Breaking
24 Feb 2025, Mon

ගෝඨාගේ තවත් කෙබරයක් මාට්ටු….. රට ගිය අය රොතු පිටින් එනවා කිව්වාට එහෙම එන්නේ නෑ…… ආගමන විගමන දෙපාර්තමේන්තුව පහදයි!

සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් අති විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බවට ප්‍රචාරයක් ගෙන ගියද පසුගිය වර්ෂයන්ට හා මාස වලට සාපේක්ෂව විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ගේ පැමිණේමේ කිසිදු වැඩි වීමක් දක්නට නොලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන දත්ත සඳහන් කරනවා.

2019 නොවැම්බර් මාසයේ ගතවූ පළමු දින 11 දි මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් සංඛ්‍යාව 39,553 කි. පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ පළමු දින 11 දි මෙරටට පැමිණි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සංඛ්‍යාව 38 325 කි.

2019 නොවැම්බර් මස ලංකාවට පැමිණි විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් අතරින් 809 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් වන අතර එය 23018 වසරේ නොවැම්බර් මාසය හා සංසන්දනය කිරීමේ දි පෙනි යන්නේ 2018 නොවැම්බර් මස මුල් දින 11 තුළ ද්විත්ව පුරවැසියන් 723 දෙනෙකු ලංකාවට පැමිණ ඇති බවයි.

මෙම සංඛ්‍යා ලේඛන සැසදීමෙදි පෙනි යන්නේ පොහොට්ටු පාර්ශවය පෙන්වන තරම් විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් පිරිසක් ලංකාව පැමිණ නොමැති බවත් සමාන්‍යයෙන් මෙම කාලයේදි ලංකාවට පැමිණෙන ප්‍රමාණයම වාගේ පැමිණ ඇති බවත් ය.

ඒ අනුව විදෙස්ගත ශ්‍රි ලාංකියකයන් මෙරටට ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය දැමීමට පැමිණෙන වා යන්න රාජපක්ෂ කල්ලියේ තවත් සෙප්පඩ විජ්ජාව ක් බව පැහැදිළිය. ඒ තුලින් ඔවුන් උත්සහදැරුවේ ගෝඨා ට නැති ජනමතයක් ඇති බව පෙන්වීමට උත්සහ දැරීමකි.

මුල සිටම බොරුවෙන් රජ වීමට උත්සහ කළ ගෝඨා ලංකාවට පැමිණෙන මෙම පිරිස වූවද ඔහුටම ඡන්දය දමනවා යන්න විශ්වාස කොට පවසන්නේ කුමන අර්ථයෙන් දැයි විමසා සිටිය යුතුය. ඇත්ත යථාර්ථය වටහා ගන්නා ජනතාව තවදුරටත් මෙම බොරු වලින් ඇන්දිය නොහැකි බව සියලු පොහොට්ටුකාරයෝ වටහා ගත යුතුය.

අමෙරිකානු ජාතිකයන් ඡන්දය දැමිමට අයිතිය නොහැකි වුවත් සිය දරු පවුල හෝ ලංකාවට පැමිණියා දැයි අපි ගෝඨාගෙන විමසමු. රාජ්‍ය පාලනය කළ දස වසර තුළ විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් අල්පමාත්‍රයකවත් දෙයක් නොකළ රාජපක්ෂවරුන්ට මෙම මැතිවරණයේදි විදේශගත ශ්‍රි ලාංකිකයන් මතක් වූයේ ලංකාවේ දේශසීමවා තුළ ඇන්දිය හැකි හ අදින පිරිස අවසන් වූ පසුව බව අපි කැට තබා ප්‍රකාශ කරමු. එසේ නොවන්න්ට රට සල්ලි ලංකාව වෙනුවෙන් උපයන පිරිස ගැන ඔවුන්ට ඇති කැකුමක්නැත .

එසේ නම් අවසාන වශයෙන් කිව හැක්කේ දැන්වත් මේ බොරුව නතර කරන්න. නොඑසේනම් සිදු වන්නේ ඉතිරි පැය කිහිපය තුළ තවත් ඡන්ද ප්‍රමාණයක් අහිමි වීම පමණි. ගෝඨාභය රාජපක්ෂ තීරණය ඔබ සතුය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.