LNN SPY

Update:පෙත්සම විසිවෙයි… 19ට එරෙහි සිරිසේනගේ ආත්මගත වෛරය මෙන්න……..!

Update ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම අද 4 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.ඒ අදාල පෙත්සම වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටිම හේතුවෙනි.

Oct 4, 2019  –ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවන්න දින හතරක පමණ කාලයක් තිබියදි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පට හැනි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (03) වෙනිදා ඉදිරිපත් වූ පෙත්සම හේතුවෙන් ජනාධිපතිවණයට නාම යෝජනා කැදවීම අතුරු තහනම් නියෝගයක් නිකුත් විය හැකි බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.

ගාල්ල නගර සභාවේ හිටපු සභාපති මෙත්සිරි ද සිල්වා ඊයේ මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පවසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධූර කාලයට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑමක් නොමැති හෙයින් හය අවුරුදු ධූරකාලයකට පත් ජනාධිපතිවරයාගේ කාලය අවසන් වීමට ප්‍රථමව අවුරුදු 05 කින් ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බවයි.

එම හේතුවෙන් ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත්, ඔක්තෝබර් 07 වෙනිදා එනම් ලබන සඳුදා දින සිට ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ නීති විශාරදයින් පෙන්වා දෙන්නේ එම පෙත්සම අද දිනය තුළ විභාගයට ගැනීමට බොහෝ විට ඉඩ ඇති බවයි. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හෝ රටේ හදිසි තත්ත්වයක් නිර්මාණය වී ඇති අවස්ථාවක හෝ කඩිනම් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රේෂ්ඨාධිකරණය සතු වන බැවිනි. එසේ වුවහොත් පෙත්සමට අදාළ කරුණු පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බවත් පෙත්සමින් දක්වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්තේ නම් ජනාධිපතිවරණය කැඳවන ගැසට් නිවේදනය අවලංගු කිරීමට හා අවසන් තීන්දුව දෙන තුරු නාම යෝජනා කැඳවීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඇත.

මෙවන් තත්ත්වයක් පිළිබඳව මෑතකාලීන හොදම උදාහරණය දින 52 දේශපාලන කුමන්ත්‍රණය තුළ දක්නට හැකි අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ගොනු කළ පෙත්සම සලකා බලා තීරණයක් ලබා දෙන තුරු නාමයෝජනා කැදවීමට දිනයක් තිබියදි නාමයෝජනා කැඳවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළා.

එලෙසම ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීම ආරම්භ වීමට ඇත්තේ තව පැය 72 කට අඩු කාලයකි. එම කාලය තුළ ජනාධිපතිවරණය කැඳවීම නීත්‍යානුකූල නොවන බව කුඩා හෝ සැකයක් නීතිමය වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති වුවහොත් අතුරු තහනම් නියෝගය අනිවාර්යයෙන්ම පැනවිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය සමඟ රටේ දේශපාලන වාතාවරණය උඩුයටිකුරු වීමේ හැකියාවක් පවතින බව විශ්ලේෂණය කරමින් පෙන්වා දියහැකිය.

අප මින් පෙර අනාවරණය කොට ඇති පරිදි මේ වන විටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදි ජනාධිපතිවරයාගේ ධූරකාලය දීර්ඝ කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

මීට අමතරව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද හොර රහසේ ජනාධිපති හමු වී සාකච්ඡා කළ බවද අප වාර්තා කළා. අවසන්වරට බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදි අලුතෙන් පත්වන ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර 19 වෙනි සංශෝධනය අනුව ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හෝ මේ රටේ ජනාධිපති වූවද වඩා බලවත් වන්නේ අගමැතිවරයා බැවින් ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

එසේම මෙතෙක් කල් ජනාධිපතිවරයා සතුව පැවති ආරක්ෂක අමාත්‍යංශය නව ජනාධිපතිවරයා පත් වීම සමඟ පාර්ලිමේන්තුව යටතට පැමිණෙන බැවින් එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන සුළු ජාතික පක්ෂ විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය වැනි දේශපාලන පක්ෂ රටේ ආරක්ෂාව මෙහෙයවීමට මැදිහත් වීම රටට එතරම් සුභ නැති බව බැසිල් රාජපක්ෂ මෙහිදි නැවත නැවතත් පෙන්වා දෙමින් සිරිසේන ජනාධිපතිවරයාට අවධාරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.

19 වෙනි සංශෝධනය කෙරෙහි ජනාධිපති සිරිසේන සතුව ඇත්තේ ආත්ම ගත වෛරයක් බැවින් බැසිල් රාජපක්ෂ විසින් දමනු ලැබූ පිදුරු එම වෛරය තව තවත් අවුලවන්නට සමත් වී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවට එරෙහිව පෙත්සමේ නිර්මාණය ඒ හරහා සිදු වී ඇති බව මනාව පැහැදිළි වන අතර යම් හෙයකින් පෙත්සම්කාර පාර්ශවයට වාසි වන අයුරින් තීන්දුව ලැබුනොතින් අප මීට පෙර ද පවසා ඇති ආකාරයෙන්ම සිරිසේන ජනාධිපතිගේ ධූරකාලය ලබන වසරේ ජූනි මාසය දක්වා දීර්ඝ වේ. එසේ වුවහොත් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වෙන අතර එම පාර්ලිමේන්තු මැතිවරණයේ දි පොහොට්ටුව අත සුසංයෝගයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට ඇප නැති කිරීමටත් ජනාධිපතිවරණය කැඳවීමට පෙර 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කෑලිවත් නැති කිරීමටත් සිරිසේන බැසිල් සතර කන් මන්ත්‍රණය තීන්දු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Top