Featured

“ගෝටා සර් මට මොකුත් කරන්නෑ අයිසේ”…. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් වතුර හොරෙක්! ආනන්ද වතුර මිටරේට විද්ද හැටි මෙන්න සාක්ෂි..!

Published on: Jun 18, 2020 – යහපාලන රජය බලයට පැමිණීමත් සමඟ රැකියා විරහිත හා බල රහිත වී අවලංගු කාසියක් බවට පත්වී ගිය පන්නිපිටිය රුක්මලේ පාරේ රණවක වත්තේ ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් සිය බලය අනිසි ලෙස භාවිතා කල  පන්නිපිටිය, රණවක වත්තේ 853/11 පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් යලිත් පිස්සු නටන්නට පටන්ගෙන තිබේන බව වාර්තා වේ.

යහපාලනයට එන්නට පෙර දාපු සෙල්ලම්…

2010 වසරේ සිට 2015 දක්වා සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආනන්ද පීරිස් තනතුරට පත්වූ මොහොතේ සිට අසල්වැසි සියලුදෙනාට නිදහසේ පාරක පවා යාමට බැරිවන තරමට ආරක්ෂක රථ, ඉනේ ගිනි අවි ගසා සන්නද්ධව සිටින නාවික හමුදා සෙබළුන්ගෙන් සහ පාර පුරා දිවා රෑ නොබලා රාජකාරියේ යෙදී සිටින සිවිල් ආරක්ෂක සෙබළුන් බර අඩි සපත්තු පැළැද ඇවිදිමින් සමස්ත රණවක වත්තම හමුදා කඳවුරක් බවට පෙරළමින් සිටියේය.

ඊට අමතරව අවම වශයෙන් සතියකට දෙවරක්  අළුයම 1-2 වනතුරු  කන්අඩි පැලෙන සංගීතයත්, අරුම පුදුම නැටුම් සමගින් මත්පැනින් යහමින් පදම් වූ නිලධාරින් රණවකවත්ත පාර පුරා සුලභ දසුනක් බවට පත්වූයේ බලයෙන් මත්වී සිටි ආනන්ද පීරිස්ගේ තරම මුළු ගමටම පෙන්වමිනි. මේ නිසා අසල්වැසියෙකුට හදිසියකට බෙහෙතක් ගැනීමට හෝ අවශ්‍ය කළමනාවක් මිලදී ගැනීමට යාමට සිදු වූයේද දැඩි රැකවල් අතරින් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමෙන් පසුවය. එසේම පාසල් දරුවන්ට විභාගයකට පාඩම් කරගැනීමට, එදිනෙදා දෙන පැවරුමක් කරගැනීමට බැරි තරමට අධික ශබ්දයත් සමඟ රැය පහන් වන තුරු සංගීතයෙන් උතුරා ගොස් පැවතුණි. නමුත් වාසනාවකට යහපාලන රජය බලයට පැමිණීමත් සමඟ තටු සිඳී විසිවී ගිය මේ අධි ආරක්ෂිත මහළු පංචස්කන්ධය යළිත් කිසිම විටක බලයට පත් නොවේවා කියා සතුටු නොවූ කිසිවකු නොවීය. ඒ තරමට ආනන්ද පීරිස් අසල්වැසි සියලුදෙනාට ඇලජික් විය.

2011 වසරේදී රණවකවත්තේ තිබූ කුඩා නිවස දෙගුණ තෙගුණ ලෙස විශාල කරමින් සිවිල් ආරක්ෂක සෙබළුන් යොදවා නවීකරණය කරගත් ආනන්ද සම්බන්ධයෙන්  කොපමණ වාර් තා පළවූවත් අද වනතුරුත් මොහු පෙර පරිදිම නිරුපද්‍රිතව සිටින්නේ ඔහු නිතර වහසි බස් දොඩමින් කියා සිටින “ගෝටා සර් මට මොකුත් කරන්නෑ අයිසේ” යන්න සක්සුදක් සේ තහවුරු කරමිනි.

අසල්වැසියන් මේ සම්බන්ධයෙන් නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, අගමැති කාර් යාලය හා ජනාධිපති කාර් යාලය කොපමණ දැනුවත් කළද ඔහුගේ අපබ්‍රංශ ප්‍රකාශ සත්‍ය කරමින් තවමත් ඔහුට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැත්තේ පීරිස්ගේ වදන් ස්ථිර කරමිනි.

නමුත් ගෝඨාභය ජනාධිපති විමත් සමග යලිත්  හොරුන්ට, දාමරිකයන්ට හා සල්ලාලයින්ට යළිත් සුපුරුදු ඉහළ තනතුරු ලැබුණි. ඒ අනුව වයස අවුරුදු 67කුත් ඉක්මවා ඇති පසුබිමක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යළිත් භාරදී තිබේ.

වතුර මිටරේට විද්ද  ආනන්දගේ නිරුවත

ආනන්ද 2011 ඔහුගේ මෙම රණවකවත්තේ පිහිටි නිවස නවීකරණය කරන අතරතුර මේ විනයගරුක නාවික හමුදා නිලධාරීයා තම නිවසට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබාගන්නා නළයේ වතුර මනුවට ඉහලින් ජල සම්පාදන මණ්ඩලයට හොරෙන් අනවසරයෙන් T සන්දියක් යොදා වෙනම නළයක් හරහා මනුවෙන් ගණනය නොවන පරිදි ජලය ලබාගැනීමට තරම් “වතුර හොරෙක්” වීමට තරම් පහත් ගණයට වැටී ඇත. එසේ අනවසරයෙන් සකස් කළ නළයෙන් සහ මණ්ඩලයට සැක නොසිතීමට නියමිත නළයෙන්ද යන දෙකෙන්ම 2011 සිට 2020 වසරේ පෙබරවාරි මස දක්වා මෙම අන්ත දූෂිත විශ්‍රාමලත් නාවික හමුදා නිලධාරියා වසර 9 ක් අඛණ්ඩවම හොර පාරෙන් නිවසට ජලය ලබ ගැනිමට කටයුතු කර තිබේ. (වරද පිළිගෙන දඩ ගෙවූ සියලු ලිපි මේ සමඟ අමුණා ඇත)

2020 ජනවාරි මස ජලය පවා හොරකම් කරන මේ මහා නම්බුකාර හොරා පිළිබඳව ජනාධිපතිට, අගමැතිතට, ආරක්ෂක ලේකම්ට,  ජල සම්පාදනයේ සභාපතිතුමාට සහ එහි අමාත්‍ය වාසුදේව නානායක්කාරට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්නා මේ හොරකම හෙළිදරව් කොට මෙවැනි හොරුන් සමාජයට හෙළිදරව් කරන ලෙසට. ඒ අනුව 2020 පෙබරවාරි මස 28 වන දින අප පැමිණිලි කළ ලෙසටම ජල සම්පාදනමණ්ඩලයෙන් මේ අධි ආරක්ෂිත නිවසේ විශේෂ වැටලීමක් කරන ලදි. එම වැටලීමට අනුව අප සඳහන් කළ පරිදිම T සන්දියක් යොදා  වසර 9ක් හොරෙන් හා අනවසරයෙන් ජලය ලබාගත් බව සාක්ෂි සහිතව හසුකර ගැනීමටට ජල සම්පාදන මණ්ඩලයට හැකිවිය. නමුත්  ජල සම්පාදනයේ ඇති ඉපැරැණි නීති රෙගුලාසිවල ආනුභාවයෙන් වසර 2 කට පමණක් සාමාන්‍ය පාරිභෝජනය යටතේ ගණනය කර රුපියල් 23,133.60 ක මුදලක් පමණක් වසර 9කටම  ජල සම්පාදන මණ්ඩලයට වූ අලාභය ලෙස අයකර ගැනිම පමණී.

අප රටේ නීති විෂමතාව කොතෙක්ද යත් බඩගින්නට අඹ ගෙඩි 2ක් කැඩූ අම්මා කෙනෙකුට රුපියල් 2000ක දඩයක් සහ දින 2ක් පොලිස් අත්අඩංගුවේ සිටීමට සිදුවිය. නමුදු අඛණ්ඩව වසර 9ක් අනවසරයෙන් ජලය ලබාගතහොත් වසර 2කට පමණක් සාමාන්‍ය පරිභෝජනය යටතේ දඩ ගෙවා ශේප් විය හැකිය.

ආනන්ද යනු  සිවිල් ආරක්ෂක භටයින්ගේ බත්පතින්, වී වලින්, බඩඉරිඟු වලින්, කජු වලින් ගසාකන, කොරෝනා වසංගත සමයේ පවා අසරණ වූ මිනිසුන්ට හා භටයින්ට බෙදු සහන මල්ලෙන් හා කෙසෙල් ගෙඩියෙන් පවා ගසා කෑ පට්ටපල් හොරෙකි. මෙවැනි මහා අධම හොරුන් විශ්‍රාම ලබාගැනීමෙන් පසුවත් රජයේ ඉහළ තනතුරු වල තබාගෙන සිටින්නේ කුමන පදනමක් සහිතවද යන්න ජනපති ඇතුලු වගකිවයුතු නිළධාරීන් වහා ජනතාවට පිළිතුරු දිය යුතුය.

Ananda Peiris new Civil Defence Force Director General

Top