පුවත්

ජනතාවට තොණ්ධුව දමන IMF නාඩගම සති අන්තයේ නටයි!

IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට පොහොට්ටුව ඇටවු ජනපති රනිල් නියෝගකර තිබේන බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදින පැවැත්වෙනු ඇත.ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ෙඩාලර් බිලියන 36 පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කර ගැනිමට අදාළ අනුමැතිය ලබාගැනිම සදහායි.

ඊට අමතරව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.මේ

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් එම අරමුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව රනිල් රාජපක්ෂලාගේ සහ IMF සුරතල් කුක්කා මහ බැංකු අධිපති නන්දලාල් දිගින් දිගටම ප්‍රකාශ කළද එය අසත්‍යයක් බව අද අනාවරණය වුනා. ඒ අද (30) පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය මුදල් කාරක සභාවේදී යි. එම අවස්ථාවට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වු විජිත හේරත් සදහන් කළේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදලෙන් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරිම පිළිඳව කිසිදු නිල දැනුම්දීමක් එම අරමුදල් ප්‍රධානීන්ට මේ දක්වා සිදු කර නැති බවයි.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදල අරමුදල්වලට අනිවාර්යයෙන් දැඩි බලපෑමක් එල්ලවන බව ඔහු මේහිදි පෙන්වා දි සිටියා.

https://www.youtube.com/watch?v=vDb6ZcokHVU

මේ වනවිට සැලසුම්කර තිබෙන ක්‍රියාමාර්ග අනුව සේවක අර්ථසාදක අරමුදලට එල්ලවන බලපෑම පිළිබඳව මාධ්‍යවේදියෙකු මහ බැංකු අධිපතිවරයාට යොමු කළ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර රජයේ නිල වෙබ් අඩවියෙන් උපුටාගෙන පහත දැක්වේ.

ප්‍රශ්නය –

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් රටේ විවිධ මත පළ වෙනවා. භාණ්ඩාගාර බිල්පත් ක්‍රමය හෝ යෝජනා කරන 30%ක බදු ක්‍රමය යටතේ හෝ අවසානයේ ලැබෙන මුදලට මොකද වෙන්නේ?

රනිල් රාජපක්ෂලාගේ සහ IMF සුරතල් කුක්කා මහ බැංකු අධිපති නන්දලාල්

දැනට ප්‍රතිලාභීයාට ලැබෙන මුදල ඒ ආකාරයෙන්ම වෙනසක් නොමැතිව පවතිනවා. ආයෝජනය කිරීමෙන් ලැබෙන පොළිය 9% ද ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අනුව දැන් තිබෙන තත්ත්වයයි, ඉදිරි තත්ත්වයයි අතර කිසිදු වෙනසක් නැහැ. හැබැයි සියයට 30 බදු මුදල නොගෙව්වොත් 9% ගෙවන්න බැරි වෙනවා. එවිට 7% හෝ 8% ක පොළිය තමයි හිමි වෙන්නේ.

එහිදී අපට සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් වෙනුවෙන් ගතහැකි හොඳම තීන්දුව ගන්න සිදු වෙනවා. 9% ගෙවන්න පුළුවන් බව අප විශ්වාස කරනවා. ඒ වගේම අරමුදලේ එකතුවට කිසිදු හානියක් වෙන්නේත් නැහැ.”

මේ අනුව පැහැදිලි වන්නේ මෙම අරමුදල, ලබන ආදායම් මත 30%ක බදු මුදලක් පැනවීමට එකඟ නොවන්නේනම් ගිණුම් හිමියන්ට ලැබෙන පොලී ආදායම 7% දක්වා පහත දනමන බවය. මෙම තර්ජනය එල්ල වී තිබෙන්නේ පසුගිය 2022 වසරේදී එම අරමුදල ලබා ගන්නා ලද ශුද්ධ ආදායම 11.7%කින් පහත වැටී තිබෙන පසුබිමකය. එම වසරේ එහි ශුද්ධ ආදායම රුපියල් කෝටි 26,410ක් වූ බව මහ බැංකු වාර්තාවේ දැක්වේ.

එම ශුද්ධ ආදායමට 30%ක බද්ධක් ගැසුවහොත් ආණ්ඩුව ලබාගතහැකි ආදායම රුපියල් කෝටි 7,923කි. එහෙත් 2022 වර්ශයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අය කර ගත හැකිව තිබියදී අය කර නොගත් බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 90,400ක් බව මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට විගණකාධිපති එක්කර තිබෙන වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අනුව සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල්වලට දැඩි බලපෑමක් එල්ල කරන ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තුළ මහ පරිමාණ බදු ජාවාරම් කරුවන් කෙරෙහි කිසිදු අවදානයක් යොමු නොකර ජනතාව මත තවත් පීඩණය පටවන බව පැහැදිලි වී තිබේ.

https://lankanewsnetwork.org/archives/29424
Top