පසුගිය කාලයේ සමහරුන් කිව්වේ ලංකාවේ මහ දවල් සිදුවූ මහා මංකොල්ලය මහ බැංකුවේ අප්‍රසිද්ධව සිදුකල භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලය කියලයි. විගණකාධිපති වරයාද එදා කෝප් කමිටුවේදී සඳහන් කලේ මෙම හොරකමින් දල වශයෙන් රුපියල් බිලියන 1.6 ක් පමණ දිගුකාලීනව රටට අහිමි වන බවකි.

With the Committee on Public Enterprises (COPE) scheduled to submit its findings on the bond scam at Central Bank later this month, the Auditor General has confirmed that the country lost a staggering Rs. 1.6 billion due to the scam.

තවත් සමහරුන් ප්‍රකාශ කලේ රුපියල් බිලියන 8.7 ක් රජයට අහිමි වූ බවයි. වෙරිටේ රිසච් පර්යේෂණ ආයතනය (Verite Research) කියන්නේ ඩොලර් බිලියන 0.9 ක් අහිමි වූ බවකි.

[doc id=30278]

කෙසේ වෙතත්, වැදගත්ම දේ ඒ කොල්ලයට සම්බන්ධ බවට ප්‍රධාන චෝදනාව එදා එල්ල වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අතිජාත මිත්‍ර එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ය.

රනිල්ගේ ඔඩොක්කු කුක්කන්!

මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සැඟවී සිටින බව රනිල් වික්‍රමසිංහ හැර ලංකාවේ අනෙක් හැමෝම හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකදේ ගසන තුරු නින්ද නොයන බව කියූ මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, දිනේෂ් ගුණවර්ධනලා, බන්දුල ගුණවර්ධනලා, මහින්දානන්දලා, රත්තරංල අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ ඔඩොක්කු කුක්කන් බවට පත් වීම දෛවයේ සරදමකි. එදා පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ හිරේ දමන තුරු නින්ද නොයන බව කියූ මහින්දානන්ද අද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමට රැය පහන් කරනු දැකීම කෙතරම් අපූරුද? ඒ ලංකාවේ දේශපාලනයේ ස්වභාවය යි. සම හරක්ට මෙය තවම නොතේරේ. නැත්නම් ඔවුන්ට එය තේරුම් ගැනීමට අවශ්‍ය නැත.

මෙදා රනිල් Vs නන්දලාල්

ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකල මහාම මහා මංකොල්ලය ඔබ තවම නොදන්නවා ඇති. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් කල අර්ථසාධක අරමුදල් මංකොල්ලයයි. History Repeats කියනවා වගේ මේ මංකොල්ලයටත් වගඋත්තර කරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ සහ එදා අර්ජුන මහේන්ද්‍රන්ගේ දෙවනියා වෙච්ච අද IMF නියෝජිත (සමහරු කියන ආකාරයට) ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ වීම අහම්බයක් නොවෙයි. එදා ඔබලාට නොදැනෙන්න කල බැඳුම්කර හොරකම හෙළිදරව් වන්නේ කාලයක් ගත වීමෙන් පසුවයි. එහෙත් මෙදා ඔවුන් හොරකම කලේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අරගෙන යි.

ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත් රනිල්!

රනිල් වික්‍රමසිංහ කවදාවත් එකම හොරකම එකම විදිහට දෙවතාවක් නොකරයි . ඒ ඔහුගේ ක්‍රමයයි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකඳේ ගැසීමට කතා කල රාජපක්ෂලාගේ එහෙයි නඩය මෙදා බැඳුමකර හොරකම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර දෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරව වීම විශේෂ ය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වූ විට රනිල් වික්‍රමසිංහට දෙකොනින්ම හිනා යන්නට ඇත. මෙදා සැරේ “මම ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත්තා” කියා ඔහුට බොහෝ විට හිතෙන්නට ඇත.

මෙම බැදුම්කර හොරකම සිදු කිරීම සඳහා නන්දලාල් වීරසිංහ සහ රනිල් වික්‍රමසිංහට එතරම් මහන්සියක් අවශ්‍ය නොවීය. මෙයින් සිදුවූයේ හඬක් හෝ හරි හමන් අවබෝධයක් නොමැති මිලියන 2.4 ක් වන කම්කරුවන්ට අයත් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 3.2 ක් (රුපියල් බිලියන 3200 ක්) හෙවත් ඩොලර් බිලියන 10 ක් පසුගිය අඟහරුවාදා, මහ දවල් මංකොල්ල කෑමයි. සේවක අර්ථසාධක අරමුදලට අහිමි වන මුදල පිළිබඳ තොරතුරු සඳහා මේ ලිපිය බලන්න.

Sri Lanka Gets Closer to IMF Funds With Local Bond Swap Deal

මෙය ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම විශ්‍රාම අරමුදල් මංකොල්ලයයි. ලංකාවේ මිනිසුන්ට මෙය නොතේරීම සාමාන්‍යයි. ලංකාවේ සම හරක් මිනිසුන් මේ වන විට නිර්වින්දනය වී ඇත. නැත්නම් ස්වයංව වින්දනයට පත්වී ඇත. (ඔවුන් පුරවැසියන් නොවේ. මන්ද පුරවැසියෙකුට පුරවැසි වගකීමක් වගේම වගවීමක්ද ඇත. සම හරක්ට ඒ දෙකම නැත) ඔවුන් හොරකම අනුමත කරන්නන් වන අතර හොරකමට විරුද්ධ වන්නන් ඔවුන්ට පේන්නේ ද්‍රෝහීන් ලෙසය.

ඩොලර් සොච්චම්කට යටකල රට!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සොච්චම් ඩොලර් බිලියන 2.9 ක්, ණයක් හැටියට 5%-6% වාර්ෂික පොලියකට වාරික අටකින් වසර හතරක් තුල ලබා දීමට එකඟ වී ඇත. එක් වාරිකයක් ඩොලර් මිලියන 333 කි. වසරකට මෙවැනි වාරික දෙකක් ලැබේ. එහෙත් , මැදපෙරදිග සේවය කරන කම්කරුවන් මසකට ඩොලර් මිලියන 400-450 ත් අතර ප්‍රේශන ලංකාවට එවන බව බොහෝ අය නොදනී. රජය නිවැරැදි වැඩපිළිවෙළක් අනුගමනය කරන්නේ නම් ඩොලර් මිලියන 700-800 අතර ප්‍රමාණයකට එය ඉහළ දා ගත හැක.

ලංකාවේ පාලකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සඳහා මේ වන විට රටේ ජනයාට අත් කර දී තිබෙන දුක, කනගාටුව, මානසික පීඩාව කොපමණද කියා අමුතුවෙන් ඔබට කිව යුතු නැත. රටේ තෙල් පෝලිම් , ගෑස් පොලිම් නොපෙණුනාට, උද්ධමනය 4% ට අඩු වුනාට රටේ 80% ක් මිනිසුන්ගේ මිල දී ගැණීමේ හැකියාව (Purchasing Power) 60% කින් පමණ කඩා වැටී ඇත. ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම වැඩි වී නැත. සම හරක්ට එය දැණුනද මේ නරාවලේම ලැගීම සතුටක් ලෙස ඔවුන් සලකති. ඉන් මිදීමට මාර්ගය කොතෙක් පෙන්වුවද ඔවුන්ට එය නොපෙනෙයි. නොපෙනෙනවා සේ හැසිරෙති.

එක අතකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රටේ වැඩකරන කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදලින් 2038 දක්වා ඉදිරි වසර15 ක් පුරාවට රුපියල් ට්‍රිලියන 3.2 කට වැඩි මුදලක් කොල්ල කන අතර අනෙක් අතට අසීමිත බදු බරක් ජනයා මත පැටවීම හේතුවෙන් මිලියන 7 ක් ජනයා අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙති. පසුගිය දා නිකුත් වූ ලෝක බැංකු නවතම වාර්තාවක පෙන්වා දී ඇති අන්දමට මෙම තත්ත්වය දිගටම පැව්තීම තුල විශාල සමාජ අර්බුදයක් කරා රට තල්ලු වනු ඇත. ලංකාවේ පර්‍යේෂන ආයතනයක් වන ලර්න් ඒෂියා (LIRNEasia) මෑතක පලකල පර්‍යේෂන පත්‍රිකාවක මෙය තවත් තහවුරු කොට ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ දල ආදායම මත (Gross Income) 14% ක ආදායම් බද්දක් අයකිරීම ආරම්භ වන්නේ 2017 දී යහපාලන රජය සමයේය. 2019 දී ආර් ප්‍රේමදාස රජය 10% ක ආදායම් බද්දක් සේවක අර්ථසාධක අරමුදල මත ඒ වන විටත් පනවා තිබුණි. කෙසේ වෙතත්, 1956 බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමැති ටී. බී ඉලංගරත්න මහතා ඉදිරිපත් කල 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් මුල් පනතින් විශ්‍රාම අරමුදල් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට තිබුණි. එහෙත් එජාපය දෙවතාවකදී මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ ආදායමින් බදු වශයෙන් විශාල මුදලක් ලබා ගෙන ඇත. එය අදටත් ක්‍රියාත්මක යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රුපියල් ට්‍රිලියන 3.2 ක් අරමුදලේ ආදායමි කපාගැනීම සිදුවන්නේ බද්දට අමතරව ය. එමෙන්ම, සාමාජිකයකු විශ්‍රාම යන විට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකය රුපියල් 1000,000 වැඩි වන්නේ නම් 10% ක රඳවා ගැනීමේ බද්දක් අයකර ගැනීමක්ද සිදුවෙනවා. මීට අමතරව වෙනත් බැංකු සහ සමාගම් බදු ගෙවන්නේ ඔවුන්ගේ ශුද්ධ ආදායමටය (Net Income). එහෙත් සේවක අර්ථසාධක අරමුදලෙන් බදු ගන්නේ දල ආදායමටයි (Gross Income ).

පාලකයන්ගේ පව් සියල්ලටම ජනතාව කරගැසීම!

පසුගිය සතියේ නිකුත් කල බැඳුම්කර වලට පවා ආසන්න වශයෙන් 18% ක පොලියක් හිමිවිය. සමහර මාස වල නිකුත් කල බැඳුම්කර සඳහා 22%-24% මට්ටමක ඉහළ පොලියක් ගෙවීමට මහා භාණ්ඩාගාරය එකඟ වී තිබුණි. බැදුම්කර ගැණුම් කරුවන්ට ඉහළ පොලී අනුපාත ලැබුණත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට ලැබෙන්නේ උපරිම 9% කි. මෙය 9% ට වඩා අඩුවීමට වුවද ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති වරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කලේය.

මේ සියල්ලෙන් පෙනී යන පොදු කාරණය වන්නේ හඬක් නැති සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වන රටේ කම්කරු ජනතාවට මේ පාලකයන්ගේ පව් සියල්ලටම කරගැසීමට සිදුව ඇති බවකි. බලය හිමි ප්‍රාථමික ගැණුම්කරුවන් , බැඳුම්කර මිල දී ගෙන ඇති මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ බැංකු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බේරි ඇත. ලංකාවේ මිටි තැනින් වතුර බැස යන්නේ එලෙසය. එහෙත්, පාලකයන්ගේ මෙවැනි කූඨ , කොල්ලකාරි පාලනයේ ආදිනව දැනී ඊට විරුද්ධව ජනයා නැගිටින දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුය.

ශාන්ත ජයරත්න
සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
15.9.2023

ලංකාව බංකොලොත් වූ බව ලෝකයට අනාවරණය කලේ 2022 අප්‍රේල් 12 වන දාය. මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විසින් දෙස් විදෙස් මාධ්‍ය කරුවන් ඉදිරියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා එම පුවත නිවේදනය කිරීමෙන් පසු ලෝකයේ කිසිදු රටක් හෝ ආයතනයක් ලංකාවට ණය ලබා දීමට ඉදිරිපත් නොවීය. බංකොලොත් රටකට ණය දෙන්නට ඔවුන්ට පිස්සුවක් තිබිය නොහැක.

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා හැටියට පත්වීමෙන් පසු ඔහුගේ ආර්ථික න්‍යාය “රනිලානොමික්ස්” (Ranilanomics) ක්‍රියාත්මක කිරීම තුල විශේෂයෙන්ම නාගරික මැද පංතියේ ජනයා තුල යම් බලාපොරොත්තුවක් ඇති වූයේ දින කිහිපයක් ඇතුලත තෙල් පෝලීම්, ගෑස් පෝලිම් නැති වී, පැය 24 පුරාම විදුලිය ලැබීම වැනි රෝග ලක්ෂණ කිහිපයක් සුව වීමත් සමගය. විදේශ ණය නොගෙවා හෝ ඉහත සේවා ලබා දෙන්නේ නම් නාගරික සමහර ජනයාට කම් නැත. ඔවුන්ගේ සුවදායි ජීවන රටාවට බාධාවක් නොවන තාක් ණය බර, උද්ධමනය, ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි බර මාතෘකා ඔවුන්ට අදාළ නැත. එහෙත් කවදා හෝ මේ සියළු ණය ගෙවීමට සිදුවන්නේ රටේ පුරවැසියන් හැටියට ඔවුන්ද ඇතුළුව අප සියළු දෙනාටම බව අමතක නොකල යුතුය. රෝග ලක්ෂණ සුව කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා යම් සමත් කමක් දක්වා ඇත. එහෙත් ඔහු රෝගය සුව කරන්නට උස්සාහ ගන්නා බවක් නොපෙනේ. ඔහුට IMF බෙහෙත් වට්ටෝරුව හැර වෙනත් වට්ටෝරුවක් නැත. රෝගය සුව වන්නට නම් ණය ගෙවිය යුතුය. ණය ගෙවීම පැහැර හැර මේ වනවිට මාස 16ක් ගත වී ඇත. මෙම කාලය තුල ගෙවීමට තිබූ විදේශ ණය ඩොලර් බිලියන 5-6 අතර ප්‍රමාණයක් මෙතෙක් ගෙවා නොමැත. තවත් වසර 30 ක් වත් සෑම වසරකම ඩොලර් බිලියන 5-6 අතර ප්‍රමාණයක් ගෙවීමට තිබෙන බව බොහෝ පුරවැසියන්ට අවබෝධයක් නොමැත.

රට බංකොලොත් බව නිවේදනය කිරීමට හේතුව විදේශ ණය ගෙවීමට සහ ආනයන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් ඩොලර් සංචිත මහබැංකුව සතුව නොතිබීමයි. 2021 මැයි මාසය වන විට මහබැංකුවේ විදේශ සංචිත ඩොලර් මිලියන -175 ක සෘන ශේෂයක් ගෙන තිබුණි. ඉන් පසු සෑම මසකම එක දිගට පිරිහී 2022 මැයි මාසය වන විට විදේශ සංචිත හිඟය සෘන ඩොලර් බිලියන -5.5 ක් හෙවත් රුපියල් බිලියන 1980 ක් පමණ වී ඇත. වැඩි විස්තර සඳහා;
Sri Lanka’s new government: Be warned of the empty treasury and negative foreign reserves

එසේනම් රජය මේ මොහොතේ කල යුත්තේ කුමක්ද? රටට ඩොලර් ලැබෙන සීමිත මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම සහ ඒවා සඳහා ප්‍රමුඛතාව ලබා දී හැකි තාක් රටට ඩොලර් එකතු කරගැනීම තුල සංචිත ගොඩනගා ගැනීම නොවේද ? එහෙත්, ඔවුන් එසේ කරන බවක් පේන්නට නැත. පසුගිය මාසයේ මහබැංකුව විසින් නිකුත් කල ජූනි මාසයට අදාළ දත්ත පිරික්ෂීමේදි රෝගය උත්සන්න වන බව පේන්නට ඇත. (External Sector Performance -June 2023, Economic Research Dept., CBSL issued on 31 July)

ලංකාවට වැඩි ඩොලර් ආදායමක් ලැබෙන එක් ප්‍රධාන අංශයක් වන්නේ විදේශ වෙළඳාමයි. 2023 ජනවාරි සිට ජුනි දක්වා පළමු මාස හය 2022 එම කාල සීමාව සමග සැසඳීමේදී භාණ්ඩ අපනයන ආදායම -10.0% කින් කඩා වැටී ඇත (Merchandise Exports). 2022-2023 ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලය තුල අපනයන ආදායම පිළිවෙලින් අමෙරිකානු ඩොලර් මිලියන 6,522 සිට 5,871 දක්වා අඩු වී ඇත. එමෙන්ම, 2023 ජුනි මාසය පමණක් ගත් විට (ඩොලර් මිලියන 1,005) එය තවත් පිරිහී ඇත. 2022 ජුනි මාසයට සාපේක්ෂව (ඩොලර් මිලියන 1,249) -19.5% කින් අපනයන ආදායම කඩා වැටී ඇති අතර එය නොසලකා හැරිය හැකි අගයක් නොවන බව අප අවබෝධ කරගත යුතු ය. 2023 ජූලි මාසයේ එය තවත් පහළ යෑමට ඉඩ ඇත. එහෙත් රජය කියන්නේ දැන් රට ආර්ථික අර්බුදයෙන් මිදෙමින් හරි පීල්ලේ යන බවකි. එසේනම් රට තව තවත් බංකොලොත් වෙමින් යන්නේ ඇයි ?

2022 පළමු මාස 6 ට සාපේක්ෂව 2023 පළමු මාස 06 තුල අපනයන කඩාවැටීම එක් එක් අංශ වශයෙන් සැලකුව හොත්, කර්මාන්ත අංශයේ ඇඟලුම් -18.2% කින්ද, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන -12.3% කින්ද, පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන -28.4% කින්ද වගේම තවත් එවැනි නිෂ්පාදන රාශියක් සැලකිය යුතු මට්ටමින් කඩා වැටී ඇත. යම් නිෂ්පාදන සුළු වශයෙන් වර්ධනයක් පෙන්නුම් කරන බවද කිව යුතුය . කෘෂිකර්ම අංශය ගත හොත්, රබර් අපනයනය -26.2% කින්ද, පොල් අපනයන -25.4%, සුළු අපනයන භෝග -4.6% කින්ද, මාලු අපනයනය -6.9% කින්ද කඩා වැටී ඇත. තේ අපනයන ආදායම පමණක් පසුගිය මාස හය තුල 10.6% ක වර්ධනයක් ලඟා කරගෙන ඇත . ඒ වගේම ඛනිජ සම්පත් අපනයනය -30.4% කින් කඩා වැටී තිබීම අවධානය යොමු කල යුතු කරුණකි. මේවා සියල්ල සලකා බැලීමේදී ඔබට හැඟෙන්නේ කුමක් ද? මේ පාලකයන්ට අර්බුදයෙන් ගැලවීම සඳහා කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් නැති බව නොවේද ?

අපනයන ආදායම අඩු වූවත් ආනයන වියදම ජුනි මාසයේ යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. 2022 ජුනි මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,226 ක් වන විට 2023 ජුනි මස එය ඩොලර් මිලියන 1,369 දක්වා 11.6% කින් ඉහළ ගොස් ඇත.

ආර්ථික දත්ත සියල්ල ලබා ගැනීමට වාර්තාව බලන්න.
[doc id=30219]

රජය විශ්වාසය තබා ඇත්තේ විදේශ ශ්‍රමික ප්‍රේශන සහ සංචාරක ආදායම කෙරෙහි පමණි. මන්ද ඒ සඳහා රජයට කිසිදු විශේෂ යමක් කිරීමට නැත. ඒ අංශ දෙකේ පමණක් යම් සැලකිය යුතු වර්ධනයක් 2023 පළමු මාස 6 තුල පෙන්නුම් කරයි. එහෙත්, ඉන් ලැබෙන ආදායම මත පමණක් යැපීම ප්‍රමාණවත් ද? සැප්තැම්බර් මාසය වන විට සංචාරක පැමිණීම විශාල වශයෙන් අඩු වනු ඇත (Off Season). ඒ තුල රජයේ ඩොලර් ආදායම තවත් අඩුවීම නොවැළැක්විය හැකි ය. එසේනම් විකල්ප ආදායම් මාර්ග මොනවාද ? රජයට එවැනි වැඩපිළිවෙළක් නැත .

රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා ආණ්ඩුව භාර ගෙන මේ වන විට මාස 16 ක් සම්පූර්ණ කොට ඇත. එම කාලය තුල ඉන්ධන ගෑස් පෝලිම් නොදැකීම හැර වෙනත් ප්‍රගතියක් ඔබට දකින්නට තිබෙනවා ද ? රට පැවති තත්වයෙන් තවත් පහළට වැටී ඇත. ඊට ප්‍රධාන හේතුව මෙම පාලකයන්ගේ ආර්ථික කළමනාකරණයේ තිබෙන දුර්වලතාවයයි. ප්‍රමුඛතා හඳුනා නොගැනීමයි. තවත් මාස කිහිපයක් මේ අන්දමට ගමන් කල හොත් අපට කීමට වන්නේ Ranil+No+Economics කියාය. රටේ බහුතර ජනතාවට මෙම යථාර්ථය අවබෝධ කරගැනීමට අවශ්‍ය ණැන නුවණ ඉක්මනින්ම පහළ වේවා.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
30.08.2023

ශ්‍රි ලාංකික පවුල් සියයට 62ක් (62%) ජීවනෝපාය පදනම් කරගත් උපාය මාර්ග භාවිතාකරමින් සිය අහාර ලබා ගැනිම සදහා කටයුතු කරන බව එක්සත් ජාතින්ගේ මානුෂීය වාර්තාව පෙන්වා දෙනවා.(Economic Crisis) – January-June 2023. එම වාර්තාවට අනුව සියයට 62ක පවුල් ඉතුරුම් ආපසු ගැනීම, මුදල් ණයට ගැනීම, ණයට ආහාර මිලදී ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අනාවරණය වි තිබේ. 2022 මැයි මාසයේ වනවිට ඉන් හරි අඩක් පමණ හදිසි හෝ අර්බුද මට්ටමේ ජීවනෝපාය උපාය මාර්ග භාවිතා කිරිමට කටයුතු කර තිබේ.එනම් “නිෂ්පාදන වත්කම් විකිණීම (උදා: ගොවි උපකරණ), අත්‍යවශ්‍ය සෞඛ්‍ය/අධ්‍යාපන වියදම් අඩු කිරීම, දරුවන් සම්පූර්ණයෙන්ම පාසලෙන් ඉවත් කිරීම, සහ ඉඩම් විකිණීම”.

Right to reply…
desman@ejournalistlk.co.uk
editor@lankanewsnetwork.org
Lanka News Network Uncensored News Of The Sri Lanka Regime

2023 මැයි මාසය වනවිට මිලියන 3.9 ක ජනතාවක් මධ්‍යස්ථ ලෙස දැඩි ලෙස ආහාර අනාරක්‍ෂිතව සිටින අතර නිවාස 10,000 කට අධික සංඛ්‍යාවක් දැඩි ලෙස ආහාර අනාරක්ෂිතව සිටි.වතුකරයේ මේ තත්ත්වය උග්‍ර ලෙස ඉහලගොස් ඇති අතර එම ප්‍රජාවන් ඉහළම මට්ටමේ උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවද අනාවරණය වේ.රනිල් රාජපක්ෂලාගේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති මේ සදහා සaජුවම බලපෑම් එල්ල කර තිබේන බව නොරහසකි.

2022 වසර තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 7.8 කින් හැකිලී ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා සහ ජීවනෝපාය අහිමිවීම් රැසක් සිදු විය. ඊට සමගාමීව රට අස්ථාවර පාලනයක් සහ පුලුල්ව පැතිරුනු සිවිල් නොසන්සුන්තාවක් සහිත දේශපාලන අර්බුදයකින් පීඩා විඳිමින් සිටියේය. රාජපක්ෂලාගේ හොරකම් සහ දුෂණ, ඝාතන, නාස්තිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී මර්දණයන් හමුවේ රටේ ආර්ථිකය මස්තබාල්දුකරණයට ලක්වු අතර පසුව දැවැන්ත ජනතා නැගිටිම හමුවේ දුෂිත රාජපක්ෂ නඩය එලවා දැමිමට ජනතාව කටයුතු කළා.නමුත් රාජපක්ෂ හොර නඩය ක්ෂණයකින් සිය කුප්‍රකට මිතුරා වන රනිල් රාජපක්ෂ බලයට ගෙන එම හරහා නැවැතත් බලය තහවුරු කර ගැනිමට සමත් විමත් සමග රටේ ජනතාව අන්ත දිළිඳු තත්ත්වයක් දක්වා ඇද දමා තිබේ.

ශ්‍රී ලංකාව 2023 මාර්තු 20 වැනි දින නිල ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් ණය සහන සහතික ලබා ගැනීමෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මණ්ඩලය විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ මාස 48ක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් අනුමත කළ නමුත් මේ වනවිටත් එම මුදල් පවා රහසේම කොල්ල කෑමේ ව්‍යාපෘති රනිල් රාජපක්ෂලා දියත් කරමින් සිටි.

UNICEF Sri Lanka Humanitarian Situation Report

[doc id=30070]

IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම සඳහා ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට පොහොට්ටුව ඇටවු ජනපති රනිල් නියෝගකර තිබේන බව වාර්තා වේ.

ඒ අනුව පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදින පැවැත්වෙනු ඇත.ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ෙඩාලර් බිලියන 36 පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කර ගැනිමට අදාළ අනුමැතිය ලබාගැනිම සදහායි.

ඊට අමතරව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.මේ

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම තුළින් එම අරමුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව රනිල් රාජපක්ෂලාගේ සහ IMF සුරතල් කුක්කා මහ බැංකු අධිපති නන්දලාල් දිගින් දිගටම ප්‍රකාශ කළද එය අසත්‍යයක් බව අද අනාවරණය වුනා. ඒ අද (30) පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය මුදල් කාරක සභාවේදී යි. එම අවස්ථාවට එක්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වු විජිත හේරත් සදහන් කළේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදලෙන් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරිම පිළිඳව කිසිදු නිල දැනුම්දීමක් එම අරමුදල් ප්‍රධානීන්ට මේ දක්වා සිදු කර නැති බවයි.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදල අරමුදල්වලට අනිවාර්යයෙන් දැඩි බලපෑමක් එල්ලවන බව ඔහු මේහිදි පෙන්වා දි සිටියා.

https://www.youtube.com/watch?v=vDb6ZcokHVU

මේ වනවිට සැලසුම්කර තිබෙන ක්‍රියාමාර්ග අනුව සේවක අර්ථසාදක අරමුදලට එල්ලවන බලපෑම පිළිබඳව මාධ්‍යවේදියෙකු මහ බැංකු අධිපතිවරයාට යොමු කළ ප්‍රශ්නයක් සහ එයට ලබා දුන් පිළිතුර රජයේ නිල වෙබ් අඩවියෙන් උපුටාගෙන පහත දැක්වේ.

ප්‍රශ්නය –

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් රටේ විවිධ මත පළ වෙනවා. භාණ්ඩාගාර බිල්පත් ක්‍රමය හෝ යෝජනා කරන 30%ක බදු ක්‍රමය යටතේ හෝ අවසානයේ ලැබෙන මුදලට මොකද වෙන්නේ?

රනිල් රාජපක්ෂලාගේ සහ IMF සුරතල් කුක්කා මහ බැංකු අධිපති නන්දලාල්

දැනට ප්‍රතිලාභීයාට ලැබෙන මුදල ඒ ආකාරයෙන්ම වෙනසක් නොමැතිව පවතිනවා. ආයෝජනය කිරීමෙන් ලැබෙන පොළිය 9% ද ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඒ අනුව දැන් තිබෙන තත්ත්වයයි, ඉදිරි තත්ත්වයයි අතර කිසිදු වෙනසක් නැහැ. හැබැයි සියයට 30 බදු මුදල නොගෙව්වොත් 9% ගෙවන්න බැරි වෙනවා. එවිට 7% හෝ 8% ක පොළිය තමයි හිමි වෙන්නේ.

එහිදී අපට සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් වෙනුවෙන් ගතහැකි හොඳම තීන්දුව ගන්න සිදු වෙනවා. 9% ගෙවන්න පුළුවන් බව අප විශ්වාස කරනවා. ඒ වගේම අරමුදලේ එකතුවට කිසිදු හානියක් වෙන්නේත් නැහැ.”

මේ අනුව පැහැදිලි වන්නේ මෙම අරමුදල, ලබන ආදායම් මත 30%ක බදු මුදලක් පැනවීමට එකඟ නොවන්නේනම් ගිණුම් හිමියන්ට ලැබෙන පොලී ආදායම 7% දක්වා පහත දනමන බවය. මෙම තර්ජනය එල්ල වී තිබෙන්නේ පසුගිය 2022 වසරේදී එම අරමුදල ලබා ගන්නා ලද ශුද්ධ ආදායම 11.7%කින් පහත වැටී තිබෙන පසුබිමකය. එම වසරේ එහි ශුද්ධ ආදායම රුපියල් කෝටි 26,410ක් වූ බව මහ බැංකු වාර්තාවේ දැක්වේ.

එම ශුද්ධ ආදායමට 30%ක බද්ධක් ගැසුවහොත් ආණ්ඩුව ලබාගතහැකි ආදායම රුපියල් කෝටි 7,923කි. එහෙත් 2022 වර්ශයේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අය කර ගත හැකිව තිබියදී අය කර නොගත් බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 90,400ක් බව මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවට විගණකාධිපති එක්කර තිබෙන වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අනුව සේවක අර්ථසාදක අරමුදල ඇතුළු විශ්‍රාමික අරමුදල්වලට දැඩි බලපෑමක් එල්ල කරන ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය තුළ මහ පරිමාණ බදු ජාවාරම් කරුවන් කෙරෙහි කිසිදු අවදානයක් යොමු නොකර ජනතාව මත තවත් පීඩණය පටවන බව පැහැදිලි වී තිබේ.

https://lankanewsnetwork.org/archives/29424
Top