Breaking
23 Feb 2025, Sun

ගෝඨාගේ නීතිගරුක රට… කල්ලි පිටින් ඇවිත් මාධ්‍යවේදීයාට පහර දෙයි… මන්ත්‍රී රෝහිතගේ හොර රා කණ්ඩායම නිදැල්ලේ… පොලිස්සියට ඉහලින් ආ නියෝගයෙන් පරික්ෂණ නවතී…

Published on: Dec 9, 2019 –කළුතර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට හා ඔහුගේ බිරිඳට පහරදීම පසුපස නීති විරෝධිව කෘතිම රා නිෂ්පාදනය කිරිමේ මහා ජාවාරම්කරු පොහොට්ටු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන හේවත් වැල්ලේ පික්පොකට් ගැසු රත්තරංගේ කණ්ඩායමක් බව අනාවරණය වි තිබේ.රෝහිතගේ කෘතිම රා වැටලීම පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා ලබා දෙමින් පොලිසියට එම ජාවාරම අනාවරණය කිරිමට මාධ්‍යවේදී තුසිතා කුමාර ද සිල්වා කාලයක් තිස්සේ කටයුතු කල අයෙකු වේ.පසුගිය ජනාධිපතිවරණයට පෙර රෝහිතගෙ කෘතිම රා මෙන්ම මහා පරිමාණයේ කසිප්පු ජාවාරමද ඔහු විසින් අනාවරණය කර තිබේ.

මෙම පහරදීම සිදුකර තිබෙන්නේ, කෘතිම රා වැටලීම පිළිබඳ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස තර්ජනය කරමින්. පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියා සහ ඔහුගේ බිරිඳ අලුත්ගම රෝහලේ ප්‍රතිකාර ලබයි. පහරදීම සිදුකර ඇත්තේ අලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාධ්‍යවේදියාගේ නිවසට පැමිණ. ඔහුගේ යතුරු පැදියට හා නිවසට ද දැඩි ලෙස හානිකර තිබේ.

පුද්ගලික කාරණයක් මත මාධ්‍යවේදී තුසිත සහ ඔහුගේ බිරිඳ නිවසින් බැහැරව සිටි අතර ආයුධ සන්නද්ධ කල්ලියක් රාත්‍රී 7.00 ට පමණ ඔවුන්ගේ නිවසට කඩා වැදී ඇති අතර එම අවස්ථාවේ නිවසෙ සිට ඇත්තේ ඔහුගේ පුතා පමණී.

පසුව ඔහුන් එම ස්ථානයට පැමිණි විට, විවිධ ආයුධ සන්නද්ධ පුද්ගලයින් 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් ඔවුන්ට පහර දීමට පටන් ගෙන තිබේ. පහරදෙන අවස්ථාවේදිද රා සම්බන්ධයෙන් කල හෙළිදරවුව පිළිබඳව ඔහුන් මාධ්‍යවේදීයාට තර්ජනාත්මක අකාරයට බැණ වැදි තිබේ.

හිසට සහ සිරුරට පහරදීම් සහිතව කම්පන සහගත තත්ත්වයෙන් අලූත්ගම මූලික රෝහලට ඇතුළත් කර ඇති තුසිත කුමාර සහ ඔහුගේ බිරිඳ සෙනසුරාදා නාගෝඩා හි කළුතර මහ රෝහලට මාරු කර යවා තිබේ.

මේ වනවිට පහර දිමට සම්බන්ධ කණ්ඩායම් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුනද ඉහලින් ලැබුන නීයෝග මත ඔහුන් අත් අඩංගුවට ගැනිමට හෝ පරික්ෂණ සිදුකිරිම මේ වනවිට තර කර දමා ඇති බව ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

පසුගිය කාලය පුරා කළුතර දිස්ත්‍රික්කයේ නීති විරෝධි කෘතිම රා නිෂ්පාදනාගාර කිහිපයක් වටලනු ලැබීය. කෘතිම රා නිෂ්පාදනයට විරුද්ධ වන සියලු දෙනාට මැර තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තාවේ. පසුගිය මාස කිහිපය තුළ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් කෘතිම රා ලීටර් එක් ලක්‍ෂ පනස් දහසක් පමණ අත්අඩංගුවට ගෙන විනාශ කෙරිණ.

ස්වභාවික පොල් රා වලට සිනි, ඊස්ට් හා ඇමෝනියා එක්කරමින් ‘වල් රා’ නිපදවන අතර චීනයෙන් ගෙන්වන ලද විශේෂ පෙති වර්ගයක් කෙලින්ම ජලයට එක් කිරිමෙන්ද මේම ජාවාරම්කරුවන් රා නිපදවනු ලබනවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.