මහා පරිමාණ දේපල සංවර්ධන හා අධි සුඛෝපභෝගී මන්දිර ඉදිකිරීමේ මුවාවෙන් රටේ රාජ්‍ය බැංකු,මුල්‍ය ආයතන මෙන්ම ජනතාවගෙන් බිලියන් ගණනින් මුදල් වංචා කර මේ වනවිට අතුරුදහන් ව සිටින බ්ලූ මවුන්ටන් සමාගමේ හිමිකරු කුප්‍රකට වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි හෙවත් “හිරාන්”නැමත්තා තමන්ගේ කොල්ල කෑම වෙනත් වටයකින් දියත් කර තිබේන බවට තොරතුරු වාර්තා වේ.

සක්විති ගණයේ ව්‍යාපාරික සමාගමක් වන Blue Mountain Properties සමාගම සිදුකරන වංචා හ දුෂණ සියල්ලම මේ වනවිට වසා ගැනිමට හිරාන් කටයුතු කරමින් සිටින්නේ ඔහුට ඉතාම සමීප කටයුතු කරන දේශපාලඥයන් කිහිප දෙනෙකු වන අතර මේ වනවිට හිරාන් තමන්ගේ පරණ හොරකම නමින්ද ගමගේ නැමත්තෙකු හරහා දියත් කරමින් සිටි.

Guardian Lands (Pvt) Ltd,Prestige Credit & Investment Pvt Ltd,Park Properties (Pvt) LTD.යන නම් වලින් ආයතන කිහිපයක්ම පවත්වාගෙන යන නමින්ද ගමගේ මෙහෙයවනු ලබන්නේ හිරාන් විසින් වන අතර එම ඉහත ආයතන සියල්ලමද බොරු මවුන්ටන් සමාගමට නොදැවිනි බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ. නමින්දගේ සහයට තවත් කිහිප දෙනෙකුම සිටින අතර ඔහුන් පිළිබඳවවද අප ඉදිරියේදි අනාවරණය කරනුයේ ජනතාවගේ සුබ සිද්ධිය සදහාමය.

නමින්ද විසින් මේ වනවිට ඉහත සමාගම සතුව විවිධ වත්කම් ඇති බව සදහන් කරමින් බැංකු සහ මුල්‍ය ආයතන හරහා මිලියන ගණනින් මුදල් වංචා කිරිම ආරම්භ කර ඇති අතර ඒ සදහා දේශපාලඥයන් කිහිප දෙනෙකුගේමද සහය ගෙන තිබේ. Blue Mountain සමාගමද තමන්ගේ වංචාව මෙහෙයවනු ලැබුවේ මේ ආකාරයටම වන අතර හිරාන් විසින් තමන් සතුව බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් හතර අතේ බැංකු වල එකම ඔප්පුවක් තබමින් මුදල් වංචා කල අයෙකි.

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්විමට යහපාලන සමයේ මෛත්‍රී ජනාධිපතිවරයාට ලංව සිටි ඒ හරහා බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සම්මානයකටද හිමිකම් කියා තිබුනා.

මෑතකාලීනව Blue Mountain සිදුකල දැවැන්තම මුල්‍ය වංචාව ….

බ්ලු මවුන්ටන් සමාගමේ සභාපතිවරයා විසින් 2017 වර්ෂයෙන් ජනවාරි 19 වනදා බම්බලපිටියේ දී ඉදිරිකිරිම් ආරම්භ කරනු ලැබූ තරු හතේ සුපිරි නිවාස සංකිර්ණය නම් කර තිබුණේ Achileion ලෙස ය.

ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ දී කොටස් දෙකක තට්ටු 50 සුපිරි නිවාස 616කින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස එය හදුන්වා දි තිබු අතර හෙළිකොප්ටර් අංගනයක් ද ගොඩ බෑමට හැකි ව්‍යාපෘතියක් ලෙස මවා පෑ එම ව්‍යාපෘතිය සදහන් කර තිබුණේ ආසියාවේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙස ය.එම ව්‍යාපෘතිය සදහා බැංකු 04කින් පමණ ණය ලබාගැනිමටද කටයුතු කර තිබුනා.

පසුව 2018 අප්‍රේල් මාසයේදී චීන ඉදිරිකිරිම් සමාගමක් සමග ඔවුන් ගිවිසුම් ගත වූයේ ව්‍යාපෘතිය පිළිබදව ජනතා විශ්වාසය තවත් තහවුරු කිරිමට ය.කෙසේ නමුත් මේ වනවිට ව්‍යාපෘතිය අත්හිටුවා ඇති අතර අදියර කිහිපයක් යටතේ මෙම සුපිරි නිවාස මිලදී ගත් ගැනුම්කරුවන්ගෙන් බ්ලු මවුන්ටන් සමාගම මුදල් අයකර ගෙන

තිබූ අතර බොහෝ දෙනෙකු වටිනාකමෙන් 50%කට වඩා මුදල් ගෙවා තිබුණි.මෙසේ ගැනුම්කරුවන් එකතු කරගෙන තිබූ මුදල දළ වශයෙන් රුපියල් බිලියන 02කට ආසන්න වේ. මේ වන විට Blue Mountain සමාගම විවිධ වංචනික ක්‍රියාවන් හරහා ගත් ණය වල සිමාව බිලියන 9 (මිලියන් 9000ක් )ඉක්මවා ගොස් තිබේ.

2019 වසරේ ජුනී මාසයේ සිරස පුවත් සේවය Blue Mountain සිදුකල දැවැන්තම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකල අනාවරණය මේ…..

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ රහස් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.විශේෂයෙන්ම ඉඩම් සහ නිවාස ව්‍යාපෘතියක් එස පවත්වාගෙන යන  Blue Mountain Properties ආයතනය මැත කාලීනව ඉතා ඉහල පොලී ප්‍රතිශතයන් ගෙවන බව පවසමින් ඉතා විශාල ගණනින් මුදල් තැන්පත්කරුවන් ගෙන් වංචනීක ලෙස ලබාගෙන තිබේ. මුදල් තැන්පත් කල 50කට අධික තැන්පත් කරුවන් පොලිස්පතිවරයාට සහ ජනාධිපතිවරයාට අහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට කරණ ලද පැමිණිලි මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ.

සාමාන්‍යයෙන් නිළලත් බැංකු හරහා සියයට 7%-8% පමණ අවම පොලී ප්‍රතිශතයක් ගෙවන බවත් තමන් 14%-15% වැනී ඉහල ප්‍රතිශතයක පොලීයක් ගෙවන බව පවසමින් තැන්පතු ලබාගෙන තිබේ.විශේෂයෙන්ම් Blue Mountain Properties සමාගමට ඉඩම් විකිණු ඉඩම් හිමිකරුවන්ගේ මුදල් මේ ආකාරයට ඉහල පොලියක් ගෙවන බව පවසමින් ඉඩම් විකීනිමෙන් ලැබෙන මුදල් වංචනීක ලෙස යලී ලබාගෙන තිබේ.

ජනතා මුදල් ගසාකන Blue Mountain වංචා සොයන්න පොලිස් විමර්ශන! ආරම්භ කර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

මේ අකාරයට  Blue Mountain Properties යන නමින් පමණක් පෙනි සිටි අදාල හොර සමාගම එකවරම Blue Mountain Group ලෙස පෙනි සිටිමින් මහා බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් ලෙස පෙනිසිටිමින්ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගැනිමට කටයුතු කර තිබේ.ඒ හරහා ජනතාවගෙන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය මේ වනතෙක් අනාවරණය වි නැති අතර මුදල් ලබා ගැනිමට ගිය තැන්පත්කරුවන් කිහිප දෙනෙකු මුහුණ දුන් අනපේක්ෂිත සිදුවිම් හේතුවෙන් තමන්ගේ තැන්පත් ගැන අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ.

Blue Mountain හොරු  ගැන කල අනාවරණ – ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties 

Blue Mountain සභාපතිගේ කැරැට්ටුව මාට්ටු කියවන්න

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ  තවත් තොරතුරු වංචනීක ක්‍රියාවන්ට හසුවු ජනතාව අප වෙත එවා තිබේ.  බ්ලු මවුන්ටන් සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතාද වංචනික අධ්‍යක්ෂක විනේෂ් අතුකෝරාලාට  දෙවැනි නැති බව දැන් තහවුරු වි තිබේ.

Blue Mountain Properties සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මානසිකව යම් අපහසුතාවයක් සහිතව ජිවත් වන අයෙකු වන අතර  තමන්ගේ ආයතනයේ වංචනික ක්‍රියාවන් සදහා හිරාන්ගේ සමිප මිත්‍රයෙකු වන ලංකාවේ ප්‍රසිද්ධ නායකත්ව පුහුණුකරුවෙකු වන දිනේෂ් නැමැත්තා පාවිච්චි කර ප්‍රසිද්ධ ඉඩම් වෙළඳ සමාගමක් වන Prime Lands (Pvt) Ltd සමාගම සතු customer database හොරකම් කර දෙන ලෙසට ඉල්ලිමක් කර තිබේ.

අදාළ නායකත්ව පුහුණුකරු දිනේෂ්ද හිරාන්ගෙ මෙන්ම Prime Lands සමාගමේ ප්‍රධානියාගේද සමිපත්ම මිතුරෙකි.customer database හොරකම් කර දෙන්නේ නම් ඒ සදහා මුදල් ලබාදිමට හැකිබව හිරාන් පවසා තිබේ.පසුව හිරාන්ගේ එම ඉල්ලිම දිනේෂ් ඉවත දමා ඇති අතර පසුව ඉතාමත් නරක අකාරයට මුදල් භාවිතාකරමින්   Blue Mountain Properties සභාපති වෛද්‍ය හිරාන් දිනේෂ්ට මඩ ගැසිම ආරම්භ කර තිබේ. ඉඩම් ලබාගැනිමේ අසිමාන්තික ආශාවෙන් පෙලෙන හිරාන් තමන්ට ඉඩම් ලබා ගැනිම සදහා අල්ලස් දිමට දෙවරක් නොසිතන අතර අල්ලස් දි ඉඩම් ගත් අවස්ථා රැසක් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය වි තිබේ.විශේෂයෙන්ම කුනු කොල්ලයට ජනතාව රවටා ගන්නා ඉඩම් සුද්දන්ට ඉතා ඉහල මිලකට විකිණීමට කටයුතු කරනුයේ ඒ සදහා හොර ලිපි ලේඛනද සකස් කරමිය.

මිට අමතරව අසීමාන්තිකව ගැහැණුන් පසුපස දුවන හිරාන් තමන් තවමත් තරුණ නිසා තමන්ට පාසල් යන වයසේ කෙල්ලන් ගොඩක් කැමති බව නිරන්තර පවසන අයෙකි.ඒ නිසාම බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමේ සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපනික කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දරුවන්ගේ චිත්‍ර ඇදීමේ හැකියාව වර්ධනය සඳහා චිත්‍ර තරඟාවලියක් පවත්වා ඔවුන්ගේ කුසලතා අනුව සහතික හා මුල්‍ය ආධාර ලබාදිමට කටයුතු කර ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් අල්ලා ගැනිම සදහා බවද අනාවරණය වි තිබේ.

අදාළ තරුණ ගුරුවරිය මිනුවන්ගොඩ නාලන්දා බාලික මධ්‍ය මහා විද්‍යාලයේ උගන්වන ගුරුවරියක බවද අනාවරණය වී තිබේ.

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

ජනතා මුදල් ගසාකන Blue Mountain වංචා සොයන්න පොලිස් විමර්ශන!

 

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties හා එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාලගේ වංචනික ක්‍රියාවන් හෙලිකිරිමත් සමග Blue Mountain Properties සමුහ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුදල් කොටි ගණනින් වංචාකර ඇති ආකාරය ජනතාව මේ වනවිට හෙළිදරවු කරමින් සිටි.ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties යනුවෙන් අප පසුගියදා කල අනාවරණයත් අදාළ සමාගම සල්ලි හුරාගත් අයෝජකයන් කල පැමිණිලිත් සම්බන්ධයෙන් මේ වන විට මුල්‍ය අපරාධ පිළිබඳව සොයා බැලිමට විශේෂ පොලිස් කණ්ඩායමකට භාරදි තිබේන බව වාර්තා වේ.

මේ අතර Blue Mountain Properties යන නමින් පමණක් පෙනි සිටි අදාල හොර සමාගම එකවරම Blue Mountain Group ලෙස පෙනි සිටිමින් මහා බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් ලෙස පෙනිසිටිමින්ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගැනිමට කටයුතු කර තිබේ.ඒ හරහා ජනතාවගෙන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය මේ වනතෙක් අනාවරණය වි නැති අතර මුදල් ලබා ගැනිමට ගිය තැන්පත්කරුවන් කිහිප දෙනෙකු මුහුණ දුන් අනපේක්ෂිත සිදුවිම් හේතුවෙන් තමන්ගේ තැන්පත් ගැන අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර නමුත් එ පිළිබඳව මේ වනතෙක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ අතර බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම Apartments ගොඩනගන බවට බොරු බේගල් ඇද බාමින් ජනතාවගෙන් කෝටි ගණනින් මුදල් ගරා ගැනිමටද සමත්ව ඇති අතර ඒ පිළිබඳව පැමිණිලි ලැබි තිබුනද නීතිය ක්‍රියාත්මක වි තිබුනේ නෑ.

Blue Mountain Properties හා එහි අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කරන විනීෂ් අතුකෝරාලගේ වංචනික බැංකු සබඳතාවයන් පිළිබඳව අප කල අනාවරණය හරහා තවත් බැංකු වංචාවක් අනාවරණය කර ගැනිමට හැකියාව ලැබි තිබේ.

ඒ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයක් සෙලාන් බැංකුවට තබා මිලියන 470ක මුදලක් ලබාගෙන ඇති  අතර ඒ සදහා ව්‍යාජ ලේඛන සකස් කර ඇති අතර එම දෙපළවල වටිනාකම වෙනස් කර පෙන්වා විනීෂ් අතුකෝරාලගේ වංචනීක බැංකුකරුවන්ගේද සහය ඇතිව මෙම මුදල ලබාගෙන තිබේ. මිට අමතරව අදාළ ගණුදෙනු සදහා වත්මන් යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ගෙන්ද සහය ලබාගෙන තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties

රට පුරා යළිත් පිරමීඩ ක‍්‍රම හිස ඔසවමින් ඇති බවට තොරතුරු ලැබෙමින් තිබේ. මෙය පිරමිඩ නොව ‘ජාල ක‍්‍රම’ ලෙසින් හඳුන්වන ජාවාරම්කරුවන් ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් පමණක් නොව භාණ්ඩ හරහා ද මෙම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු අප මිට පෙරද වාර්තා කළා.

බේස්ට් ලයිෆ් පෙන්වා ජනතා මුදල් කොල්ලයක්! – ගවපාලක නීතිය දොයි!

Top