Breaking
23 Feb 2025, Sun

ජාතිවාදයෙන් ජනතාව අන්දා හිරු ගහන ගේම් මෙන්න…… ජනතාවගේ ජීවිත බිල්ලට ගෙන කොරෝනා බෝ කරන හිරු…… බයිලා කියන නාලිකා ගැන ජනතාව අවදියෙන්!

Published on: Apr 7, 2020 – සෑම වසරකම බක්මහේ මහා මෞලි මංගල්‍යය  ලෙස දක්වමින් වැඩසටහන් නිෂ්පාදකවරයාගේ සිට නාලිකා හිමිකරු දක්වා සිය කාමුක ආශාවන් සන්තර්පනය කර ගැනීමට පාර කපා ගන්නා හිරු අවුරුදු කුමරා/ කුමරිය වැඩ සටහනේ අවසන් රූගත කිරීම මේ වන විට බත්තරමුල්ල පැලවත්ත නාගහමුල්ල පාර ඉදිරිපිට පිහිටා ඇති හිරු ස්ටුඩියෝවේ පටිගත කරමින් පවතිනවා.

රටේ කොරෝනා අවදානම මත කොළඹ නගරය දින නියමක් නොමැතිව වසා තිබියදි හිරු නාලිකාව මෙවැනි වගකීම් විරහිත සෞඛ්‍ය සදාචාර විරෝධි කාර්යයක් සිදුකරන්නේ කවර පදනමින්ද යන්න ගැටලු සහගතය. සිය සමාජ මාධ්‍ය ජාලා හරහා #stay home යටතේ විවිධ පෝස්ට් දමන මෙම මාධ්‍ය ජාලය මෙවැනි පටු ක්‍රියාමාර්ග හරහා   අවදානමේ දමන්නේ මේ රටේ ජනතාවගේ අහිංසක ජීවිත බවත් දැන් දැන් පැහැදිලිය.

අදාළ වැඩසටහනේ අවසන් පූර්ව වටයට තේරුණු තරුණ ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් 30 කට අධික  පිරිසක් සිය දෙමාපියන් සමඟ රටේ විවිධ ප්‍රදේශ වලින් හිරු මාධ්‍ය සලකුණ සහිත වාහන වලින් ඊයේ කොළඹ බත්තරමුල්ල හිරු ස්ටුඩියෝව වෙත ගෙන්වා ඇති අතර එම පිරිස 100කට අධික බවයි වාර්තා වන්නේ. අවසන් පෙරහුරුව අවසන් වීමත් සමඟ ඊයේ රාත්‍රිය ගත කිරීමට ඔවුන්ගේ ඥාති නිවෙස් හෝ දැන හැදුනුම්කම් ඇති නිවෙස් වෙත යන ලෙස වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම මෙම අවුරුදු කුමර කුමරියන් පිරිසට හා ඔවුන්ගේ දෙමව්පියන් වෙත දැනුම් දී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ බලපැවැත්වෙන ඇඳීරි නීතිය හේතුවෙන් එම නිවෙස් වෙත ප්‍රවාහන කටයුතු සිදු කිරීමද නැවතත් හිරු මාධ්‍ය සලකුණ සහිත රථ වාහන මගින් සිදු කර ඇත.

නැවතත් එම පිරිස අද උදෑසන බත්තරමුල්ල වෙත කැඳවා ගෙන පැමිණ ඇති අතර  අවුරුදු කුමරුන්ගේ අවසන් වටයට පෙර කුමරියන්ගේ අවසන් වැඩ සටහනේ රූගත කිරීම මේ වන විට බත්තරමුල්ලේ දි පැවැත්වේ. මෙම වැඩසටහන වෙත සිය ප්‍රේෂ්කයන් ඈඳා ගැනීම සඳහා ඊයේ (06) හිරු අවුරුදු කුමර කුමරියන්ගේ මූලික තරග වට වල පටිගත කල වැඩසටහන් ප්‍රචාරණය කරනු ලැබීය.

රටේ සෞඛ්‍ය තත්ත්වයක් උද්ගත වීම නිසා එදා වේල හම්බ කරගන්නා මේ රටේ දුගි දුප්පත් ජනතාවට සිය දරු පවුල සමඟ උලා කන තත්ත්වයට පත් කරමින් රටම වසා තිබෙන අවස්ථාවක රෙනෝ කුඩු සල්ලි වලට කොරෝනා වැලදෙන්නේ නැතිදැයි රටේ බලධාරීන් සියලු දෙනාගෙන් ඇසීමට කැමතිය.

ඕනෑම හදිසි අවස්ථාවක රටේ ඕනෑම තැනකට බාධාවකින් තොරව ගමන් කිරීමට මාධ්‍යයට ඇති අයිතිය අවභාවිතා කරමින් රටේ විවිධ තැන් වලින් මිනිසුන් රැස් කිරීම හා ඔවුන් නැවතත් අධි අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නතර කිරීම කොරෝනා නීති සහ ඇඳීරි නීති උල්ලංඝනය කිරීමක් නොවේද?

මේ පිරිස කොළඹ නගරයේ නතර වූ ප්‍රදේශ පිළිබඳව අවබෝධයක් තිබේද? කොරෝනා  පැතිරීම සීමා කිරීම සදහා කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශ වල මෙම පිරිස නතර නොවු බවට ඇති සහතිකය කුමක් ද? සමාජ දුරස්ථභාවය මෙහිදි ආරක්ෂා කොට ඇත්ද? රටේ නීතිය අනුව මෙවැනි ජඩ මාධ්‍ය ක්‍රියාවක් සිදු කිරීමට හැකිද? බලධාරීන් සියලු දෙනා මෙයට පිළිතුරු දිය යුතුය.

බෙහෙත් ගන්න, කන්න යමක් හොයන්න, බඩුවක් මුට්ටුවක් ගන්න ඇදීරි නීතිය උල්ලංඝනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දි පැයෙන් පැයට එම පිරිස ගණනය කොට සිය ප්‍රධාන පුවත් ප්‍රකාශ වලදි පෙන්වා දෙමින්, කොරෝනා වලට ජාතිවාදී මුහුණුවරක් ආරෝපණය කරමින් සිය තූච්ඡ මාධ්‍ය භාවිතය රටට පෙන්වන හිරු නාලිකා ලොක්කන්ගේ මනදොළ පිනවීමට කජු කිරි කෙල්ලන් සෙවීමට රටම අනතුරේ දැමීමට එරෙහි විය යුතු නොවේද?

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.