LNN SPY

චීනයට, පිලිපීනය තවත් ශ්‍රී ලංකාවක් කළ නොහැකියි…  – ෆෝබ්ස් සඟරාවෙන් අනාවරණයක්

Published on: Nov 28, 2018 – චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි වන්නේ පිලිපීන ආර්ථිකය ශ්‍රී ලංකා ආර්ථිකය හා කිසිසේත් සමපාත නොවන බැවින් බව එම පුවත් සේවයේ මාධ්‍යවේදි Panos Mourdoukoutas සිය ලිපියේ සඳහන් කරයි.

චීනයේ මෙම ණය උගුල් ඇටවීම ශ්‍රී ලංකාවේ වරාය මධ්‍යස්ථානයන් වැඩි දියුණු කිරිම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට චීන ඉදිකිරීම් සමාගම් සඳහා චීන රජය විසින් ණය ලබා දීමත් සමඟ ආරම්භ විය. මෙහිදි චීනයට එම ණය පියවීමට නොහැකි වන විට චීනය එම වරාය මධ්‍යස්ථානයන්හි සමාන අයිතිය ඉල්ලනු ලැබීය. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක අයිතිය සහ පාලනය චීනයට ලැබීමට පිටිවහලක් වූ බව එම ලිපියේ සඳහන් කර තිබේ.

පිලිපීනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්න්ධයෙන් මූල්‍ය ණය ආධාර ලබා දිමට චීනය හා පිලිපීනය අතර ව්‍යාපෘති ගිවිසුම් කිහිපයක් සඳහා අත්සන් තැබුණි. නමුත් චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිත කළ ක්‍රමෝපායයන් පිලිපීනය මත ක්‍රියාත්මක කිරීමට අසීරු වන හේතු වන කාරණා දෙකක් තිබේ.

පළමුවැන්න ශ්‍රී ලංකාවට සමඟ බලන විට පිලිපිනයේ විදෙස් ණය කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පැවතිමයි. පිලිපීනයේ නාවික සබඳතා හා සමුද්‍රීය නීතිය පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ජෙයි බටොන්ග්බාකල් පවසන්නේ “පිලිපීනය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඉතා ඉහළ හා අත්දැකීම් බහුල රටක්“ වන බවයි. ඉන් අදහස් වන්නේ පිලිපීනය වෙළෙඳපොල ආර්ථිකයන්හි දක්නට ලැබෙන ක්ෂණික ණය අර්බුදයන් වැළැක්වීමට පිලිපීනයට ඇති හැකියාව බව එම පුවත් සේවය සඳහන් කර තිබේ.

දෙවැනි කරුණ වන්නේ පිලීපීනය සතු විශාල ආර්ථික පසුබිමයි. පිලිපීනයේ දළ දේශීය නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ මෙන් සිව් ගුණයක් බව එම පුවත් සේවය තවදුරටත් සඳහන් කර සිටිනවා.

අදාළ ලිපිය සදහා පහත LINK එක හරහා පිවිසෙන්න 

China Cannot Turn The Philippines Into Another Sri Lanka

 

 

Top