LNN SPY

ඩග්ලස් දේවානන්දට උතුරේදි ඉදල් පහරක්!.. පැහැරගැනීමට ලක්වු දරුවන්ගේ දෙමාපියන්ටත් තර්ජන… දේවානන්දගේ පැරාමිලිටරි කණ්ඩාය මෙහෙයවන්නේ සිංහල හමුදාව!

Published on: Jan 3, 2020- චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පාලන සමයේදී යාපනයේ සිදු වූ පැහැරගැනීම් සදහා සaජුවම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඊපීඩීපී පක්ෂය වගකිව යුතු බවත් මේ වනවිට යලිත් රාජපක්ෂලාගේ සුරතලෙකු වි සිටින දේවානන්ද ආයුධ සන්නද්ධ කණ්ඩායම් සමග ජනතාව භීතියට පත්කිරිමට කටයුතු කරමින් සිටින බවටද චොදනා එල්ල වෙනවා.දේවානන්දගේ පැරාමිලිටරි කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සිංහල හමුදාව විසින් බවටද චොදනා එල්ල වුනා.

බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ලක්වූ පුද්ගලයින්ගේ පවුල් පසුගියදා කිලිනොච්චි සහ වවුනියා වලදි උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලුන අතර තමන්ගේ අඛණ්ඩ විරෝධතා නතර කිරිමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් බියවැද්දීමට කටයුතු කරන බවද ඔහුන් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවේ රහසිගත රැඳවුම් කඳවුරුවල අතුරුදහන් වූවන් සිටින බව තමන් විශ්වාසය කරන බවත් එම පැහැර ගැනිම් සියල්ලම පසුපස වත්මන් ගෝඨාභය රාජපක්ෂ සිටින බවයි ඔහු පෙන්ව දෙන්නේ.

එල්ටීටීඊයේ හිටපු සාමාජිකයින් සිය ගණනක් පවුල් විසින් ශ්‍රී ලංකා හමුදාවට භාර දුන්නද ඔවුන් නැවත පැමිණියේ නැති බවයි ඔහුන් පෙන්වා දෙන්නේ. විරෝධතාව අතරතුර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඡායාරූපයකට කාන්තාවන් විසින් ඉදල් පහරවල් එල්ල කලේ මේ අයුරින්…

දෙමළ ජනතා විරෝධි ගෝඨාගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය EPDP නායක ඩග්ලස් දේවානන්ද නීති විරෝධී වැලි කැණීම සියතට ගෙන ඇති අතර මේ දක්වා උතුරේ ප්‍රදේශ කිහිපයක වැලි කැණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ව්‍යාපාරිකයින් බියවද්දා ඔහුන්ගේ දේපළ වලටද අලාභහානි කර තිබේන බව අප උතුරේ දේශපාලන වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.

http://lankanewsnetwork.org/archives/22024

Top