Breaking
24 Feb 2025, Mon

ගෝඨා කොට උඩ…. යන එන මං නැතිවෙන ලකුණු….. පොහොට්ටුව විකල්පයක් හොයයි…….

Sep 30, 2019 – ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් ලෙස නොපිලිගන්නා ලෙස ඉල්ලමින් ගාමිණි වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින්  අභියාචනාධිකරණය වෙත යොමු කර ඇති පෙත්සම සැළකිල්ලට ගනිමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් මෙම නියෝගය කර තිබෙනවා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ එරෙහිව ගොනු කොට ඇති මෙම පෙත්සම ලබන ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

මේ අතර පවතින මෙම වාතාවරණය හමුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් විකල්ප ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව යෝජනාවක් සාකච්ඡා වෙමින් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසියෙකු නොවුනහොත් හා අමෙරිකානු පුරවැසිභාවයක් ඉවත් කර ගැනීමට හැකියාව නොලැබුණහොත් 19 වෙනි සංශෝධනය අනුව ඔහුට ජනාධිපතිවරණය වෙත ඉදිරිපත් වීමට නොහැකි බැවින් එම පියවර සඳහන් යොමු වීමට පොදුජන පෙරමුණ කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට අභියාචනාධිකරණය නියෝග කොට ඇති පරිදි අධිකරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂගේ  විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත සම්බන්ධ ලිපි ලේඛන වලට ප්‍රශ්නයක් නැති වුවද ඔක්තෝබර් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා පොදුජන පෙරමුණ අපහසුතාවයට පත් ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට විකල්ප ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එය සමඟ සන්ධාන ගත වීමට සූදානම් අනෙකුත් පක්ෂ නායකයින් අතර හමුවක් අද සවස පැවත්වෙන බවයි වාර්තා වන්නේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.