LNN SPY

බැංකුව කාලා ඉවරයි… වරෙන් දැන් රේල්ලුව කන්න …. ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි, මහජන බැංකුවේ සභාපති රුපියල් කෝටි ගණනක ජාවාරමක… පුත්‍රයා හරහා රටේ සම්පත් අවභාවිතා කරලා… යහපාලන ආණ්ඩු හොරුත් එක්ක හෙළුවෙන්

Published on: Sep 28, 2018- මහජන බැංකුවේ (People’s Bank)සභාපති,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය පුත්‍රයාට ව්‍යාපාරයක් වෙනුවෙන් මහ බැංකුව මඟින් කළ නිර්දේශ මහජන බැංකුවේ පිළිගත් යහපාලන නීතිරීති මෙන්ම ජාත්‍යන්තර බැංකු රෙගුලාසිද කඩකරමින් උදවු කිරිමේ සිද්ධියක් අප මිට පෙර වාර්තාකල අතර සිය පුත්‍රය වන පවිත‍්‍ර ප‍්‍රනාන්දු යොදා ගනිමින් ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක් දියත් කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මහජන බැංකුවේ ජනතා මුදල් ගිලින හේමසිරිගේ තවත් සේල්ලම් එලියට… පුතාට සමාගම් මිළදි ගන්න බැංකුව උකසට තියා තාත්තා ලියුම් යවලා….(අනාවරණය පහලින් කියවන්න)

ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum,) ලෙස නාමකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක කරමින් ඇත.

කොළඹ මරදානේ දුම්රිය මූලස්ථානය අසල දුම්රිය ගබඩා අධිකාරි කාර්යාලය සතු ගොඩනැගිලි මේ සඳහා යොදාගෙන ඇත. මහජන බැංකුව සතු රුපියල් මිලියන 300 ක් වැයකරමින් නාවික හමුදා නිලධාරීන් යොදාගෙන ඉදිකිරීම් කටයුතු කරනු ලබන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන ලියාපදිංචි කරන ලද Railway Museum Gurantee Ltd සමාගම මෙම ජාවාරම කරගෙන යයි. මෙය සම්පූර්ණ වශයෙන්ම දුම්රිය අඥා පනතට පටහැනිව ලියාපදිංචි කරන ලද සමාගමකි.

මහජන බැංකුවේ මුදල් යනු මෙරට මහජනතාවගේ මුදල්ය. එනම් රජයේ මුදල්ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි හා ඉඩම් යනු රජයේ දේපලය. රජයේ මුදල් හා රජයේ දේපල යොදාගනිමින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නම යොදාගෙන රජයේ ආයතනයක් ලෙස හඟවා අදෘෂමාන දේශපාලන බලවේගයක් මගින් මෙම පෞද්ගලික සමාගම පවත්වාගෙන යන බව ඉතා පැහැදිලිය.

Railway Museum Gurantee Ltd සමාගමේ අයිතිකරු හේමසිරි ප‍්‍රනාන්දු මහතාය. එම සමාගමට අමතරව JF ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගම ද ඔහුට හා ඔහුගේ පුත‍්‍ර පවිත‍්‍ර ප‍්‍රනාන්දුට අයත් තවත් සමාගමකි. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛස්රෝයි (Viceroy) විශේෂ සුඛෝපභෝගි දුම්රිය, Viceroy – 2 විශේෂ සුඛෝපභෝගි මැදිරිය T-1-515 විශේෂ රේල් කාර් රථය ධාවනය කරවීම සඳහා කොන්ත‍්‍රාත් ගෙන ඇත්තේද මෙම න්‍ත්‍ ටුවර් ඇන්ඞ් ට‍්‍රැවල්ස් ලංකා සමාගමය. එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආශ‍්‍රිව ඇති “Rail Tours” කාර්යාලයද මොහු විසින් බදු ගෙන ඇත. මෙම කොන්ත‍්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් තුන්කෝටි පනස් ලක්‍ෂයකට අධික මුදලක් හේමසිරි ප‍්‍රනාන්දු මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා නැත. රජයේ විගණකාධිපති විසින් සිදු කරන ලද විගණන පරීක්‍ෂණයකින් අනතුරුව මෙම මහා චංචාව හෙළිකර ගැනීමට හැකි වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට එවැනි මහා මුල්‍ය වංචාවක් කළ පුද්ගලයෙකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ නම පාවිච්චි කරමින් සමාගමක් ලියාපදිංචි කිරීමටත්, රාජ්‍ය ආයතනයක නම යොදාගෙන ජාවාරමක් කිරීමටත් මේ ආණ්ඩුව ඉඩ සලසා ඇත. පාඩු ලබමින් මහජන සේවාවක් පවත්වාගෙන දුම්රිය දෙපාර්තමේන්තුවට හානි සිදුකරන මෙවැනි ජාවාරම් කාරයින්ට තවතවත් ඉඩකඩ සලසාදීම යහපාලන ආණ්ඩුවේ කාර්යභාරය වී ඇත.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක් නොගෙවා, රාජ්‍ය මුදල් අවභාවිතා කළ සිරගත කළයුතු ජාවාරම් කාරයෙකු වන හේමසිරි ප‍්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත්කර ගැනීමත් යහපාලන ආණ්ඩු හොරුත් එක්ක හෙළුවෙන් සිටගෙන සිටන බව සනාථවීම කිරීමට තවත් උදාහරන අවශ්‍ය නැත. මේයින් පෙනී යන්නේ මහජන ආයතනයක් වන දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කිරීම සඳහා පිඹුරුපත් සකස්කරන බවකි. පාලක මණ්ඩල පත්කර දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමට කටයුතු කරන්නේ ද මෙම ජාවාරම් කාරයින් හා ඒ සඳහා ඔහුන්ට ඉඩකඩ සලසන දේශපාලන බලවෙග බවද ඉතා පැහැදිලිය.

http://198.211.112.164/archives/19134

Top