Breaking
24 Feb 2025, Mon

ජනතා මුදල් ගසාකන Blue Mountain වංචා සොයන්න පොලිස් විමර්ශන!

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties හා එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාලගේ වංචනික ක්‍රියාවන් හෙලිකිරිමත් සමග Blue Mountain Properties සමුහ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුදල් කොටි ගණනින් වංචාකර ඇති ආකාරය ජනතාව මේ වනවිට හෙළිදරවු කරමින් සිටි.ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties යනුවෙන් අප පසුගියදා කල අනාවරණයත් අදාළ සමාගම සල්ලි හුරාගත් අයෝජකයන් කල පැමිණිලිත් සම්බන්ධයෙන් මේ වන විට මුල්‍ය අපරාධ පිළිබඳව සොයා බැලිමට විශේෂ පොලිස් කණ්ඩායමකට භාරදි තිබේන බව වාර්තා වේ.

මේ අතර Blue Mountain Properties යන නමින් පමණක් පෙනි සිටි අදාල හොර සමාගම එකවරම Blue Mountain Group ලෙස පෙනි සිටිමින් මහා බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් ලෙස පෙනිසිටිමින්ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගැනිමට කටයුතු කර තිබේ.ඒ හරහා ජනතාවගෙන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය මේ වනතෙක් අනාවරණය වි නැති අතර මුදල් ලබා ගැනිමට ගිය තැන්පත්කරුවන් කිහිප දෙනෙකු මුහුණ දුන් අනපේක්ෂිත සිදුවිම් හේතුවෙන් තමන්ගේ තැන්පත් ගැන අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර නමුත් එ පිළිබඳව මේ වනතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ අතර බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම Apartments ගොඩනගන බවට බොරු බේගල් ඇද බාමින් ජනතාවගෙන් කෝටි ගණනින් මුදල් ගරා ගැනිමටද සමත්ව ඇති අතර ඒ පිළිබඳව පැමිණිලි ලැබි තිබුනද නීතිය ක්‍රියාත්මක වි තිබුනේ නෑ.

Blue Mountain Properties හා එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාලගේ වංචනික බැංකු සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණය හරහා තවත් බැංකු වංචාවක් අනාවරණය කර ගැනිමට හැකියාව ලැබි තිබේ.

ඒ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක් සෙලාන් බැංකුවට තබා මිලියන 470ක මුදලක් ලබාගෙන ඇති  අතර ඒ සදහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති අතර එම දෙපළවල වටිනාකම වෙනස් කර පෙන්වා විනීෂ් අතුකෝරාලගේ වංචනීක බැංකුකරුවන්ගේද සහය ඇතිව මෙම මුදල ලබාගෙන තිබේ. මිට අමතරව අදාළ ගණුදෙනු සදහා වත්මන් යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ගෙන්ද සහය ලබාගෙන තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

රට පුරා යළිත් පිරමීඩ ක‍්‍රම හිස ඔසවමින් ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. මෙය පිරමිඩ නොව ‘ජාල ක‍්‍රම’ ලෙසින් හඳුන්වන ජාවාරම්කරුවන් ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් පමණක් නොව භාණ්ඩ හරහා ද මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු අප මිට පෙරද වාර්තා කළා.

බේස්ට් ලයිෆ් පෙන්වා ජනතා මුදල් කොල්ලයක්! – ගවපාලක නීතිය දොයි!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.