජ දුරස්ථ භායක් පවත්වාගෙන යමින් මෙරට වසංගතය ව්‍යාප්ත වීම යම්කිසි පාලනයක් පවත්වාගෙන යමින් පැවතියද අප්‍රේල් 25 වන විට සමාජ දුරස්ථභාවය ලිහිල් කිරීමට හැකි වෙතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයන් සහ හමුදාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.මෙම ප්‍රකාශයන්ගේ අරමුණ වී ඇත්තේ අප්‍රේල් අග යළිත් මැතිවරණ කටයුතු අරඹා මැයි මස අග මහ මැතිවරණය පැවැත්වීමයි. ඊට අදාළව මහින්ද සුළගද ලගදිම හමා යැමට නියමිත අතර එම සුලගින් කොරෝනා අවසන් වි මැතිවරණය සටන ආරම්භ කිරිමට නියමිතයි.

වසංගතය මතින් එන මැතිවරණ ජය ……..

වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර මැතිවරණයකට ගියහොත් ආණ්ඩුව දැඩි ලෙස පසුබෑමකට ලක්වන බව බැසිල් රාජපක්ෂ පෙන්වා දි ඇති අතර වසංගතය අවසන් වි සුළු කාලයක් තුල ආණ්ඩුව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයන් හමුවේ මැතිවරණයකට මුහුණ දිමට සිදුවුවහොත් 2/3ක තියා පාර්ලිමේන්තු බහුතරය පවා ලබාගැනිමට නොහැකි බවයි ඔහු පෙන්වා දි ඇත්තේ. මැතිවරණය දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් පැවැත්විමට හැකියාවක් ඇත්නම් එය ඉතා වාසිදායක ලෙස භාවිතා කිරිමට හැකියාව ඇති බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ වියතුන් යැයි පවසන කණ්ඩායම පෙන්වා දි ඇත්තේ මේ වනවිට දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ආකාරය සැලකිල්ලට ගනිමින් ලංකාවේද මැතිවරණය පැවැත්විමට හැකියාව ඇති බවයි.ඒ සදහා ජනතාව තුල මතයක් සැදිය යුතු බවත් ඔහුන් පෙන්වා දි තිබේ.

දකුණු කොරියාවේන් හමනා මැතිවරණ සුලග….

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ වු අතර ඒ අනුව කොරෝනා වසංගතය මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු හා ප්‍රධාන රට වන්නේ දකුණු කොරියාව වන් අතර දෙවන රට ලෙස ශ්‍රි ලංකාව පත්විමට නියමිතයි.

දකුණු කොරියාවේ ඡන්ද දායකයන් එකිනෙකා අතර අඩි තුනක පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු යැයි ද බලධාරිහු නියෝග කර තිබේන අතර ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයන් සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන අතර නිලධාරීහු ඡන්ද දායකයන් සනීපාරක්ෂක අත්වැසුම්, සනීපාරක්ෂක දියර යනාදිය බෙදා දේ.

දකුණු කොරියාවේ අලුතින් සනාථ කරන ලද රෝගීන් සංඛ්‍යාව මේ සතියේ දිනකට 50 ට වඩා අඩුවී තිබේ. රෝගීන් ඉහළම ප්‍රමාණයක් වාර්තා වූ දිනය වූ එය පෙබරවාරි 29 වන දින රෝගීන් 813 ක් වාර්තා වී තිබුණි. කෙසේවෙතත් මේවනවිට දකුණු කොරියාව තුළ කොරෝනා වයිරස අසාදිත රෝගීන් 10,400 ක් වාර්තා වී ඇතත් ඔවුන්ගෙන් සියයට 70ක් පමණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඡන්ද වීමසීම ආරම්භ වූ ඊයේ දිනයේ පමණක් මිලියන පහකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර තවත් බොහෝ දෙනෙක් සෙනසුරාදා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

වසංගතය ජනාධිපති මූන් ජේ-ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අනපේක්ෂිත දේශපාලන ප්‍රසාදයක් ගෙන ඒමට හේතුවූ බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.දකුණු කොරියානු ආණ්ඩුව එරට තුළ කොරෝනා වසංගතය සාර්ථකව සහ ඉක්මණින් පාලනය කරන ලද බව ජනතාවගේ අදහස වි තිබිම ඊට හේතුව බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මෙන්ම , මූන් ජේ ජනාධිපතිවරයාගේ සමීපතම සගයන්ගේ වංචා දුෂණවලට එරෙහිව දකුණු කොරියානු ජනතාව ආණ්ඩුවට එරෙහිව කොරෝනා පැමිණිමට පෙර විරෝධතාවයක යෙදී සිටියා.

මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති වකවානුවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින එනම් පසුගිය මාර්තු 02 වන දින සිට මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බැවින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය 2020-03-31 සහ 2020-04-01 දිනවල ජනාධිපතිවරයාට යවන ලද ලිපි වලට තග දමමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ලිපි ලිවිම පසුපසද මැතිවරණයක් ලග එන බව පැහැදිලිවම දක්නට තිබේ.




By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.