Breaking
24 Feb 2025, Mon

ගෝඨා වැඩ පටන් ගනී.. කෞතුකාගාර නඩුව අතුරුදහන් … අධිකරණය ලඟින් සුදු වෑන් එකක් ගියාද?

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන පැය 48 ක් යාමටද පෙර සිය සුපුරුදු රාජපක්ෂ ක්‍රියාපිළිවෙත අනුගමනය කොට තිබෙනවා.

ඒ අවුරුදු 4 ක් පුරා මෙරටේ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවති අධිකරණ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් විධායක බලතල වලට යටත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නීතියේ නැමිල්ල මීට ටික වේලාවකට පෙර බස්නාහිර පළාත් ස්ථීර මහාධිකරණයේදි කරලිය ට පැමිණි අතර ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා.

මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කර ඇති අතර අධිකරණය භාරයේ තිබු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කිරීමටද අධිකරණය උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම මෙම නඩුව දි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සිටි සියලුම ඇපකරුවන් නිදහස් කරන ලෙසද අධිකරණයේ තැන්පත් කොට තිබු ඇප මුදල් මුදා හරින ලෙසද අධිකරණය නියෝග කොට තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් ගොනු කිරීමේ හෝ පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නොමැති බැවින් විත්තිකරු එම චෝදනා වලින් නිදහස් කරන බවයි අධිකරණය ප්‍රකාශ කොට ඇත්තේ.

මේ හරහා පෙනි යන්නේ අධිකරණය ගෝඨාභය ජනාධිපතිවරයා නිදහස් කරන්න්නේ ඔහු ජනතා මුදල් අවභාවිත නොකිරීම නිසා නොව ඔහු ජනාධිපති වීම නිසා නඩු පවරන්න හැකියාවක් අධිකරණය ට නොතිබීම හේතුවෙනි.

මෙම අනුව ගෝඨාභය රාජපක්ෂ රටේ සියලුම ප්‍රශ්න වලට පෙර තම ජාමේ බේරා ගෙන ඇති අතර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට ඇති බලතල පවා නැවතත් තමා වෙත ලබා ගනිමින් පවතින බව වටහා ගත හැකිය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.