Political

ගෝඨාගේ පරාජයෙන් රේනෝ වියරු වැටේ…. හිරු ජංගියත් නැතුව කඩේ යයි…..රාජ්‍ය නාලිකාවන්ට බුරන මහින්ද දැන් මොකද කියන්නේ

Published on – Oct 25, 2019 ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ රටේ රජ කරවා විවිධ වරප්‍රසාද ලබා ගැනීමට, කුඩු කන්ටේනර් ගණනින් ගෙන ඒමට, තවත් පරම්පරා 7කට මුදල් උපයා ගැනීමට මහත් බලාපොරොත්තු සහගත ව වගකීමක්, මාධ්‍ය සදාචාරයක්, මැතිවරණ නීතියක් සත පහකට ගන්න නොගන්නා හිරු මාධ්‍ය නාලිකාව මේ වන විට සිය හොට කෙසෙල් ගහේ පටලවා ගෙන අවසානය.

දිනෙන් දින මැතිවරණ ව්‍යාපාරය තුළ ගෝඨාට ඇති ජන ප්‍රසාදය අඩුවෙද්දි කෙසේ හෝ එය රැක ගැනීම පැත්තක් නැතුව ඇත්ත කියන බව පවසමින් ජංගියද නැතුව කඩේ යන හිරු නාලිකාවේ ඊයේ (24) 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දි කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කීරීමේ අවස්ථාවට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. එච්. එම් ෆවුසි විසින් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කළ් යුතු බවට ප්‍රකාශ කළ බවට විකාශය කරනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ සමඟ ඇති කර ගෙන ඇති ඩීල් එක අනුව හිරි අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළදි උස්සා තැබිය යුතුය. එපමණකින් නොනැවති ගෝඨාගේ ප්‍රතිවාදි අපේක්ෂකයන්ගේ සායම යැවීමට ව්‍යාජ පුවත් හෝ නිර්මාණය කිරීම හිරු වෙත භාර දී ඇත. එය අකුරටම ඉටු කරමින් ෆවුසි මන්ත්‍රිවරයාගේ සිංහල උච්චාරණයේ ඇති දුර්වලතාවය ප්‍රයෝජනයට ගත් හිරු ගොට්ටෝ ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කොට විකාශය කිරීමට තරම් බංකොලොත් විය.

හිරු ගැලවු ජනතාව දැක්ක පුවත 

සිය හොර වැඩේ තරම දන්නා හිරු කපටිකමේ උපරිමයට යමින් එම පුවත 6.55 ප්‍රවෘත්ති විකාශයට අන්තර්ගත නො කිරීමට ද වගබලා ගනී. 9 .55  ප්‍රවෘත්ති විකාශයේදීද මුලින් මුලින්  හවස විකාශය කළ පුවත් ම ප්‍රචාරය කරන ඔවුන් 32 වන විනාඩියේදි මෙම කතාව ප්‍රචාරය ඒ වන විට ප්‍රවෘත්ති විකාශයේ අවධානය වෙනතකට යොමු තිබෙන ලෙස සකස් කරමින් ය.

අනෙක් අතට රණවිරුවන් අමු අමුවේ ජාත්‍යන්තරය හමුවේ පාවා දෙමින් සිය සැබෑ කුහක ස්වරූපය රටටම හෙලිකරගෙන සිටින ගෝඨා වෙනුවෙන් අනුකම්පාවක්, සිම්පතියක් ගොඩ නගා ගැනීමද මෙම පුවතේ අරමුණක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මරා දමන බවට ආණ්ඩුවෙන් තර්ජනය කළා යැයි පවසමින් විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට එවිට වේදිකාවක් වේදිකාවක් ගානේ අඬා වැලපිය හැකි බව හිරු විශ්වාස කරන්නටඇත .

හිරුට වැරදුනේ එතැනට සියල්ලට ඉහළින් සියල්ල දකිමින් සිටියාට සත්‍ය ඒ සියල්ලටාම් ඉහළින් ඇති බව මේ වන විට ජනතාවගේ සංඛ්‍යාත ජනතාව නොමඟ යැවීමටම යොදා ගනිමින් මෙම ව්‍යාජ පුවත් නිර්මාණය එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බැවිනි.

පෙර සඳහන් කළ පරිදිම හිරු කරන්නේ ඩීල් එකකි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමට වැරදිකරු වී දැනට මරණ දණ්ඩනයට තීන්දු වී සිටින රොනෝගේ ආදරණිය මල්ලි වන දුමින්ද සිල්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ගැනීම එම ඩීල් එකයි. ඒ වෙනුවෙන් රෙනෝ සිය සම්පූර්ණ ගුවන් කාලයම ලබා දී හෝ ගෝඨාභය ජනපති කරවිය යුතුමය.

නමුත් මෙම ව්‍යාජ පුවත සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් රොනෝ ට හිමිව ඇත්තේ ප්‍රශංසාවක් නොව කුණුහරුප පූජාවක් බවයි වාර්තා වන්නේ. ගෝඨාගේ පවා දීම අස්සේ පොහොට්ටුවට යන එන මං නැති වී තිබෙන අවස්ථාවක රොනෝ ඒ ගින්නට පිදුරි දමා ඇති බව පවසමින් මහින්ද රාජපක්ෂ රොනෝට බැන වැදි ඇති බවද වහාම එම විඩියෝ පටය අන්තර්ජාල ඉවත් කරන ලෙස ද පවසා ඇති බවද වාර්තා වේ. ඒ හේතුවෙන් ප්‍රවෘත්ති විකාශයේ හැරෙන්න ට අන් සියළු තැන් වලින් එම විඩියෝ පටය ඉවත් කිරීමට මේ වන විටත් හිරු මඩ බලකාය කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට හිරු නාලිකාවේ මෙම අසත්‍ය ප්‍රවෘත්ති පල කිරීමට එරෙහිව විරෝධතාවය ගොඩ නැගෙමින් පවති. අද (25) උදෑසන 10.00ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ෆවුසි මන්ත්‍රිවරයා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමක් ගැන තමන් නොපැවසූ බවය. එය තනිකර අසත්‍ය පුවතක් බවත් මන්ත්‍රිවරයා මෙහිදි සඳහන් කොට තිබේ.

තමා සිදුකළ ප්‍රකාශය විකෘති කොට හිරු නාලිකාව විසින් ප්‍රචාරය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ෆවුසිගේ පැහැදිලි කිරීම,

මේ අතර ජනාධිපතිවරණයක් කැඳවා ඇති මෙවන් අවස්ථාව රටේ මාධ්‍ය සම්බන්ධව අධික්ෂණය භාරව සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හිරු නාලිකාවේ මෙම සදාචාර විරෝධි හා නීති විරෝධි ක්‍රියාව පිළිබඳව ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.

‘මැතිවරණ නීති නොතකා මාධ්‍ය අවභාවිතය ‘ නමින් එම ලිපිය යොමු කොට ඇති අතර එහිදි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෆවුසි මන්ත්‍රිවරයාගේ සම්පූර්ණ කතාවේ කිසිම තැනක ගෝඨාභය රාජපක්ෂ ඝාතනයක් පිළිබඳව ප්‍රකාශ නොකරන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ යුතු බව පවසන බවත් ය.

හිරු නාලිකාවේ විකාශය කෙරුණු එම පුවත හිතාමතාම නිර්මාණය කරන ලද සාවද්‍ය, වෛරීසහගත ප්‍රකාශයක් බවත් ඒ හරහා රටේ ජාතිවාදි ගැටුම් නිර්මාණය කිරීම කරන ලද කුමන්ත්‍රණයක් බවත් අමාත්‍යවරයාපෙන්වා දෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් මැතිවරණ කොමසාරිස් වෙත යවනු ලැබූ ලිපිය….

එසේහෙයින් ජනතාවගේ සංඛ්‍යාත භාවිත කරමින් මෙවැනි නීතිවිරෝධී පුවත් මවන හිරු නාලිකාවට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඒ සමඟම මේ උදා වී ඇත්තේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට සිය නීතිය ඇති අවනතභාවය පෙන්වීමේ අවස්ථාවය. මැතිවරණයකදි මාධ්‍ය සමබරතාවය හා මැතිවරණ නීති ගැන පවසමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගී කියන මැතිවරණ කොමසාරිස්වරයාට මීට අවස්ථා කිහිපයකදීම දෙරණ හා හිරු මාධ්‍ය නාලිකා වල පක්ෂපාතීබව හා මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව පැමිණිලි, ලිපි ලැබුණද මෙතක් ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ ඇල් මැරුණු ස්වභාවයක් බව අපි දනිමු.

ඒ කෙසේද pපෞද්ගලික මාධ්‍ය ඉදිරියේ පූස් පැටියෙක් ගානට පුරු පුරු ගාන මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය මාධ්‍ය වලට ගිරිය පුප්පා බුරා හැලෙමින් සත්තම දාන අයුරුද අපි දුටුවෙමු. සංඛ්‍යාතජනතාවට අයිති සේම ස්වාධීන කොමිෂන් සභා අයත් වන්නේ ද ජනතාවට බව අපි මහින්දදේශප්‍රිය වෙත පවසමු.

එබැවින් බැසිල් රාජපක්ෂගේ රට බීම බෝතලයට වාල්කම් කිරීම නවතා මැතිවරණ නීති උල්ලංඝනය කරන පක්ෂපාතී ජඩ මාධ්‍ය වෙත නීතිය ක්‍රියාත්මක කරන්නේ දැයි අපි බලා සිටිමු. නොඑසේනම් ජනතාවගේ අධිකරණ බලය ස්වාධීන බව ඔබට පසක් වනු ඇති.

Top