LNN SPY

ගෝඨාගේ ආරක්ෂක ලේකම් කමල් ද බොනිෆස් ද? දිනන්න කලින්ම තනතුරු ගැටුම ඇරඹේ……. ආණ්ඩුකාරවරුන් වන්නේත් මිලිටරි නිලධාරින්ලු…..

Published on- Oct 21, 2019 ජනාධිපතිවරණයට තව දින 26 තිබියදි ම රාජපක්ෂ කඳවුරේ ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙම ගැටුමට හේතු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු තනතුරු බෙදා ගැනීමට රාජපක්ෂ වන්දිභට්ටයන් අතර එකඟතාවයක් නොමැති වීම බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂගේ රජයේ තනතුරු බෙදී යන ආකාරය සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් ඊයේ (20) රාත්‍රියේ පැවත්වී තිබෙනවා. අප විසින් මීටපෙර ගෝඨාගේ මිලිටරි ජුන්ටාව හිස ඔසවයි…… රහසිගත නිවෙස්න දෙකක කණ්ඩායම් දෙකක් සීරුවෙන්…… රට පුරා “ගෝඨා බිය ” පැතිරවීමට මෙහෙයුම් පුවත ඔස්සේ අනාවරණය කළ  ගෝඨාභයගේ මිලටරි ජුන්ටාව ස්ථානගත කොට ඇති කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක නිවෙස්නයේදි මෙම සාකච්ඡාව පැවත්වී තිබෙනවා.

එයට සහභාගි වූ පිරිස විසින් ගෝඨාගේ රජයේ තනතුරු බෙදා ගැනීම පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති අතර ගෝඨාභය රාජපක්ෂ චූ මාර්ක් ලෙස අභිෂේක ගැන්වූ හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් මෙහිදි සඳහන් කොට ඇත්තේ ගෝඨාභයගේ ආරක්ෂක ලේකම්වරයා වන්නේ තමන් බවයි.

එසේම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සියළු ආරක්ෂක අංශ හා රජයේ ජනමාධ්‍ය පවා තමා යටතේ පවත්වාගෙන යන බව මෙහිදි කමල් ගුණරත්න සඳහන් කොට ඇති අතරම ආණ්ඩුකාරවරයන් ලෙසද විශ්‍රාම ගිය ගෝඨාභයට හිතවත් හමුදා නිලධාරින් පත් කිරීමට තමා සහ ගෝඨාභය විසින් දැනටම එකඟතාවයට පැමිණ ඇති බවද සඳහන් කොට තිබේ.

මීට අමතරව අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක්ද හමුදාවේ රැන්ක්ධාරි නිලධාරින් අතරින් පත් කල යුතු බවත් එලෙස අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් වන හමුදා නිලධාරින් සියළු දෙනාම ආරක්ෂක ලේකම්වරයා ලෙස තමන්ට වගකියන යාන්ත්‍රණයක් ද මේ වන සකස් වෙමින් පවතින බවත් කමල් ගුණරත්න මෙහිදි පොර ටෝක් දෙමින් පවසා තිබේ.

ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත් විය යුතු හමුදා නිලධාරින්ගේ ගේ නාමලේඛන පවා මෙහිදි ඉදිරිපත් වී ඇති අතර කමල් ගුණරත්න විසින් තමන් කැමති සහ තමන්ට පක්ෂපාති නිලධාරින් තෝරා ගෙන අකමැති නිලධාරින් ඉවත් කොට එම ලේඛන සියල්ල තමන්ට රිසි පරිදි සකස් කොට ගෙන ඇත.

ගෝඨාභයගේ රජයේ තනතුරු ලබා දීම සඳහා සකස් කල මෙම සියළු ලේඛන අප විශේෂ නියෝජිත විසින් මේ වන විටත් අප වෙත ලබා දී ඇති අතර නුදුරේදීම ඒවා ජනතාව වෙත අනාවරණය කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

කෙසේවෙතත් කමල් ගුණරත්නගේ පෑන් පහරින් විසිවුණ නිලධාරින් පිරිසක් එම සාකච්ඡාව අවසානයේ ගෝඨා හමුවී කමල් ගේ ආරක්ෂක ලේකම් නාඩගම ගෝඨාට A to Z  වාර්තා කොට ඇති අතර ගෝඨා විසින් මෙහිදි කමල්ගේ හත් මුතු පරම්පරාවම අමතා තිබේ.

එසේම ගෝඨා එම නිලධාරින්ට පවසා ඇත්තේ තමා කිසිදිනක තම ආරක්ෂක ලේකම්වරයා ලෙස කමල් ගුණරත්න පත් නොකරන බවත් තමාගේ ආරක්ෂක ලේකම්වරයා වන්නේ මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා බවත් ය.

බොනිෆස් පෙරේරා මේජර් ජනරාල් පදවියට උසස් වන්නේ 2010 වසරේදි වන අතර ඔහු හා ගෝඨාභය රාජපක්ෂ අතර ඇත්තේ දැඩි මිත්‍රත්වයක් බවයි තතු දන්නෝ පවසා සිටින්නේ.

කෙසේවෙතත් ගෝඨාගේ මෙම තීරණය පිළිබඳව කමල් ගුණරත්න්ගේ කනේ තැබීමට එම නිලධාරින් පිරිස කටයුතු කොට ඇති අතරම ඒ හේතුවෙන් කමල් ගුණරත්න දැඩි කලකිරීමට ලක්ව තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිරූපය නංවන්නට තමා විශාල කාර්යය ක් ඉටු කළද ගෝඨාභය ට එලෙහි ගුණ නැති බව අවට සිටි පිරිසට පවසා කමල් ගුණරත්න හැරෙන තෑපෑලෙන් මහින්ද රාජපක්ෂ මුණ ගැසී ඇති අතර කන්පින්දම් ගාමින් මහින්ද රාජපක්ෂ වෙත පවසා ඇත්තේ ගෝඨාභයගේ මෙම තීරණය තමාට ආදරය අරන බොහෝ පිරීසක්ගේ අප්‍රසාදයට හේතු වනු ඇති බවයි.

මෙහිදී කමල් අස්වසමින් මහින්ද රාජපක්ෂ ඉවසා සිටින ලෙසත් තවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නොවු බවත් තමන් කමල් වෙනුවෙන් ගෝඨාභය හා සාකච්ඡා කරන බවත් පවසා ඇත.

Top