LNN SPY

ඩග්ලස් උතුරේ යකා නටයි…. වැලි ව්‍යාපාරිකයන් පන්නා දමයි… සිංහල ව්‍යාපාරිකයන් රැසක් එළවා දමයි…. ආයුධ සන්නද්ධ 20ක් සමග ඩග්ලස් වැලි ජාවාරමක….

Published on: Dec 16, 2019- දෙමළ ජනතා විරෝධි ගෝඨාගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය EPDP නායක ඩග්ලස් දේවානන්ද නීති විරෝධී වැලි කැණීම සියතට ගෙන ඇති අතර මේ දක්වා උතුරේ ප්‍රදේශ කිහිපයක වැලි කැණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ව්‍යාපාරිකයින් බියවද්දා ඔහුන්ගේ දේපළ වලටද අලාභහානි කර තිබේන බව අප උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සිය වැලි මාෆියාව මෙහෙයවිම සදහා ආයුධ සන්නද්ධ 20 දෙනෙකුගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමක්ද අමාත්‍යවරය විසින් මෙහෙයවනු ලබන අතර ඔහුන් විසින් උතුරේ වැලි කැණිමේ ව්‍යාපාරය සිදුකල සිංහල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එම ප්‍රදේශ වලින් එළවා දැමිමටද කටයුතු කර තිබේ.

නැඟෙනහිර වඩමරාඩ්චි හි තෙන්මරාඩ්චි සහ යාපනයේ දූපතක් වන වේලානායි හි යන ප්‍රදේශ වල ව්‍යාපාරිකයන්ගේ දේපළ සියල්ලම ගිණී තබා විනාශ කර ඇති අතර තසායාඩි සිට වඩ්මරාඩ්චි නැගෙනහිර නාකර්-කොයිල් දක්වාත්, චාවේකාච්-චෙරි, තානන්කිලාප්පු, කෙරුඩාවිල්, කච්චේ සහ කේට්පාලි යන තේමාරද්ලාහිත් දක්වාත් ජාවාරම දැන් දියත් වෙමින් තිබේ.

අසරණ වු ජනතාව සහ සේවකයින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට, පොයින්ට්-පේද්‍රෝ හි ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා පියවර ගෙන නැති අතර පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනිම පවා සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර වඩමරාඩ්චි හි පුද්ගලයින් දෙදෙනෙකු සහ වාහන අල්ලා පොලිසියට භාර දී දුන්නද පසුව රහසේම ඔහුන් නිදහස් කර යව තිබේ.

Top