Breaking
24 Feb 2025, Mon

ජනපති නේස්බි සාමිවරයාට රහසේ ස්තූති කරලා…..ජනපති බය කාටද? ස්තුතියි ලිපිය ගැන කට අරින්න එපා…විදේශ කටයුතු ලේකම්වරයා වෙනම ලිපියක් යවලා

ශ්‍රි ලංකාව එරෙහිව ප්‍රකාශ කොට ඇති අසත්‍ය යුධ අපරාධ චෝදනා අමෙරිකා එල්සත් ජනපදය හා එක්සත් රාජධානිය විසින් ඉවත් කර ගත යුතු බව බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නේස්බි සාමිවරයා පසුගියදා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රහසේම ඒ මහතාට ස්තූතිය පුදකර තිබේන බව අනාවරණය වි තිබේ.

ජනපති නේස්බි සාමිවරයාට රහසේ ස්තූති කලේ ඇයි?

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වුණු බවට එක්සත් ජාතින්ගේ සමුළු ඉදිරියේ එන යෝජනාවට ලෝක ඉතිහාසය වෙනස් කරමින් අපේ රටේම විදේශ ඇමති සමඅනුග්‍රාහකයත්වය දැක්වූවා.  එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වන එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයා පසුගිය ඔක්තෝම්බර් 11 දින ලංකාවේ යුද අපරාධ සිදු නොවුණු බවට කරුණු දක්වමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමිමණ්ඩලයේදී  කතාවක් කළා.  ලංකාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ස්තූති කරලා ජනාධිපතිතුමා නේස්බි සාමිවරයාට ලිපියක් යවනවා.  ඒක අපි අගය කළ යුතු දෙයක්.  නමුත් නේස්බි සාමිවරයාව සමස්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනපති ස්තූති කළ බව එංගලන්තය දන්නෙත් නෑ.  ලංකාව දන්නෙත් නෑ.  එ් ඇයි?

ස්තූතිය රහසිගත සිදුවීමක් බවට පත් කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා.  ජනපතිගේ ලිපිය සමග විදේශ අමාත්‍යාංශ ලේකම්ගේ ලිපියක් ද එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරියට යවනවා.  මේ තිබෙන්නේ 2017.11.08 දින දරණ ඒ ලිපිය.  ඒ ලිපියේ ඉතා වැදගත් උපදෙස් දෙකක් දෙනවා.  පළමු දේ තමයි ඔබතුමියම මේ ලිපිය පෞද්ගලිකව ගිහින් භාර දෙන්න.  දෙවන උපදෙස තමයි මේ ලිපිය ලංකාවේ වත් එක්සත් රාජධානියේ වත් මාධ්‍ය වලට දෙන්න එපා. මේක දේව රහසක් වගේ රැක ගන්න.

නේස්බි සාමිවරයාට ලංකාව ස්තූති කළ බව ලෝකයෙන් වසං කරන්නේ ඇයි?  කාට බයෙන් ද? ඇමතිවරයෙකු ජනපතිට බයෙන් ලිපියක් සඟවන්න පුළුවන්.  ජනපතිගේ මතය, රටේ මතය ප්‍රකාශ කරන්න බය වෙන්න ඕනේ කාටද? මෙරටේ රාජ්‍ය නායකයා මෙරට වෙනුවෙන් හඩ නැගු නේස්බි සාමිවරයාට තමන්ගේත් තම ජාතියේත්   ප්‍රණාමය  පුදකරන ලිපිය සගවා තබන්නේ කාට බයෙන්ද?  පිළිතුර දෙමළ බෙදුම්වාදින්ට.  දෙමළ බෙදුම්වාදින්ගේ බලපෑමට තමයි යුද සමයේ 40,000ක් සාමාන්‍ය ජනතාව මරා දැමුවා කියන එක ලංකාවේ ආණ්ඩුව  පිලි ගත්තේ. එහෙම වුණේ නෑ කියලා ලංකාව වෙනුවෙන් පෙනී සිටින නේස්බි සාමිවරයාට ප්‍රසිද්ධියේ ස්තූති කරන්න බයයි කොටියා තරහා වේවි කියලා.  බෙදුම්වාදින්ගේ සහයෙන් බලයට පැමිණි ආණ්ඩුවකට මෙහෙම නිවටව හැසිරෙන්න සිදු වෙනවා.  කුම්බලාවෝ කෑවා නම් විඳවාපන් බළලෝ කියන්නේ මෙන්න මේකට තමයි.

අපට තිබෙන්නේ සරල ප්‍රශ්නයක්.  ජනපතිතුමන් නේස්බි සාමිවරයාට යැවු එම ස්තූතිය රහසිගත ලියැවිල්ලක් වුණේ එතුමන් දැනුම්වත්වද? මේ කාරණය ලෙහෙසියෙන් අත්හැරිය යුතු නෑ. මේ රට පාලනය කරන්නේ කොටි සංවිධානයයි කියන එකට මීටත් වඩා ලිඛිත සාක්ෂියක් අවශ්‍ය නෑ.

2017. 12. 11 දින පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.